ආයතන හා සම්බන්ධ විවිධ පාර්ශවයන් සමග මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනිම තුළින් වාසිදායක ප්‍රසිද්ධියක් සහ හොද ආකල්ප (Good Image) වර්ධනය කර ගැනිමට ක්‍රියා කිරිම මහජන සම්බන්ධතා ලෙස හැදින්විය හැකිය. මේ සදහා රැස්විම්, සාකච්ඡා, ඉසව් වැනි ක්‍රම යොදා ගනි.
අලෙවිකරු සිය ගණුදෙනුකරුවන් සැපයුම්කරුවන් සහ වෙළෙදුන් සමග සම්බන්ධතා පවත්වා ගැනිම මෙන්ම ව්‍යාපාරය කෙරෙහි අනන්දුවක් දක්වන ජනතාව (Public) සමග නැතහොත් කණ්ඩායම් සමග සම්බන්ධතා පවත්වා ගැනිම අවශ්‍යය. දිගුකාලීනව ව්‍යාපාරයේ පැවැත්මට හා සාර්ථකත්වයට එවැනි සම්බන්ධතා උපකාරි වේ. එම සංකල්පය මහජන සම්බන්ධතා Public Relations (PR) ලෙස හදුන්වයි. මහජන සම්බන්ධතා පුළුල්කර ගැනිමට විවිධ වැඩ සටහන් යොදා ගනි. දියුණු ව්‍යාපාර මේ සදහා වෙනම දේපාර්තමේන්තුවක් ස්ථාපනය කර ඇත. PR Department එවැනි අංශයක් මගින් පහත දැක්වෙන කාර්ය ඉටුකරනු දුකිය හැකිය.
1. ප්‍රවෘත්ති සම්බන්ධතා Press Relation
විවිධ මාධ්‍යකරුවන්ට තොරතුරු ලබාදිම තුලින් ඇති කරනු ලබන සම්බන්ධතා.
2. නිෂ්පාදිත සදහා ප්‍රසිද්ධිය Product Publicity
විවිධ ඉසව් (Events) සදහා අනුග්‍රාහකත්වය ලබාදිම තුලින් භාණ්ඩ සදහා ප්‍රසිද්ධිය ලබාදිම.
3. සංයුක්ත සන්නිවේදන Corporate Communication
අභ්‍යන්තර හා බාහිර සන්නිවේදන ක්‍රම යොදා ගනිමින් ආයතනය ගැන ජනතාව දැනුවත් කිරිම.
4. කේවල් කිරිම Lobbying
රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන සමග සාකච්ඡා ඇසුරෙන් සම්බන්ධතා ගොඩ නගා ගැනිම.
5. උපදේශනය Counseling
පොදු ගැටළු සහ සමාගමේ තත්ත්වය පිළිබදව කළමනාකාරිත්වයට උපදෙස්දිම.
වර්තමානයේ බොහෝ සමාගම් මහජන සම්බන්ධතා අලෙවිකරණ මහජන සම්බන්ධතා (Marketing PR) ලෙස හැදින්විමට පෙළඹී ඇත. ඉපැරණි වකවානුවලදී මහජන සම්බන්ධතා හැදින්වුයේ ප්‍රසිද්ධිය (Publicity) යනුවෙනි. අද MRP ලෙසට විකාශනය වී ඇත. MRP පහත කාර්යයද පවරා ගෙන ඇත.
නව භාණ්ඩ හදුන්වාදිම සදහා සහයවීම.
Launching New Products
පරිනත භාණ්ඩ (Mature Product) නවීකරණයට සහාය වීම.
පිරිහෙන භාණ්ඩ (Declining Product) නැවත ගොඩනැගීමට සහායවිම.
ඉලක්ක කණ්බායම්වලට බලපෑම් කිරිම.
භාණ්ඩ පිළිබදව ඇති මහජන ගැටළු වලට මුහුණ දෙමින් ගැටළු නිරාකරණය කිරිම.
සමාගමේ ප්‍රතිරූපය (Image) ගොඩනැගීමට ක්‍රියාකිරිම.
අලෙවිකරණ මහජන සම්බන්ධතා උපකරණ MPR Tools
ප්‍රකාශන Publications
ඉලක්ක වෙළෙද පොළට ලගාවීමට සමාගම යොදා ගන්නා ප්‍රකාශන
උදා:- වාර්ෂික වාර්තා, Brochures - විස්තර පත්‍රිකා, වෙළෙද සගරා, සමාගමේ ප්‍රවෘත්ති ලිපි, ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ.
ඉසව් Event
විශේෂ ඉසව් සංවිධානය කර ඒ තුලින් සමාගමේ නිෂ්පාදන ප්‍රසිද්ධියට පත්කිරිම.
උදා:- සම්මේලන, සම්මන්ත්‍රණ, වෙළෙද ප්‍රදර්ශන හා සල්පිල්, තරග, වාර්ෂික අත්සව
අනුග්‍රහකත්ව Sponsorship
ක්‍රිඩා හා සංස්කාතික උත්සව සදහා අනුග්‍රාහකත්වය ලබාදිම තුලින් සමාගමේ නම, සන්නම, වෙළෙද ලකුණු, ප්‍රවර්ධනය කළ හැකිය.
දේශණ Speeches
වෙළෙද සමාගම්, වෙළෙද රැස්විම් හෝ ජනසන්නිවේදන මාධ්‍ය මගින් දේශන පැවැත්විම.
ප්‍රවෘත්ති News
සමාගමට වාසිදායක වන ආකාරයේ ප්‍රවෘත්ති ජනසන්නිවේදන මාධ්‍ය හරහා පළ කිරිම.
මහජන සේවා කටයුතු Public Service Activities
පොදු මහජන සේවා කටයුතු සදහා මුදල් හා කාලය වැය කිරිම තුලින් ජනතා ආකල්ප ගොඩනගා ගැනිම.
උදා:- පාසැල්, ආරෝග්‍යශාලාව, මංමාවත් ඉදිකිරිමට උදව් කිරිම.
අනන්‍යතා මාධ්‍ය Identity Media
සමාගම හදුනා ගැනිමට පහසුවන ආකාරයේ සංකේත යොදා ගැනිම.
උදා:- Logos, ලිපි ශිර්ෂ, Brochures, Signs, Business Cards, නිල ඇදුම්, Dress Codes
