පෞද්ගලික අලෙවිය
 

විකුණුම් වැඩිකර ගැනිමේ සහ ගණුදෙනුකරුවන් සමග සම්බන්ධතා ගොඩනගා ගැනිමේ අරමුණින් ආයතනයේ විකුණුම් සේවකයන් විසින් ප්‍රද්ගලිකව ඉදිරිපත් කරනු ලබන ප්‍රවර්ධන ක්‍රමයකි මෙය. මේ සදහා වෙළෙද ප්‍රදර්ශන සහ සල්පිල්, පෞද්ගලික ප්‍රදර්ශන බහුලව යොදා ගැනේ.


පෞද්ගලික අලෙව්ය ඉපැරණි අලෙවිකරණ උපකරණයකි. මෙහිදි විකුණුම් සේවකයන් යොදවා භාණ්ඩ විදහා දැක්විම් මගින් (Dereonstration) ඇණවුම් ලබා ගනි.


නිෂ්පාදිතයේ ස්වභාවය, ගුණාංග, විශේෂ ගති ලක්ෂණ, ක්‍රියාකාරිත්වය හා ප්‍රතිලාභ පිළිබද තොරතුරු පෞද්ගලිකවම ගණුදෙනුකරු හෝ කණ්ඩායමක් හමු වි පැහැදිලි කර භාණ්ඩ විකිණීමට අත්සාහ කිරිම පෞද්ගලික විකුණුම් ලෙස හැදින්විය හැකිය.


විකුණුම් සේවකයෝ Sales Force


අලෙවිකරණයේදි මුණ ගැසෙන විකුණුම් සේවකයින් විවිධ තනතුරු නාමවලින් හදුන්වයි.


විකුණුම් සහායක Sales People
විකුණුම් නියෝජිත Sales Representatives
විකුණුම් නියෝජිත Sales Agent
විකුණුම් උපදේශක Sales Consultant


විකුණුම් සේවකයන් පහත දැක්වෙන කාර්යයන් එකක් හෝ කිහිපයක් ඉටුකරති.


විකුණුම් අවස්ථා සොයා යාම Prospecting
ඉලක්ක සැකසිම Targeting
සන්නිවේදනය Communication
විකිණිම Selling
විවිධ සේවා සැපයිම Servicing
තොරතුරු රැස්කිරිම Infromation Gathering
භාණ්ඩ වෙන් කිරදිම Allocating


ඉහත කාර්යයන් සාර්ථකව ඉටුකිරිම සදහා විකුණුම් සේවකයන් පහත සදහන් සුදුසුකම් වලින් යුක්ත විය යුතුය.


අ). අධ්‍යාපනය (දැනුම) Education


අදාල භාණ්ඩ හෝ සේවාව සම්බන්ධවත්, වෙළෙද පොළ හා ගණුදෙනුකරුවන් සම්බන්ධවත්, තාක්ෂණය සම්බන්ධවත් හොද දැනුමක් ලැබිය යුතුය.


ආ). පුහුණුව හා පලපුරුද්ද Internship


විකුණුම් වෘත්තිය පිළිබදව පුහුණුවක් හා පරිචයක් ලබා ගත යුතුය.


ඇ). විශේෂඥතාව Specialization


විකුණන භාණ්ඩ හෝ සේවාව පිළිබද විශේෂඥතාවක් ලබා සිටිය යුතුය.


ඈ). මිත්‍රශිලීභාවය Fratenization


ආයතනයේ සේවකයන් සමග මෙන්ම බාහිර පාර්ශවයන් සමග විශේෂයෙන්ම ගණුදෙනුකරුවන් සමග සුහදව මිත්‍රව කටයුතු කළ යුතුය.


ඉ). ගණුදෙනුකරුවන්ට උදව් කිරිම Contribution


විකුණුම් සේවකයන් අවංකව හා ඕනෑකමින් ගණුදෙනුකරුවන්ට උදව් කළ යුතුය. උපදෙස් දිය යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017