මිල කිරීම
 

කවර ස්වභාවයක ව්‍යාපාර ආයතනයක් වුවද සිය භාණ්ඩ හා සේවා සදහා මිල ගණන් තිරණය කළ යුතුවේ. මිල නොයෙක් නම් වලින් ප්‍රකාශිතය. ගොඩනැගිලි සදහා ගෙවන මිල, බදු කුලිය (Rent) ලෙසද අධ්‍යාපන සේවා සදහා ගෙවන මිල ටියුෂන් (Tuition) ලෙසද වෛද්‍යවරයාට හෝ නිතීඥවරයාගේ සේවය සදහා ගෙවන මිල ගාස්තු (Fee) ලෙසද ගුවන්, දුම්රිය බස් වැනි සේවා සදහා ගෙවන මිල ගාස්තු ( Fare) ලෙසද විදුලි බලය, දුරකථනක වැනි සේවා සදහා ගෙවන මිල ප්‍රමාණයන් (Rate) ලෙසද මුදල් ණයට ගැනිමේදි ගෙවන මිල පොලිය (Interest) ලෙසද රක්ෂණ වැනි සේවා සදහා ගෙවන මිල වාරිකය (Premium) ලෙසද ශ්‍රමය සදහා ගෙවන මිල වැටුප් සහ වේතන (Salary and Wages) ලෙසද ආදි වශයෙන් මිල සදහා විවධ පද භාවිතා කෙරේ.


කවර නම් වලින් හැදින්වුවද මිල ආර්ථිකයේ වැදගත්කම සාධකයක් වේ. සරලව ප්‍රකාශ කළහොත් භාණ්ඩ හෝ සේවා පරිහරණයට හෝ අත්පත් කරගැනිමට පාරිභෝගිකයන් හුවමාර් කරන වටිනාකමේ එකතුව මිල ලෙස හැදින්විය හැකිය. ගැනුම්කරු‍ෙග් තෝරා ගැනිමට බලපාන ප්‍රධාන සාධකය මිල බව සදහන් කළ හැකිය. අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් අතුරින් ආදායම් ලබා දෙන විචල්‍ය මිලයි. සෙසු විචල්‍යයන් පිරිවැය නියෝජනය කරයි. එසේම මිල බොහෝ දුරට නම්‍යශීලි විචල්‍යකි. මිල ඉක්මනින් වෙනස් කළ හැක. බොහෝ ව්‍යාපාර ආයතන මුහුණපාන ගැටළුවක් වන්නේද මිලයි. නැතහොත් මිල පිළිබදව ඇති තරගයයි. මෙම ගතිලක්ෂණය නිසා භාණ්ඩ හෝ සේවා සදහා මිල තීරණය කිරිමේදි පාරිභෝගිකයාද මිලදි ගැනිම් තිරණය කිරීමේදි මිල පිළිබදව දැඩි අවධානයක් යොමු කළ යුතුය.


මිල නිගමනය Setting the Price


සමාගමක් නව භාණ්ඩයක් සංවර්ධනය කර වෙළෙද පොළ ඉදිරිපත් කරන්නේ නම් ඒ සදහා යෝග්‍ය මිලක් නිගමනය කළ යුතුය. මිල නිගමනය කළ යුත්තේ ලනුදෙනුකරු අපේක්ෂා කරන වටිනාකම හා භාණ්ඩයේ වටිනාකම සසදා බැලිමෙනි. එසේම පහත සදහන් සාධකද මිලක් නිගමනයේදි සැලකිල්ලට ගත යුතුය.



  1. මිල නිගමනය කිරිමේ පරමාර්ථ
  2. භාණ්ඩය සදහා ඇති ඉල්ලුම
  3. ඇස්තුමේන්තු පිරිවැය
  4. තරගකරුවන්ගේ පිරිවැය මිල සහ ඉදිරිපත් කිරිම් විශ්ලේෂණය
  5. මිල නිගමනය කිරිමේ ක්‍රම
  6. අවසාන මිල නිගමනය

(c) Shilpa Sayura Foundation 2006-2017