අතරමැදියන් යොදා නොගෙන සෘජුවම පාරිභෝගිකයාට (ගැණුම්කරුට) භාණ්ඩ / සේවා අලෙවිකිරිම. මෙහිදි තැපැල්, දුරකථන, ෆැක්ස්, විද්‍යුත් තැපෑල වැනි ක්‍රම යොදා ගනි.
අතරමැදියන්ගෙන් තොරව භාණ්ඩ හා සේවා ගණුදෙනුකරුවන් වෙත සෘජුවම බෙදාහැරිම සාජු අලෙවියයි. එහිලා යොදා ගන්නා මාර්ග කිහිපයක් පහත දැක්වේ.
සෘජු තැපෑල Direct Mail
කැටලොග් Catalogs
ටෙලි මාර්කටින් Telemarketing
රූපවාහිනි Television
වෙබ් අඩවි Web Sites
සෘජු අලෙවිකරණ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවති. ගණුදෙනුකරුවන්ගේ ඇණවුම් සෘජුවම ලබා ගනිමින් ඒවා සපුරාලීමට නිෂ්පාදකයා උනන්දු වේ.
ගණුදෙනුකරුවන්ගේ ඇණවුම් ලබාගෙන සාජුව භාණ්ඩ හ සේවා සැපයීම Direct – Order Marketing ලෙස හැදින්වේ. එමගින් ගණුදෙනුකරුවන් සමග දිගුකාලීන සම්බන්ධතා වර්ධනය කරගත හැක.
සෘජු අලෙවිකරණයේ ප්‍රතිලාභ
සෘජු අලෙවිකරණ විවිධ අයුරින් ගණුදෙනුකරුවන්ට ප්‍රතිලාභ ගෙන දේ. ගෙදර සිට මිලට ගැනිම විනෝදජනකය. පහසුදායකය. ගැටළු රහිතය. කාලය ඉතුරුවේ. විශාල ප්‍රමාණයේ භාණ්ඩ අතුරින් තෝරා ගැනිම කළ හැකිය. කැටලොග් හා අන්තර්ජාල වෙබ් අඩවි හරහා (Online Shopping) වඩා හොද හා වාසිදායි භාණ්ඩ තෝරා ගත හැක.
සෘජු අලෙවිකරණය ව්‍යාපාරිකයන්ටද ප්‍රතිලාභ ගෙනදේ. විශාල විකුණුම් සේවක පිරිසක් අවශ්‍ය නොවේ. විශාල වශයෙන් වෙළෙද ශාලා ඉඩකඩ අවශ්‍ය නොවේ. ගණුදෙනුකරුට වුවමනා අන්දමට සැපයිම කළ හැකිය. එමගින් ගණුදෙනුකරුවන් හා වඩා හොද සම්බන්ධතා ගොඩනගා ගත හැකිය. විකුණුම් පිරිවැය අඩුකර ගත හැකිය. ඉහත සියල්ල නිසා ව්‍යාපාරයේ ලාභය වැඩිවේ.
සෘජු අලෙවිකරණ උපකරණ
සෘජු තැපෑල Direct Mail
භාණ්ඩ ඇණවුම් යැවිමට, දැනුවත් කිරිමට, සිහිපත් කිරිමට සෘජු තැපෑල යොදා ගනී. බොහෝ ව්‍යාපාර සතුව ගණුදෙනුකරුවන්ගේ ලිපිනයන් සහිත වු නම් ලැයිස්තු ඇත. තොරතුරු පත්‍රිකා, ලිපි, සංයුක්ත තැටි (CD), විඩියෝ ටෙප් (Video Tapes), පරිගණක ඩිස්කට් (Diskettes) ඉලක්ක ගණුදෙනුකරුවන් වෙත තැපැල් කරයි. එසේ දැනුවත් කිරිම තුලින් ඇණවුම් ලබා ගනී.
මුහුණට මුහුණලා කරන විකුණුම් Face – to – Face Selling
මෙය පැරණිම සාජු අලෙවිකරණ ක්‍රමයකි. එය වර්තමානයේද ජනප්‍රියය. කේෂ්ත්‍ර අලෙවිකිරිම් (Field Sales) ලෙසද හදුන්වයි. විකුණුම් සේවකයින් හෝ නියෝජිතයින් සෘජුවම ගණුදෙනුකරුවන් මුණගැසි තොරතුරු සපයා ඇණවුම ලබාගනි.
කැටලොග් මගින් අලෙවිය Catalog Marketing
භාණ්ඩ පිළිබද සම්පුර්ණ විස්තර සහිතව මුද්‍රණය කළ කැටලොග් ඉලක්ක ගණුදෙනුකරුවන්ට සපයා එමගින් ඇණවුම ලබාගනි. සමහර ව්‍යාපාර වෙළෙද කැටලොග් CD, Videos, Web Sites මගින්ද ඉදිරිපත් කරයි.
ටෙලිෆොන් මගින් අලෙවිය Telemarketing
දුරකථන භාවිතා කර ඉලක්ක ගණුදෙනුකරුවන් ආකර්ශනය කරගනී. ඒ සදහා පුහුණුව ලත් විකුණුම් සහායකයින් යොදවා කරගනි. ඒ සදහා පුහුණුව ලත් විකුණුම් සහායකයින් යොදවා ගනි. ටෙලිෆොන් මගින් ඇණවුම් ලබා ගැනිම, ගණුදෙනුකරුවන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයිම වඩා හොදින් කිරිමට පුහුණු විකුණුම් සහායකයින් දක්ෂතා දක්වති.
විද්‍යුත් අලෙවිකරණය E – Marketing
සෘජු අලෙවිකරණය සදහා අන්තර්ජාලය යොදාගැනිම නවතම සංවර්ධනයකි. Internet, Extranet” Fax” E – mail වැනි විද්‍යුත් ක්‍රම මගින් ඇණවුම් ලබාගැනිම, සැපයිම වැනි කාර්යයන්ට යොදා ගනි. මෙම විද්‍යුත් ක්‍රම මගින් “Marketspace” තුල ව්‍යාපාර කටයුතු කිරිමට අවස්ථාව ලැබි තිබේ. ගණුදෙනු පහසු කිරිම සදහා e – Cash – Smarts Cards, Digital Cash වැනි විද්‍යුත් ගෙවිමේ ක්‍රම භාවිතා කෙරේ.