මූල්‍ය අවශ්‍යතා
 

ඕනෑම ව්‍යාපාරයක ඉතා වැදගත් එමෙන්ම ආයතනයේ සැම කොටසක්ම සම්බන්ධ කරනු ලබන්නේ මූල්‍ය මගිනි. මුදල් භාවිතය පිළිබද ගනු ලබන තීරණ මුල්‍යය ලෙස කෙටියෙන් හැදින්විය හැකිය. මූල්‍ය පිළිබද තිරණ ගන්නන් මුල්‍ය කළමනාකරුවෝ ලෙස හැදින්වේ. මූල්‍ය කළමනාකර්වන්ගේ සාම්ප්‍රදායික කාර්යභාර්ය වුයේ,


නිවැරදි වාර්තා තැබීම
මුල්‍ය වාර්තා පිළියෙල කිරිම
ආයතනය සතු ම්දල් සම්පත කළමනාකරණය, වේ.


එහෙත් අද ව්‍යාපාර අ‍ායතනයේ මුල්‍ය හා බැදි ඇති කටයුතු කළමනාකරණය ඔවුන්ට පැවරි තිබේ. ඒ අනුව මුල්‍ය කළමනාකරණයේ මූලික අරමුණ වනුයේ, ව්‍යාපාර අයිතිකරුවන්ගේ ව්‍යාපාරය හා සබැදි අගය (ධනය) උපරිම වන අයුරින්:


1. අවශ්‍ය මුදල් අත්පත් කර ගැනීම -Acquiring Funds Needed


2. අරමුදල් විවිධ ව්‍යාපෘතිවල යෙදවිමත්ය. -Directing Funds into Projects


“ව්‍යාපාරයේ අයිතිකරුවන්ගේ ව්‍යාපාර හා සබැදි අගය උපරිම ‍කිරිම”


“Maximize the Value of the Firm for Its Owners”


යන්නෙහි අදහස මිලකල සමාගමක් සම්බන්ධයෙන් නම් එහි කොටස්වල වටිනාකම (මිල) ඉහලයාමයි. Maxim icing Shareholders Wealth සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක් සම්බන්ධයෙන් නම්, ව්‍යාපාර විකිණීමේදි ලබාගත හැකි වටිනාකම ඉහළයාමයි.


ව්‍යාපාර මුල්‍යයෙදි පහත සදහන් අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ.
ව්‍යාපාරය අත්පත් කරගත යුතු වත්කම්
වත්කම් අත්පත් කරගැනිම මුල්‍යනය කිරිම


උදා:- වත්කම් පිරිවැය හා මුල්‍ය මාර්ග


ව්‍යාපාර කටයුතු මුල්‍යනය කිරිමට ඉතාමත් යෝග්‍ය අරමුදල් මාර්ග මිශ්‍රය


උදා:-ප්‍රශස්ත ප්‍රාගිධනය ව්‍යුහය


ව්‍යාපාරයේ ලාභ බෙදාහැරිම
උදා:- ලාභාංශ ප්‍රතිපත්තින්


ප්‍රමාණවත් මුදල් රදවා ගැනිම
උදා:- කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සදහා


ණය දීමේ ප්‍රතිපත්තිය
උදා:- කවර ගනුදෙනුකරුවන්ට ණය දිය යුතුද යන්න රදවා ගතයුතු තොග


ඉහත කරුණු ආශ්‍රිතව මුල්‍ය කළමනාකරුගේ කාර්යභාරය පහත දැක්වෙන ලෙස කොටස් කළ හැකිය.



  1. ආයෝජකයින්ගේ අරමුදල් ලබා ගැනිම
  2. අගය වැඩිවෙන ව්‍යාපෘතිවල අරමුදල් ආයෝජනය කිරිම
  3. ව්‍යාපාර ක්‍රියාවලිය තුලින් ඉපයෙන අරමුදල් කළමනාකරණය
  4. ආයෝජකයන්ට අරමුදල් ආපසු ගෙවිම
  5. නව ව්‍යාපාතිවල අරමුදල් ප්‍රතියෝජනය කිරිම

මෙම කාර්යයන් සබැදි මුල්‍ය කළමනාකරණ තිරණ මුලික වශයෙන් වර්ග 2 කට බෙදිය හැකිය.


අ). ආයෝජන තිරණ -Investment Decision


ආ). මූල්‍යන තිරණ -Financing Decision


ආයෝජන තිරණ යනු ව්‍යාපාරය සතුකර ගතයුතු ජංගම වත්කම් ආශ්‍රිත තිරණයි.


උදා:- මුදල්, කෙටිකාලින සුරුකුම්පත්, ලැබිය යුතු ණය, තොග යනාදි ජංගම වත්කම් වල කළයුතු ආයෝජනය හා ස්පෘශ්‍ය ස්ථාවර වත්කම් (ඉඩම්, ගොඩනැගිලි, රථවාහන ආදී) හා අස්පෘශ්‍ය ස්ථාවර වත්කම් (බැද්ම්කර වැනි දිගුකාලීන ආයෝජන) වැනි ස්ථාවර වත්කම්වල කලයුතු ආයෝජන ආශ්‍රිත තිරණයි.


මුල්‍යන තිරණ යනු ජංගම වගකිම් (උදා:- ගෙවිය යුතු ණය) දිගුකාලින වගකිම්, (උදා:- සාමාන්‍ය කොටස්, ඉපයුම් රදවා ගැනිම) ආශ්‍රිත තිරණයි. මෙම දෙවර්ගය පහත සටහනින් පැහැදිලි කෙරේ.


ඉහත සටහනට අනුව ආයෝජන තිරණ වලට අදාල ප්‍රධාන කොටස් දෙක වනුයේ ජංගම වත්කම්වල ආයෝජනයයි. එම ආයෝජන මුල්‍යනය වනුයේ ජංගම වගකිම් හා දිගුකාලින වගකිම්වලිනි. ජංගම වත්කම්වල ආයෝජනය කාරක ප්‍රාග්ධන ආයෝජනය (Working Capital) ලෙසද හැදින්වේ. ජංගම වත්කම් හා ජංගම වගකිම් අතර වෙනස ශුද්ධ කාරක ප්‍රාග්ධනයයි. ආයෝජන තිරණ හා මුල්‍යනය තිරණ ප්‍රෂස්ත ලෙස සිදුවුවහොත් ව්‍යාපාර මුල්‍යයේ ප්‍රධාන අරම්ණ වු ව්‍යාපාර හිමිකරුවන්ගේ ධනය උපරිම කිරිමේ සංකල්පය සාක්ෂාත් වනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017