විකුණුම් ප්‍රවර්ධනය
 

භාණ්ඩ හෝ සේවා විකිණීම හෝ බිලදි ගැනිම උනන්දු කිරිම සදහා ක්‍රියාත්මක කරන කෙටි කාලින දිරිගැන්විම් විකුණුම් ප්‍රවර්ධනය ලෙස හැදින්විය හැකිය. මේ සදහා කවුළු ප්‍රදර්ශන (Winddoes Display) වාරික ක්‍රම, වට්ටම්, කූපන් ක්‍රම වැනි දෑ යොදා ගනි.


විකුණුම් ප්‍රවර්ධනය විවිධාංගිකරණය වු කෙටිකාලින දිරිගැන්විමේ අපකරණ රාශියකින් යුක්ත වේ. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ඉක්මනින් මිලට ගැනිමට හෝ වැඩියෙන් මිලට ගැනිමට පාරිභෝගිකයන් හෝ වෙළෙදුන් පොළඹවාලිම මෙහි අරමුණයි.


ප්‍රචාරණයෙන් ඉදිරිපත් කරනුයේ මිලට ගැනිමට හේතුය. (Reason to Buy) විකුණුම් ප්‍රවර්ධනයෙන් ඉදිරිපත් කරනුයේ මිලට ගැනීම දිරිමත් කිරිමය. (Incentive to Buy)


විකුණුම් ප්‍රවර්ධනය තෙආකාරය.


1. පාරිභෝගික ප්‍රවර්ධනය -Consumer Promotion


පාරිභෝගිකයන් දිරිමත් කිරිම උදෙසා පහත දැක්වෙන උපකරණ බහුලව යොදා ගනි.


සාම්පල් Samples
කූපන් Coupons
මුදල් ආපසු දි Cash Refund
මිල අඩු කිරිම Price Off
වාරික මිල Premiums Prices
ත්‍යාග Rewards
වගකිම් Warranties
ප්‍රදර්ශක Point – of Purchase Display


2. වෙළෙද ප්‍රවර්ධන -Trade Promotion


තොග, සිල්ලර වැනි අතරමැදි වෙළෙදුන් භාණ්ඩ මිලදි ගැනිමට පොළඹාලීමට කරනු ලබන දිරිගැන්විම් වෙළෙද ප්‍රවර්ධනය වේ.


ප්‍රචාරණ හා ප්‍රදර්ශන දිමනා Allowances
මිල අඩුකිරිම් Price Off
නොමිලේ භාණ්ඩ ප්‍රමාණයන් දීම Free Goods


3. ව්‍යාපාර සහ විකුණුම් සේවක ප්‍රවර්ධනය -Business and Sales – Force Promotion


පොදුවේ ව්‍යාපාර ආයතන හා විකුණුම් සේවකයින් උනන්දු කරවිමට යොදා ගනු ලබන දිරිගැන්වීම් උපකරණ මෙයට ඇතුලත්ය.


උදා:-


වෙළෙද සල්පිල් හා වාර්ෂික සම්මේලන
Trade Shows and Conventions


තරග
Contests


විශේෂිත ප්‍රචාරණ
Specialty Advertising


පාරිභෝගික භාණ්ඩ අලෙවියේදි බොහෝ ව්‍යාපාර ආයතන විකුණුම් ප්‍රවර්ධනය කෙරෙහි වැඩි කැමැත්තක් දක්වනු දැකිය හැකිය. සමස්ථ ප්‍රවර්ධන අයවැයෙන් වැඩි ප්‍රතිශතයක් විකුණුම් ප්‍රවර්ධනයට වෙන්කිරිමේ ප්‍රවණතාවක් දැන් දැකිය හැකිය. සන්නම් භාණ්ඩවල වැඩිවිම, වෙළෙද පොළ තරගය වැඩිවිම, පාරිභෝගිකයා මිල ගැන වැඩි අවධානයක් යොමු කිරිම, ප්‍රචාරණ වියදම් වැඩිවීම වැනි සාධක විකුණ්‍රම් ප්‍රවර්ධන ඉහල යාමට බලපා ඇත.


විවිධ විකුණුම් ප්‍රවර්ධන උපකරණ S.P.Tools


මිල අඩුකිරීම් Price – Off


දෙන ලද කාලයක් තුළ මිලදි ගන්නා භාණ්ඩ සදහා අඩු මිලක් අය කිරීමේ උපක්‍රමයකි මෙය.
උදා:- ලකුණු කළ මිලෙන් සියයට ගණනක් අඩු කිරීම.


සාම්පල් Samples


කිසියම් භාණ්ඩයකින් සුළු ප්‍රමාණයක් සාම්පල් වශයෙන් නොමිලේ දිමේ උපක්‍රමය. සාම්පල් ගෙයින් ගෙට ගොස් හෝ වෙළෙද සැල් තුළදී හෝ වෙනත් භාණ්ඩයකට සම්බන්ධ කර හෝ ඉදිරිපත් කළ හැකිය.


කූපන් Coupons


භාණ්ඩ මිලදි ගන්නා විට ගැණුම්කරුට වටිනාකමින් සියයට ගණනක කුපන් නිකුත් කරන අතර එම කූපන් එකත් කර විකුණුම්කරුට ඉදිරිපත් කර එහි අගයට භාණ්ඩ හෝ මුදල් ලබා ගත හැකිය. මෙය මිලට ගන්නට ඉතිරි කිරිමක් ලබාදීමට සමානය.


මිල ගෙනුව -Price Packs or Two for One


භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් ගොනුකර එක් මිලක් නියම කිරිම. එවිට ඒකකයක මිල අඩුය. ඒකක මිලට භාණ්ඩ දෙකක් දීම වැනි උපක්‍රමද භාවිතා කරයි.


මුදලක් ආපසු දීම -Cash Refund


භාණ්ඩයක් මිලදි ගත් අයට ඒහි මිලෙන් යම් ප්‍රතිශතයකට සමාන මුදලක් ආපස් ගෙවිමේ අපක්‍රමයකි. භාණ්ඩය මිලට ගත්බව ඔප්පු කිරිම සදහා රිසිට් පත නිෂ්පාදකයාට ඉදිරිපත් කළ යුතු අතර නිෂ්පාදකයා අදාල මුදල එවයි.


ත්‍යාග -Gifts


එක් භාණ්ඩයක් මිලට ගත්විට වෙනත් භාණ්ඩයක් ත්‍යාග වශයෙන් නොමිලේ දිම.
උදා:- ගෘහභාණ්ඩ කට්ටලයක් මිලට ගන්නා කෙනෙකුට බිත්ති ඔශරලෝසුවක් නොමිලේ දිම.


ලොතරැයි -Sweepstakes


භාණ්ඩ මිලට ගන්නට නොමිලේ ලොතරැයි ටිකට්ස් නිකුත්කර දිණුම් ඇදිම. එහිදි තැගි වශයෙන් මුදල් - විදේශ සංචාර සදහා ගුවන් ප්‍රවේශපත්‍ර - වෙනත් භාණ්ඩ දීම සිදු කෙරේ.


නොමිලේ අත්හදා බැලිම -Free Trials


භාණ්ඩය හෝ සේවාව මිලට ගනිවි යැයි සිතිය හැකි ගණුදෙනුකරුවන්ට ඇරයුම් කොට භාණ්ඩය අත්හදා බැලිමට අවකාශ සැලසිම.
උදා:- ජංගම දුරකථනයක් සතියක් හෝ මාසයක් නොමිලේ පරිහරණයට අවස්ථා දීම.


වගකීම් -Warranties


භාණ්ඩයේ ක්‍රියාකාරිත්වය පිළිබද සහතික වීම. යම් හෙයකින් යම්කිසි දුර්වලතාවක් වේ නම් අයකළ මුදල් ආපස් ගෙවිම් හෝ අළුත් භාණ්ඩයක් දීමට විකුණුම්කරු බැදේ. වගකීමේ කාලපරිච්ඡේදයක් නියම කෙරේ.


එක්වු ප්‍රවර්ධනය -Tle – in Promotion


සන්නම් කිහිපයක භාණ්ඩ දෙකක් හෝ කිහිපයක් කණ්ඩායම් වශයෙන් එක්වී කුපන් හෝ තරග පැවැත්වීම.


මිලට ගන්නා ස්ථානයේ කරනු ලබන ප්‍රදර්ශන; -Point – of Purchase (Pop) Displays


භාණ්ඩ අලෙවිකරණ ලබන වෙළෙද ‍සැලේදී භාණ්ඩ ප්‍රදර්ශනය කර තිබීම හෝ ක්‍රියාකාරිත්වය විදහා දැක්වීම. (Demostration)


දීමනා -Allowances


නිෂ්පාදකයෙකු විසින් සිය භාණ්ඩ මිලට ගන්නා තොග, සිල්ලර වෙළෙදුන්ට දෙනු ලබන දිමනා එසේම භාණ්ඩ ප්‍රදර්ශණය, ප්‍රචාරණය වැනි කටයුතු භාරගන්නා අතරමැදි වෙළෙදුන්ටද මෙවැනි දීමනා නිෂ්පාදකයා විසින් දෙනු ලැබේ.


නොමිලේ භාණ්ඩ -Free Goods


සමහර නිෂ්පාදකයින් සිය භාණ්ඩ කිසියම් සිමාවක් ඉක්මවා මිලට ගන්නා වෙළෙදුන්ට නොමිලේ භාණ්ඩ ප්‍රමාණයක් සපයයි.
උදා:- භාණ්ඩ ඒකක 100 ක් මිලට ගත්විට ඒකක 2 ක් නොමිලේ දීම.


වෙළෙද සල්පිල් හා වෙළෙද සමුළු -Trade Shows & Conventions


මෙය ජනප්‍රිය ප්‍රවර්ධන ක්‍රමයකි. ජාත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වෙළෙද සල්පිල් හා සමුළු දැකිය හැකිය. මේවා වාර්ෂිකව පැවැත්වේ. ව්‍යාපාරිකයන්ට සිය භාණ්ඩ හෝ සේවා ප්‍රදර්ශනය සදහා වෙළෙද කුටි වෙන් කරවා ගත හැකිය. ඒවාට සහභාලි විමෙන් ඇණවුම් ලබාගැනිමටත් වෙළෙද සම්බන්ධතා ගොබනගා ගැනිමටත් අවස්ථා උදාවේ.


විකුණුම් තරග -Sales Contests


කිසියම් කාලයක් තුලදි විකුණුම් වැඩිකර ගැනිමට සේවකයන් හෝ වෙළෙදුන් උනන්දු කරවිමට මෙවැනි තරග සංවිධානය කරයි. සාර්ථක ඉලක්ක ලබාගත් වෙළෙද සේවකයන්ට ත්‍යාග හිමියි.


විශේෂිත ප්‍රචාරණ -Speciality Advertising


ඉලක්ක ගණුදෙනුකරුවන්ට ප්‍රයෝජනවත් මිල අඩු භාණ්ඩ අලෙවිකිරිම උදෙසා ප්‍රචාරණ දැන්විම් වෙළෙද සේවකයින් මගින් ඉදිරිපත් කිරිම මෙහිදි සිදුවේ. බෝල්පොයින්ට් පෑන්, කැලන්ඩර්, විදුලි පන්දම්, සංචාරක බෑග්, යතුරු රදවන (Key Chain) වැනි අයිතමයන් මෙවැනි ප්‍රචාරණයට බොහෝවිට යටත්වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017