අපේක්ෂිත ලාභය අනුව ලකුණු කළ මිල
 

Markup Pricing

නිෂ්පාදිතයේ පිරිවැයට කිසියම් සම්මත ප්‍රතිශතයක් එකතුකර මිල ලකුණු කිරිමේ සරල ක්‍රමයකි මෙය. උදා:- නිෂ්පාදිතයක පිරිවැය පහත සදහන් වේ යැයි උපකල්පනය කරමු.


ඒකකයක් සදහා වු විචල්‍ය පිර රු. 20/=
ස්ථාවර පිරිවැය රු. 40,000/=
අපේක්ෂිත විකුණුම් ඒකක 10,000

ඉහත දත්ත අනුව මෙම නිෂ්පාදිතයේ ඒකක පිරිවැය වනුයේ:


ඒකක පිරිවැය = විචල්‍ය පිරිවැය + ස්ථාවර පිරිවැය ÷ විකුණුම් ඒකක
= 20 + 40,000 ÷10,000
= රු. 24


විකුණුම්වලින් 20% ලාභ ප්‍රමාණයක් නිෂ්පාදකයා පේක්ෂා කරන්නේ යයි සිතුවහොත් මෙම නිෂ්පාදිතයේ ලකුණු කළ මිල (Market Price) වනුයේ :-


ඒකක පිරිවැය ÷ (1 - අපේක්ෂිත ලාභය)
24.00 ÷ (1 – 0.2)
= රු. 30.00


2.ඉලක්ක ඉපැයුම් මිල ක්‍රමය


මේ සදහා ආයෝජනය මත ලැබෙන ලාභ ප්‍රතිශතය (ROI) ප්‍රථමයෙන් තීරණය කල යුතුයි. එය 25% ක් යයිද ආයෝජනය රු.100,000 යයිද සිතුවොත් ඉලක්ක ඉපයුම් මිල පහත සදහන් පරිදි ගණනය කළ හැකිය.


ඉලක්ක ඉපයුම් මිල = ඒකක පිරිවැය ÷ ඉලක්ක බපයුම × ආයෝජනය÷ විකුණුම් ඒකක
= 20.00 ÷ 25 × 100,000 ÷ 10,000
= රු.22.50


3. අපේක්ෂිත වටිනාකම මත මිල කිරිම


ඉල්ලුම්කරු නිෂ්පාදිතය පිළිබදව අපේක්ෂාකරන / සි.න වටිනාකම පදනම් කරගෙන මිල නියම කිරිම මෙහිදි සිදුවේ. ගණුදෙනුකරු සිතන වටිනාකම මුලික කරුණු කිහිපයක් මත තීරණය වේ. එනම්,


භාණ්ඩය කෙරෙහි ගණුදෙනුකරුගේ ආකල්පය, (Image), බෙදා හැරිමේ මාර්ගය, වගකිම, ගුණත්වය, සේවා, නිෂ්පාදකයගේ කිර්තිනාමය, නිෂ්පාදකයා පළිබද වු විශ්වාසය හා ගරුත්වය යනාදි සාධක අනුව ගැනුම්කරු අපේක්ෂා කරන වටිනාකම වැඩි වේ.


4. වටිනාකම් මිල


සමහර සමාගම් පක්ෂපාති ගනුදෙනුකරුවන් (Loyal Customers) දිනා ගැනිම සදහා තිරණය කරන මිල ක්‍රමය මෙයයි. මෙම මිල යටතේ උසස් ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ සාධාරණ මිලකට ඉදිරිපත් කිරිම සිදු කෙරේ.


5.පවත්නා මිල


වෙළෙද පෙළේ තරගකාරි භාණ්ඩ සදහා පවත්නා මිල පදනම් කරගෙන මිල නියම කිරිමේ ක්‍රමය මෙයයි. කතිපයාධිකාරි වෙළෙද පාලක නම් තරගකරුවන්ගේ මිලට සමාන මිලක් නියම කෙරේ. වැඩි තරගකාරිත්වයකින් යුක්ත වෙළෙද පොළක නම් තරගකරුවන්ගේ මිලට තරමක් අඩු මිලක් නියම කෙරේ.


6. වෙන්දේසි මිල


වෙන්දේසි මිල කිහිප ආකාරයකින් නියම කෙරේ.



ආ). ඉංග්‍රිසි වෙන්දේසි (English Auctions)
පහල ලන්සුවේ සිට ක්‍රමයෙන් ඉහලට වැඩිවෙමින් මිල තිරණය විම. මෙය ඉංග්‍රිසි ජාතිකයින් හදුන්වා දුන් වෙන්දේසි ක්‍රමයකි.



ආ). ලන්දේසි වෙන්දේසි (Dutch Auction)
ඉහල ලන්සුවේ සිට ක්‍රමයෙන් පහලට ඩුවෙමින් මිල තිරණය විම.මෙය ලන්දේසි ජාතිකයින් හදුන්වා දි ඇත.


ඇ). සිල් තැබු මිල (Sealed – Bid Auction)
බොහෝ විට රාජ්‍ය ආයතනවලට භාණ්ඩ / සේවා මිලට ගැනිමේදි සිල් තැබු මිල ගණන් ලබා ගනි.


7. සමුහ මිල


කණ්ඩායමක් එකතු වි භාණ්ඩයකින් වැඩි ඒකක ප්‍රමාණයක් මිලට ගන්නේ නම් එහිදි ඒකකයට යකරන මිප අඩුවෙන් ලකුණු කෙරේ.


අවසාන මිල නිගමනය Selecting the Final Price


සමාගමේ නිෂ්පාදිත සදහා අවසාන මිල තිරණය කිරිමේදි,


අ). මිල ගැලපිමේ උපාය මාර්ග
Price – Adaptation Strategies


ආ). සමාගමේ මිල ප්‍රතිපත්ති
Company Pricing Policies


ඇ). මිල කෙරෙහි අලෙවිකරණ මිශ්‍රයේ සෙසු සාධකවල (නෙකුත් Ps) බලපැම


ඈ). වෙනත් පාර්ශවයන්ට ඇති වන බලපැම යන කරුණු සලකා බැලේ.


අවසාන මිල තිරණයේදි සලකා බැලෙන උපාය මාර්ගික මිල කිරිම් කිහිපයක් පහත දැක්වේ.


අ). මනෝවිද්‍යාත්මක මිල Psychological Pricing


ගණුදෙනුකරුවන්ගේ මානසික සංවේදිතාව (Ego – Sensitive) ගුණත්වය පිළිබද ඇති ආකල්පය (Quality Image) වැනි තත්ත්වයන් මත සමහර භාණ්ඩ සදහා ඉහල මිලක් නියම කළ හැකිය. උදා:- සුවද විලවුන්(Perfume) බෝතලයක නිෂ්පාදන පිරිවැය රු. 50 ක් වුවද එය රු.500 ට මිල කිරිම.


තවත් සමහර සමාගම් ඔත්තේ සංඛ්‍යා වලින් මිල නියමකරයි. මිල 100/= යි, සලකුණු නොකර රු. 99/= ලෙස සලකුණු කිරිම. එවිට ගණුදෙනු කරු සිතන්නේ මිල රු. 100/= ට වඩා අඩුය යන්නයි.


ආ). භූගෝලිය මිල Geographical Pricing


එකම නිෂ්පාදිතය සදහා විවිධ ප්‍රදේශවල විවිධ රටවල ගැණුම්කරුවන්ගෙන් විවිධ මිල ගණන් අයකිරිමේ ක්‍රමයද සමහර සමාගම් අනුගමනය කරයි. බොහෝ විට බෙදාහැරිමේ පිරිවැය මතද මෙය සිදුවේ. උදා:- පෙටිට්‍රල් හා ඩිසල් මිල ප්‍රදේශ අනුව වෙනස්ය.


ඇ). ප්‍රවර්ධන මිල Promotional Pricing


භාණ්ඩ අලෙවිය කඩිනම් කිරිම සදහා ප්‍රවර්ධන මිල අනුගමනය කෙරේ. ප්‍රවර්ධන මිල සළකුණු වු විට ගැණුම්කරුවන් ඉක්මනින් මිලට ගැනිමට පෙළඹෙති. උදා:- උත්සව කාලයන්හි මිල පහත හෙලීම, සේල් - Sale, වාරික වශයෙන් ගෙවිමට අවකාශ සැලසිම, වගකිම් සහ විකුණුම් පසු සේවා කොන්දේසි සහිතව අලෙවිකිරිම.


ඈ). ප්‍රභේදන මිල Discriminatory Pricing


ගණුදෙනුකරුවන්ගේ වෙනස්කම්, නිෂ්පාදිතයේ වෙනස්කම්, ස්ථානවල වෙනස්කම් මත විවිධ මිල ගණන් නියම කිරිමද දැකිය හැකිය.


ඉ). භාණ්ඩ මිශ්‍ර මිල Product – Mix Pricing

භාණ්ඩ කිහිපයක් එකට ගොනුකර මිල තැබිම. උදා:- දත්බුරුසුව +දෙකටම එක මිලක් තැබිම, එකම වර්ගයේ භාණ්ඩ කට්ටලයක් සදහා එක මිලක් තැබිම යනාදි භාණ්ඩ මිශ්‍ර කර මිල කිරිම් ක්‍රමයද ව්‍යාපාරිකයන් විසින් යොදා ගනි.


ඉහත සදහන් කළ විවිධ ක්‍රමවලට වඩා අමතරව,


තරගකරුවන් ඔවුන්ගේ භාණ්ඩවල මිල වෙනස් කළවිට ඊට ප්‍රතිචාර වශයෙන් මිල සංශෝධනය කිරිම අවශ්‍ය වේ.තවත් සමහර විට ආර්ථික හා සමාජිය තත්ත්වයන්ගේ වෙනස්කම්වලට අනුකුලව මිල ඉහල දැමිමට හෝ පහත හෙලිමට සිදුවිය හැකිය. එසේම අවපාත වකවානුවලදි හෝ තොග වශයෙන් අලෙවිකිරිමේදි ලකුණු කළ මිලෙන් වට්ටම් (Discount) දිමටද ව්‍යාපාරිකයෝ ක්‍රියාකරති. ණයට විකුණුම්වලදි ණය ගැතියන්ගෙන් මුදල් කඩිනමින් ලබා ගැනිම අදෙසා දිමනාද (Allowances) දිමට ව්‍යාපාරිකයෝ ක්‍රියාකරති.

(c) Shilpa Sayura Foundation 2006-2017