ව්‍යාපාර ආයතනයක් සිය ගණුදෙනුකරුවන් සමග සන්නිවේදනය කිරිම පිළිබදව වු දෘෂ්ටිය අද නව මුහුණුවරක් ගෙන ඇත. ව්‍යාපාරිකයා හා ගණුදෙනුකරු අතර අද පවත්නේ අන්තර් සන්නිවේදනයකි. (Intractive Dialogue)
එම අන්තර් සන්නිවේදනය,
විකිණීමට පෙර Preselling
විකිණීම Selling
පාරිභෝජනය Consuming
පශ්චාත් පරිභෝජනය Postconsuming
යන අදියර හතරේදීම සිදු වේ.
අද ව්‍යාපාර උත්සාහ කරනුයේ,
පාරිභෝගිකයා වෙත ලගාවිමට පමණක් නොව, ව්‍යාපාරිකයා වෙත පාරිභෝගිකයා ලගාවන්නේ කෙසේද ? යන දෙඅංශයම කෙරෙහිය.
මෙම අන්තර් සන්නිවේදනය සදහා,
පුවත්පත්, සගරා, ගුවන්විදුලිය, දුරකථන, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු වැනි ගතානුගතික මාධ්‍ය පමණක් නොව, පරිගණක, ෆැක්ස් යන්ත්‍ර, ජංගම දුරකථන, පේජර්ස් (Pagers) රැහැන් රහිත උපකරණ වැනි නවින මාධ්‍යන්ද වේ.
සන්නිවේදන මිශ්‍රයේ ඒ ඒ උපාංග යටතේ භාවිතා කෙරෙන විවිධාකාර උපකරණ පහත සටහනින් පෙන්නුම් කරයි.
සන්නිවේදන මිශ්‍රයේ උපකරණ
ප්‍රචාරණය | විකුණුම් ප්‍රවර්ධනය | මහජන සම්බන්ධතා | පෞ. විකුණුම් | සෘජු අලෙවිකරණය |
මුද්‍රිත ප්‍රචාරණ දැන්විම්, ගුවන් විදුලි දැන්විම්, රූපවාහිනි දැන්විම්, ඇසුරුම්, චලන රූප, විස්තර පත්‍රිකා, වාර ප්‍රකාශන දැන්විම් පුවරු, සංඥා, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ, සංකේත, වීඩියෝ ටේප් | තරග හා ක්‍රිඩා ලොතරැයිය වාරික හා ත්‍යාග සාම්පල් සල්පිල් හා ප්‍රදර්ශන විදහාපෑම්, කුපන් ආපසු දෙන දිමනා, වෙළෙද වට්ටම් හා දිමනා සංදර්ශන | මාධ්‍ය හමුව දේශන සම්මන්ත්‍රණ වාර්ෂික වාර්තා පුණ්‍යාධාර අනුග්‍රහකත්ව ප්‍රකාශන ව්‍යාපාර සගරා ඉසව් | විකුණුම් ඉදිරිපත් කිරිම් විකුණුම් රැස්වීම් දිරි දිමේ වැඩසටහන් සාම්පල් වෙළෙද සල්පිල් හා ප්‍රදර්ශන | කැටලොග් තැපැල ටෙලිමාර්කටින් විද්‍යුත් සාප්පු යෑම්ල |