ප්‍රචාරණය
 

හදුනාගත් අනුග්‍රහයෙකු විසින් අදහස්, භාණ්ඩ හෝ සේවා ප්‍රවර්ධනය කිරිම සදහා භාවිතා කරන ගෙවිමක් සහිත පෞද්ගලික ඉදිරිපත් කිරිමක් ලෙස ප්‍රචාරණය නිර්වචනය කරනු ලැබේ. මෙම නිරිවචනයෙන් අදහස් වන්නේ ප්‍රචාරණයට ගෙවිමක් කළ යුතු බවත් එය කිසියම් අනුග්‍රහයකු විසින් දරන බවත් එහි පොදුවේ සන්නිවේදනය මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් කරනු ලබන බවත්ය. ප්‍රචාරණයේදි පුවත්පත් සගරා යනාදි මුද්‍රිත මාධ්‍ය, රේඩියෝ, රූපවාහිනි වැනි විකාශන මාධ්‍ය, පොස්ටර්, බැනර් වැනි එළිමහන් මාධ්‍ය බහුලව යොදා ගැනේ.



කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලට ගැනීමෙහිලා පාරිභෝගිකයන් පෙළඹවීම සදහා යොදා ගනු ලබන සන්නිවේදන මාධ්‍යකි ප්‍රචාරණය. මේ සදහා ගෙවිමක් කළ යුතු වේ.රූපවාහිනි, ගුවන් විදුලිය, පුවත්පත්, සගරා, සෘජු තැපැල්, සංඥා, දැන්විම් පුවරු යනාදි විවිධ මාධ්‍යයන් ප්‍රචාරණය සදහා උපයෝගි කරගනී. මෙවැනි සන්නිවේදන මාධ්‍ය එකක් හෝ වැඩි ගණනක් මගින් සිය ප්‍රචාරණ ඉදිරිපත් කිරිමට ව්‍යාපාරිකයෝ උනන්දු වන්නේ පාරිභෝගික ආකර්ශනය හා අවධානය ලබා ගැනීමටයි. අඩු පිරිවැයකින් පාරිභෝගිකයින් වැඩි පිරිසක් ආවරණය කළ හැකි ප්‍රචාරණ මාධ්‍ය ව්‍යාපාරිකයාගේ තේරීමයි. දක්ෂ ව්‍යාපාරිකයා සෑමවිටම උත්සාහ කරන්ාන් භාණ්ඩ හෝ සේවා මිලට ගනිතැයි සිතිය හැකි පාරිභෝගිකයා කරා ලගාවිමට වඩාත්ම සුදුසු වඩාත්ම වාසිදායක ප්‍රචාරණ මාධ්‍ය තෝරා ගැනිමයි. රූපවාහිනි, ගුවන්විදුලි, පුවත්පත්, සගරා, දැන්විම් පත්‍රිකා වැනි සන්නිවේදන මාධ්‍ය ප්‍රචාරණය සදහා යොදා ගන්නේ ඒවා විශාල පාරිභෝගික පිරිසක් අතරට යන බැවිනි.


ප්‍රචාරණයේ මුලික ගුණාංග කිහිපයක් වේ.


1. පොදු ඉදිරිපත් කිරිමක් විම


Public Presentation


2. පැතිරිම


Pervasiveness (නැවත නැවත ප්‍රචාරණය)


3. අලංකාර ලෙස විස්තර කළ හැකිවිම


Amplified


4. අපෞද්ගලික විම


Impersonality


පුද්ගලයගේ මිලට ගැනිමේ පුරුදු වලට බලපෑම් කළ හැකි මාර්ග කවරේදැයි ප්‍රචාරකයින් දැන සිටිය යුතුය. එහිලා මනෝමය හා සමාජය උපක්‍රම උපයෝගි කර ගත යුතුවේ. විෂය අධ්‍යනය මෙන්ම පාරිභෝගික පර්යේෂණ එහිලා වැදගත්වේ. එවන් දැනුමක් හා පළපුරුද්දක් යටතේ ප්‍රචාරණ අපක්‍රම සැලසුම් කළ යුතු වේ. ප්‍රචාරණ ප්‍රධාන වශයෙන් වර්ග 4 කට බෙදා දැක්විය හැකිය.


1. තහවුරු ප්‍රචාරණය
Testimonial Ad.


2. ජිවන ශෛලි ප්‍රචාරණය
Life Style Ad.


3. විස්තරාත්මක ප්‍රචාරණය
Infromative Ad.


4. නැවත නැවත ප්‍රචාරණය
Repetitive Ad.


තහවුරු ප්‍රචාරණය


භාණ්ඩ හෝ සේවා ප්‍රචාරණ දැන්විම් සදහා සුප්‍රකට පුද්ගලයින් යොදවා ගැනිමක් මෙහිදි සිදුවේ. නිදසුනක් ලෙස සිනමා තාරකාවන්, ක්‍රිඩා තාරකාවන් වැනි ජනප්‍රිය පුද්ගලයින් භාණ්ඩ / සේවා හදුන්වා දිමටත්, ඒවායේ ප්‍රතිලාභ තහවුරු කිරිමටත් යොදා ගනිමින් කෙරෙන ප්‍රචාරණයකි මෙය. මෙවැනි ප්‍රචාරණයෙන් ූත්සාහ කරන්නේ මෙවැනි ජනප්‍රිය පුද්ගලයින් පවා භාණ්ඩය හෝ සේවාව අගයන බවත්, පරිහරණය කරන බවත්, එනිසා එය විශිෂ්ඨ භාණ්ඩයක් / සේවාවක් බවත් පාරිභෝගිකයන්ට තහවුරු කරලීමයි. පාරිභෝගිකයා තුළ භාණ්ඩය / සේවාව පිළිබද හෙද ආකල්ප හා හැගීම් ජනිත කිරිමට උත්සාහ කිරිමයි. සමහර භාණ්ඩ / සේවා ප්‍රචාරණය සදහා ප්‍රකට ආයතනවල Logo හෙවත් ලාංඡනද යොදා ගන්නා අවස්ථාද දක්නට ලැබේ.


ජීවන ශෛලි ප්‍රචාරණය


කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රද්ගල ජීවන රටාවට අත්‍යාවශ්‍ය බව තහවුරු කරන ආකාරයට ඉදිරිපත් කරන ප්‍රචාරණයකි මෙය. ඉතාමත් සුක්ෂම ලෙස පාරිභෝගිකයා ආකර්ෂණය කරන අන්දමට මෙවැනි ප්‍රචාරණ වැඩ සටහන් ඉදිරිපත් කෙරේ. ඒ සදහා අදාළ භාණ්ඩයට හෝ සේවාවට යම් ආකාරයක සම්බන්ධතාවක් ඇති දැකුම්කළු පුද්ගලයන් උපයෝගී කරගනි. ප්‍රචාරණ වැඩසටහන් ඉස්මතු කර පෙන්වන්නේ එහි දැක්වෙන ජනප්‍රිය පුද්ගලයාගේ ජිවන ශෛලීය සදහා එකි භාණ්ඩය / සේවාව උපකාරි වි ඇති බවයි. ඔහු වැන්නෙකු විමට, ඔහුගේ ජීවන ශෛලියට ඇතුළු විමට ඔබත් මේ භාණ්ඩය පරිහරණය කරන්න යන ඉගිය ප්‍රචාරණයෙන් ඉදිරිපත් කරයි. ඇත්තෙන්ම මෙවැනි ප්‍රචාරණ දැන්විම් විචක්ෂණ බුද්ධියෙන් යුතුව වටහා ගත යුතුය.


විස්තරාත්මක ප්‍රචාරණය


ප්‍රචාරණය කරන භාණ්ඩය හෝ සේවාවේ මිල, අන්තර්ගත දෑ, ප්‍රයෝජනයට ගත යුතු ආකාරය, ප්‍රතිලාභ වගකිම් යනාදී තොරතුරු ඉදිරිපත් කරමින් කරනු ලබන ප්‍රචාරණය මෙලෙසින් හදුන්වයි. රුපවාහිනි හෝ ගුවන් විදුලි ප්‍රචාරණ වැඩසටහනක නම් මේ සදහා විනාඩි 5 ක් හෝ 10 ක් වැනි කාලයක් යොදා ගනි. පුවත් පතක හෝ සගරාවක නම් ප්‍රමාණවත් ඉඩකඩක් ප්‍රචාරණ දැන්විමට වෙන් කෙරේ. සමහර අවස්ථාවල පත්‍රිකා මගින් අදාළ විස්තර ලිඛිතව ද ඉදිරිපත් කරයි. මෙවැනි ප්‍රචාරණ සදහා නිතැතින්ම වැඩි වියදමක් දැරිමට සිදුවේ.


නැවත නැවත ප්‍රචාරණය


භාණ්ඩයක් හෝ සේවයක් නිතර නිතර ප්‍රචාරණය කිරිම මෙයින් අදහස් කෙරේ. බොහෝ විට භාණ්ඩය / සේවාවේ නම හෝ ව්‍යාපාර ආයතනයේ නම නුවත නුවත ප්‍රචාරණයට ලක් කෙරේ. එහි අරමුණ වන්නේ ග්‍රාහකයින්ගේ සිතෙහි භාණ්ඩයේ නම හෝ ව්‍යාපාරයේ නම රැදවිමටයි. විශේෂයෙන්ම සන්නම (Brand) මතකයේ රැදවිමටයි. මෙවැනි ප්‍රචාරණයන්හිදි,


Jingles and Slogans
ගීතමය පද හා සරල පද යොදා ගනි.


Jingle යනු කෙටි ගිතමය වැකියකි. රූපවාහිනි, ගුවන් විදුලි ප්‍රචාරණ වලදි භාණ්ඩයට / සේවාවට සම්බන්ධතාවක් දක්වන ගීතමය පද, පසුබිම් සංගීතයද සහිතව ඉදිරිපත් කෙරේ. මිහිරි හඩකින් වැයෙන එම පද ග්‍රාහකයන්ගේ මනසට තදින් ඇතුළු වෙි. බොහෝ දෙනෙක් එම ගිතමය වැකි නිතර ගායනයටද පෙළඹෙති. එමගින් භාණ්ඩය / සේවාව පාරිභෝගික සිත් තුළ සටහන් කෙරේ.


Slogan යනු පහසුවෙන් මතකයේ රදවා ගත හැකි පද කිහිපයකි. එය ප්‍රචාරණයට අදාළ භාණ්ඩයක් හෝ සේවාවට කිසියම් සම්බන්ධතාවක් දක්වයි. එමගින් අත්සාහ ගන්නේ භාණ්ඩය / සේවාව පාරිභෝගික සිතට ඇතුළු කිරිමටයි.


ප්‍රචාරණයේ අරමුණු


ප්‍රචාරණයේ මුලික අරමුණු කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.



  1. දැනුම් දිම (To Infrom)
  2. පෙළඹවිම (Persuade)
  3. සිහිපත් කිරිම (Remind)

1. දැනුම්දීම


ගණුදෙනුකරුවන් පහත දැක්වෙන එකක් හෝ අංශ කිහිපයක් පිළිබද තොරතුරු ඉදිරිපත් කිරිම මෙහි අරමුණයි.


නව භාණ්ඩ පිළිබදව ගණුදෙනුකරුවන් දැනුවත් කිරිම.
භාණ්ඩයෙන් හෝ සේවයෙන් ලැබිය හැකි නව ප්‍රතිලාභ පිළිබද දැනුවත් කිරිම.
මිල වෙනස් කිරිම පිළිබද දැනුවත් කිරිම.
නිෂ්පාදිතයේ ක්‍රියාකාරිත්වය පිළිබද දැනුවත් කිරිම.
ලබාගත හැකි සේවාවන් පිළිබද දැනුවත් කිරිම.
වැරදි ආකල්ප නිවැරදි කිරිම.
ගැනුම්කරුගේ බිය සැක දුරු කිරිම.
ආයතනය පිළිබද යහපත් ආකල්ප (Image) ගොඩනැගිම.


2. පෙළඹවිම


පහත දැක්වෙන අංශ පිළිබද පෙළඹවිම අරමුණු කරගත හැකිය.

සන්නම් වරණය ගොඩනැගිම.
ව්‍යාපාරයේ භාණ්ඩ මිලදි ගැනිමට දිරිමත් කිරිම.
ගණුදෙනුකරුවන්ගේ සිතැගි වෙනස් කිරිමට ක්‍රියාකිරිම.
නෙ‍ාපමාව භාණ්ඩ මිලදි ගැනිමට පාරිභෝගිකයා පෙළඹවීම.

3. සිහිපත් කිරිම


මෙහි පහත සදහන් අරමුණු තිබිය හැකිය.


නුදුරු ඉදිරි දිනකදි භාණ්ඩය හෝ සේවාව අවශ්‍ය වන බව ගණුදෙනුකරුට සිහිපත් කිරිම.


මිලදි ගත හැකි ස්ථාන සිහිපත් කිරිම.


ය රදවා ගැනිම.


ප්‍රචාරණ මාධ්‍යයක් තෝරා ගැනිම


සුදුසු ප්‍රචාරණ මාර්ගයක් තෝරා ගැනිමේදි පහත සදහන් සාධක වැදගත් වේ.


ඉලක්ක පාරිභෝගිකයා වෙත ලගාවිය හැකිවිම. (Reach)


ප්‍රචාරණය කළ යුතු වාර ගණන (Frequency)


බලපෑම (Impact)


ප්‍රධාන ප්‍රචාරණ මාධ්‍යය අතර ඇති සාපේක්ෂ වාසි සසදා බැලිම, ප්‍රචාරණ මාධ්‍යය තුළ ඇති ප්‍රචාරණ ක්‍රමවල සාපේක්ෂ වාසිය සසද බැලිම, ප්‍රචාරණය කළ යුතු කාලය, වෙළෙද පොළ ස්වභාවය හා නිෂ්පාදිතයේ ස්වභාවය විමසා බැලිම.


විවිධ ප්‍රචාරණ මාධ්‍ය (Media) සැසදිම












































  මාධ්‍ය

                          වාසි


                සීමා


පුවත්පත්


නම්‍යයි, කාලිනයි, ප්‍රාදේශීය වෙළෙද පොළ ආවරණ කරයි, පිළිගැනිම හොදයි, විශ්වාසනියයි.


කෙටිකාලිනය, නැවත ඉදිරිපත් කිරිමේ ගුණය අඩුයි, පාඨක පිරිස කුඩාය.


රූපවාහිනිය


රුප + ශබ්ද + චලනය යන දෑ වල එකතුවකි. මනසට ගෝචර වේ. උසස් අවධාරණය, ආවරණය පුළුල්ය.


පිරිවැය වැඩියි, ග්‍රාහක පිරිස අඩුවිය හැකිය.


ගුවන් විදුලිය


පිරිවැය අඩුයි, වැඩි ප්‍රජාවක් ආවරණය කරයි.


ශ්‍රවනයට පමණයි, රූපවහිනියට වඩා අවධානය අඩුයි.


සාජු තැපැල්


තෝරාගත් පිරිසකට යැවිය හැකිය, නම්‍යයි, පෞද්ගලිකයි


සාපේක්ෂව පිරිවැය වැඩියි.


සගරා


පිළිගැනිම හා ප්‍රසිද්ධිය ඉහළයි. දිගුකාලීනයි, වැඩිකලක් කියවිමට භාජනය වේ.


පමාකාලය වැඩියි, සමහර විට අපතේ යෑම් වැඩියි.


කහ පිටු
Yellow Page


ප්‍රාදේශීය ආවරණය උසස්, පිරිවැය අඩුයි, විශ්වාසනියත්වය උසස්ය.


තරගය වැඩියි, පමා කාලය වැඩියි.


විස්තර පත්‍රිකා
Brochures


නම්‍යයි, හොදින් ඉදිරිපත් කළ හැකිය.


අනවශ්‍ය ලෙස මුද්‍රණයට යොමුවීම නිසා පිරිවැය වැඩියි.


දුරකථන


විවිධ ප්‍රයෝජන ගෙන දේ, පෞද්ගලිකයි.


පිරිවැය වැඩියි.


අන්තර්ජාලය


පිරිවැය අඩුයි, තෝරා ගන්න අය වැඩියි.


සමහර රටවල ප්‍රයෝජනයට ගන්නා සංඛ්‍යාව අඩුයි.

(c) Shilpa Sayura Foundation 2006-2017