බෙදා හැරිම
 

භාණ්ඩ හෝ සේවාව වඩා සාර්ථකව අලෙවිකරගත හැකි වෙළෙද පොළ, ස්ථානය ලෙස හැදින්වේ. භාණ්ඩයේ හෝ සේවාවේ ස්වභාවය හා අවසාන පාරිභෝගිකයා එය මිලදි ගැනිමට කැමති වන ආකාරය මත ස්ථානය තිරණය වේ. අද සමහර ව්‍යාපාරිකයෝ ස්වයං සේවා විකුණුම් ක්‍රමයද අනුගමනය කරති. මේ සදහා විකුණුම් යන්ත්‍ර (Vending Machines) උපයෝගි කර ගැනිම ප්‍රචලිත වෙමින් පවති. විකුණුම් යන්ත්‍ර යොදා ගැනිමෙන් භාණ්ඩයේ හෝ සේවාවේ විකුණුම් මිල පහල මට්ටමක රුදවිය හැකිය. එය පාරිභෝගිකයාට පමණක් නොව විකුණුම්කරුටද වාසි සහගතය. විකුණුම් යන්ත්‍ර වැනි ස්වයං විකුණුම් සේවා මගින් සේවකයින් අවම කර ගත හැකිය. එය පිරිවැය අඩු විමට හේතු වේ. සිගරට්, සිසිල් බිම, චොකලට් වැනි රස ආහාර යනාදිය අලෙවිකිරිම සදහා වු විකුණුම් යන්ත්‍ර පාරිභෝගිකයන් බහුලව ගැවසෙන ස්ථානවල සවිකර තිබෙනු දැකිය හැකිය. නියමිත මුදල් ප්‍රමාණය යන්ත්‍රයට ඇතුලත් කිරිමෙන් අදාළ ද්‍රව්‍ය ලබාගත හැකිවේ. ටෙලිෆොන්, මෝටර් රථගාල් (Car Park)” ඡායා පිටපත් කිරිම (Photo Copy), වැනි සේවා සදහාද විකුණුම් යන්ත්‍ර බහුලව දක්නට ලැබේ. දියුණු රටවල ටෙලිෆොන් මගින්ද භාණ්ඩ හා සේවා විකිණිම සිදු කෙරේ. මෙය (Tele Marketing) ටෙලි අලෙවිකරණය ලෙස හදුන්වයි. එසේම (Electronic Mail Order Selling) විද්‍යුත් හෙවත් පරිගණක තැපැල් ඇණවුම් මගින් (Television Home Super Mail Order) රූපවාහිනි මගින්, තැපැල් ඇණවුම් මගින් අලෙවි කටයුතු ක්‍රියාත්මක කෙරේ. නවින තාක්ෂණය යොදා ගැනිමෙන් පාරිභෝගිකයාට පහසුවන ාකාරයට අලෙවි කටයුතු පවත්වා ගෙන යාමට ව්‍යාපාරිකයා සුක්ෂම වි ඇත.


විකුණුම් සහායකයින් යොදා කටයුතු කිරිමේදි පවා විවිධ අපක්‍රම යොදා ගැනිමට ව්‍යාපාරිකයා අනන්දුවක් දක්වයි. පාරිභෝගික සේවාවන් වඩා සිත් ගන්නා අන්දමට හා කාර්යක්ෂම අන්දමට පවත්වා ගෙන යාමට ව්‍යාපාරිකයෝ ඉමහත් පරිශ්‍රමයක් දරති. බොහෝ ව්‍යාපාරවල සාර්ථකත්වයට දක්ෂ පාරිභෝගික සේවා ප්‍රථාන හේතුවක් වි ඇත. වෙළෙද සැලට පිවිසෙන පාරිභෝගිකයා ආචාරශිලිව පිලිගැනිම, ඔහුට අවශ්‍ය තොරතුරු උපරිම මට්ටමකින් සැපයිම, භාණ්ඩයේ හෝ සේවාවේ ගති ලක්ෂණ පැහැදිලි කරදිම, අවශ්‍ය දෑ තේරුම් කරදිම, ගෙවිම් ක්‍රම, වාරික ක්‍රම, සහනදායී සේවා, ප්‍රතිලාභ, වගකිම් වැනි දෑ පිළිබද කරුණු අවබෝධ කර දිම විකුණුම් සහයකයින්ගේ වගකිම් වි ඇත. මෙවැනි සිත්ගන්නා සුළු අවංක සේවා නිරායාසයෙන්ම පාරිභෝගිකයා ඇද බැද තබා ගනු නිසැකය.


වෙළෙද සැල පිහිටි ස්ථානය හා අවශේෂ පහසුකම්ද තවත් වැදගත් සාධකයකි. මාර්ග පහසුව, වාහන නතරකර තැබිමේ පහසුකම්, භූගෝලීය පිහිටිම, දේශගුණික හා පරිසරාත්මක සාධක යනාදිය පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනිම සදහා උපකාරි වේ. සිත් සතන් පිනවන වෙළෙද සැල් වටපිටාවට පාරිභෝගික අප ඇලුම් නොකරන්නේද ?


බෙදා හැරිමේ මාර්ග තිරණය


නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හා සේවා බෙදා හැරිමේ අතරමැදි මාර්ගය තිරණය කිරිමේදි පහත සදහන් කරුණු සැලකිල්ලට ගත යුතුය.



  1. වෙළෙද පොළ The Market
  2. නිෂ්පාදිතය The Product
  3. නිෂ්පාදකයා The Producer

වෙළෙද පොළ සාධකය යටතේ, පාරිභෝගිකයා කවුද ? සිටින්නේ කොහිද ? කොපමණ ප්‍රමාණයක් මිලට ගන්නවාද ? පිළිබදව විමර්ශනය කළ යුතුය.


නිෂ්පාදිතය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු කරුණු වන්නේ කොපමණ කල් රදවා ගතහැකිද ? භාණ්ඩ ප්‍රමිත කර ඇත්තේ කෙසේද ? ඒකක මිල කුමක්ද ? භාණ්ඩවල භෞතික ගති ලක්ෂණ කවරේද ? කවර සේවාවක් සැපයිය යුතුව ඇත්ද ? භාණ්ඩයේ ජිවන චක්‍රයේ ස්වභාවය යනාදියයි.


නිෂ්පාදකයාගේ අංශයෙන් සළකා බැලිය යුතු වන්නේ ඔහුගේ මුල්‍ය ශක්තිය කෙබදුද ? ප්‍රවාහන හා ගබඩා පහසුකම් තිබේද ? කවර භාණ්ඩ නිපදවිමේ යෙදි සිටින්නේද ? භාණ්ඩයේ ප්‍රවර්ධනය ගැන වගකිව යුත්තේ කවුද ? යනාදියයි.


බෙදා හැරිමේ උපාය මාර්ග


බෙදා හැරිමේ උපාය මාර්ග පහත දැක්වෙන සේ වර්ග කළ හැකිය.


1. පුළුල් Intensive
2. තෝරාගත් හෙවත් විශේෂ Selective
3. සිමිත Exclusive
4. සමෝධානික Integrated


පුළුල් බෙදා හැරිමේ උපාය මාර්ගයලෙස අදහස් කරනුයේ භාණ්ඩය සැම සිල්ලර වෙළෙද සැලකින්ම මිලට ගතහැකි වන පරිදි පුළුල් ලෙස බෙදා හැරිමයි. එහිදි තොග සිල්ලර වැනි අතරමැදි මාර්ග යොදා ගනි. පහසු භාණ්ඩ බෙදා හැරිම සදහා බහුලව යොදා ගනු ලබන්නේ පුළුල් බෙදා හැරිමේ උපාය මාර්ගයි.


තෝරාගත් හෙවත් විශේෂ බෙදා හැරීමේ අපාය මාර්ග යටතේ සිදුවන්නේ එක් ප්‍රදේශයකින් තෝරා ගනු ලබන වෙළෙදුන් කිහිප දෙනෙක් මගින් භාණ්ඩය පාරිභෝගිකයාට බෙදා හැරිමයි. මෙහිදි නිෂ්පාදකයා සෘජුව තෝරා ගත් සිල්ලර වෙළෙන්දාටත්, සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාටත් බෙදා හරි.


සිමිත උපාය මාර්ගයකදි එක් ප්‍රදේශයකින් එක් සිල්ලර වෙළෙන්දෙකු තෝරා ගෙන එමගින් පාරිභෝගිකයන්ට බෙදා හරි. බොහෝ විට කිර්ති නාමයක් සහිත භණ්ඩ බෙදා හැරීමට මෙම ක්‍රමය භාවිතා කරයි.


සමෝධානික උපක්‍රමය යටතේ නිෂ්පාදකයාම තොග හා සිල්ලර වෙළෙද කටයුතු පවරා ගනිමින්, පාරිභෝගිකයන්ට සෘජ්වම භාණ්ඩ අලෙවි කරයි. පහත දැක්වෙන වගුවෙන් බෙදා හැරිමේ උපාය මාර්ගයන්හි වාසි වාසි තත්ත්වයන් සැසදිය හැකිය.





























උපාය මාර්ග


භාණ්ඩ වර්ගය


මිල


අතරමැදියන්


පුළුල්


පහසු භාණ්ඩ


ඒකක මිල පහළය


තොග, සිල්ලර, නියෝජිත


විශේෂ


සාප්පු බඩු


අඩු හා ඉහළ මිල යන දෙකම ඇත


සිමිත සිල්ලර වෙළෙදුන්


සීමිත


විශේෂ භාණ්ඩ


ඉහළ ඒකක මිල


විශේෂ සිල්ලර වෙළෙදුන්


සමෝධානික


භාණ්ඩය සදහා පක්ෂපාතීත්වයක් දැඩි ලෙස ඇති විශේෂ භාණ්ඩ


ඉහළ මිල


තොග හා සිල්ලර වෙළෙදුන් නොමැත. සෘජුවම නිෂ්පාදකයා කටයුතු කරයි.


වෙළෙද පොළට භාණ්ඩ බෙදාහැරිම සදහ බොහෝ නිෂ්පාදකයන් අතරමැදියන් යොදාගනි. භාණ්ඩ හෝ සේවා පාරිභෝගිකයන් හෝ ව්‍යාපාරිකයන් වෙත සැපයිමේ අන්තර් සම්බන්ධතාවයන්ගෙන් යුක්ත අතරමැදි සංවිධාන රාශියක් සම්බන්ධ ීම වර්තමානයේදි සිදුවේ. මෙම අතරමැදි සේවා නිසා නිෂ්පාදකයන්ගේ කාර්යයන් මෙන්ම පාරිභෝගිකයන්ගේ කාර්යයන් සරල වේ. සැපයුම් සහ ඉල්ලුම් සම්බන්ධ කිරීමේ වැදගත් කාර්යභාරය අතරමැදියන්ගෙන් සිදුවන නිසා වෙළෙද පොළ ක්‍රියාකාරිත්වයට අතරමැදි සේවාව ඉතාමත් වැදගත් වි ඇත. බෙදා හැරීමේ නියැලි සිටින අතරමැදියන්ගෙන් ඉටුවන වැදගත් කාර්යයන් කිහිපයක් පහත දැක්වේ.


ගැණුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණගැස්වීම (Matching)
තොරතුරු සැපයිම (Infromation)
වෙළෙද පොළ පිළ්බද වැදගත් තොරතුරු නිෂ්පාදකයන්ට හා පාරිභෝගිකයන්ට සැපයිම.


ප්‍රවර්ධනය කිරිම (Promotion) භාණ්ඩ හෝ සේවා පිළිබද ප්‍රචාරණ හා වෙනත් ප්‍රවර්ධනයන් කිරිම.


ගණුදෙනු පිළිබද ගිවිසුම්වලට එළඹීම (Negotiation)


ප්‍රවාහනය කිරිම (Transporting)


ගබඩා කිරිම (Storing)


මුල්‍යනය කිරිම (Financing)


අවධානම් දැරිම (Risk Taking)


නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ හෝ සේවා බෙදාහැරිමේදි දැකිය හැකි විවිධ මබ්බම් කිහිපයක් පහත දැක්වෙන සටහනින් නිරිපණය කෙරේ. සේවා අංශයේ බෙදාහැරීමේ මාර්ග
Service Sector Channels


බෙදා හැරිමේ මාර්ග භෞතික භාණ්ඩවලට පමණක් නොව අස්පෘග්‍ය සේවා වලටද අවශ්‍ය කෙරේ. සිය නිමවුම (සේවා) අවශ්‍ය ගණුදෙනුකරුවන්ට ළගාකරලිමේ ගැටළුවට සේවා නිෂ්පාදකයන්ද මුහුණ දේ. නිදසුනක් ලෙස සෞඛ්‍ය සේවා සැපයුම්කරුවන්ට විවිධ ප්‍රදේශවල (ස්ථානවල) සිටින සේවා ඉල්ලුම්කරුවන්ට වෛද්‍ය සේවා සැපයිමට විවධ මාර්ග භාවිතා කරයි. උදා:- නේවාසික ආරෝග්‍ය ශාලා, බාහිර සේවා අංශය, Clinics” Pharmacy යනාදි වේ.


රසාස්වාදන සේවාව සපයන ගයක ගායිකාවන් වැනි අය ඔවුන්ගේ සේවා සැපයිම සදහා සංගීත සංදර්ශන, රාත්‍රි සමාජ ශාලා, ගුවන් විදුලි, රුපවාහිනි, වෙබ් අඩවි යනාදි මාර්ග යොදා ගනි.


දේශපාලඥයෝ ඔවුන්ගේ මතවාදය ඉදිරිපත් කිරිම සදහා පුවත්පත්, රැස්විම්, ගුවන්විදුලි, රූපවාහිනි, වෙබ් අඩවි යනාදි මාර්ග යොදා ගනි.


තොරතුරු සපයන්නන් සිය තොරතුරු සැපයිමේදී තැපෑල, ටෙලි‍ෆොන්, ෆැක්ස්,විඩියෝ, ඉන්ටර්නෙට්, එක්ස්ට්‍රානෙට් (Extranets), ඉන්ට්‍රානෙට් (Intranet), පොස්ටර්, ග්‍රන්ථ (Text) යනාදි මාර්ග උපයෝගී කරගනි.

(c) Shilpa Sayura Foundation 2006-2017