Marketing research
භාණ්ඩ හා සේවා අලෙවිකරණයට අදාළ තොරතුරු හා දත්ත ක්‍රමවත් ලෙස රැස් කිරිම, වාර්ථාගත කිරිම, විශ්ලේෂණය කිරිම හා ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් වු විධිමත් ක්‍රියාවලිය අලෙවිකරණ පර්යේෂණ ලෙස හැදින්වේ. සාර්ථක ලෙස ව්‍යාපාර පවත්වාගෙන යාමට අදහස් කරන සෑම කෙනෙකුටම අලෙවිකරණ පර්යේෂණ වැදගත්වේ. මහා පරිමාණ ව්‍යාපාර සිය අලෙවිකරණ පර්යේෂණ අවස්ථා කිහිපයක් යටතේ වඩාත් සුක්ෂම අයුරින් පවත්වනු දැකිය හැකිය. ඒ සදහා විශේෂ වු පර්යේෂණ අංශයන් බොහෝමයක් ව්‍යාපාර සතුව තිබේ. සමහර ව්‍යාපාර සිය පර්යේෂණ භාහිර අලෙවිකරණ පර්යේෂණ ආයතන මගින් ඉටුකරවා ගනිති.
ප්‍රධාන පර්යේෂණ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
- වෙළද පොළ පර්යේෂණ Market research
- නිෂ්පාදිත පර්යේෂණ Product research
- ප්‍රචාරණ පර්යේෂණ Advertising research
වෙළද පොළ පර්යේෂණ
පවත්නා වෙළද පොළ තුළ අදාල භාණ්ඩ හෝ සේවා අලෙවිය කොෙතක් දුරට සාර්ථක වි තිබේද? කොතෙක් දුරට සාර්ථක කර ගත හැකිද? යන්න තීරණය කර ගැනිම වෙළද පොළ පර්යේෂණ වල ඉලක්කයයි. වෙළද පොළ පර්යේෂණ මගින් පහත සදහන් ක්ෂෙත්‍ර වල අදාල තොරතුරු හා දත්ත ලබා ගැනිමට කටයුතු කරයි.
1. භාණ්ඩය/ සේවාව මිලට ගැනිමට බොහෝදුරට ඉඩ ඇතැයි සිතිය හැකි එනම් මිලට ගනු ඇතැයි සැළකිය හැකි පාරිභෝගික සංඛ්‍යාව හා වර්ගය
2. ඉලක්ක පරිභෝගිකයා වෙත ලබා දිය හැකි ඉතාම සුදුසු ප්‍රවර්ධන ක්‍රියාවලිය
3. භාණ්ඩ / සේවාව බෙදා හැරිමට ඉතාමත් යෝග්‍ය බෙදා හැරිමේ මාර්ගය.
4. ඉලක්ක පාරිභෝගික ප්‍රචාරය
නිෂ්පාදිත පර්යේෂණ
අදාළ භාණ්ඩ / සේවාව සදහා ඇති විකල්ප භාණ්ඩ / සේව, තරගකාරිත්වය, මිල ඇසුරුම් හා වෙනත් නිෂ්පාදිත ගති ලක්ෂණ පිළිබද තොරතුරු ලබා ගැනිම නිෂ්පාදිත පර්යේෂණ වල ඉලක්කයයි. එසේ තොරතුරු ලබා ගැනිමෙන් සිය භාණ්ඩ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරලිමට කොතෙක් දුරට සාර්ථක වි තබේද ? යන්න තීරණය කරගත හැකිය. අවශ්‍ය වෙනම් ඒ අනුව අදාල නවිකරණයක් කළ හැකි වේ. නිෂ්පාදිත පර්යේෂණ වලදි පහත ක්ෂෙත්‍ර කෙරෙහි අවදානය යොමු කෙරේ.
සමාන ගණයේ භාණ්ඩ සපයන තරගකරුවන්ගේ සංඛ්‍යාව ඔවුන්ගේ ශක්තිය, ඔවුන් සතු වෙළෙද පොළ ප්‍රමාණ, ඔවුන්ගේ අලෙවිකරණ උපාය මාර්ග යනාදිය පිළිබද ඇගයිම, ඒවා සිය භාණ්ඩ සමග සැසදිම.
තරගකරුවන්ගේ මිල ගණන් හා මිල තිරණයට ඉලපා ඇති සාධක, ඇගයීම. මෙය සිය භාණ්ඩය සදහා මිල තිරණයට උපකාරි වේ.
භාණ්ඩ සදහා ඉදිරිපත් කර ඇති ඇසුරුම් ඇගයිම - සිය භාණ්ඩයේ ඇසුරුම නර්මාණය සදහා මෙම තොරතුරු වැදගත් වේ.
මේ සියල්ල තුළින් තරගකරුවන්ට සාර්ථකව මුහුණදිම සදහා සිය නිෂ්පාදිතය සැකසිය යුතු ආකාරය තිරණය කළ හැකි වේ.
ප්‍රචාරණ පරියේෂණ
ඉලක්ක වෙළෙද පොළට සිය භාණ්ඩ හෝ සේවා පිළිබද ප්‍රචාරණය සඵලදායිව කළ හැකිද ? යන්න මෙන්ම දැනට කරනු ලබන ප්‍රචාරණ වැඩ සටහන් ඉලක්ක වෙළෙද පොළට ළගාවිම සඵලදායිව සිදුවන්නේද ? යන්න පිළිබදව විමසිමකි මෙය. ප්‍රචාරණ පර්යේෂණ දෙකොටසක් වේ.
1. මාධ්‍ය පර්යේෂණ
එනම් පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි වැනි මාධ්‍යවල සඵලදායකත්වය බැලිම.
2. ප්‍රචාරණ සඵලදායකත්ව පර්යේෂණ
ප්‍රචාරණයට කරනු ලබන වියදමට සාපේක්ෂව අත්කර ගනු ලබන ප්‍රතිඵල සාර්ථකද ? අසාර්ථකද ? යන්න බැලිම.
අලෙවිකරණ පර්යේෂණ දත්ත රැස්කිරිමේ ක්‍රම
අලෙවිකරණ පර්යේෂණ ප්‍රධාන වශයෙන් දෙවර්ගයකට බෙදිය හැකිය.
ප්‍රාථමික පර්යේෂණද්විතියික පර්යේෂණ
බොහෝවිට මෙම දෙවර්ගයම, පර්යේෂණවලදි යොදාගනි.පර්යේෂකයා විසින්ම තොරතුරු හා දත්ත රැස්කර ගැනිම ප්‍රාථමික පර්යේෂණ නමි වේ. එනම් වෙනත් මාඹ්‍යන්ගෙන් තොරව පර්යේෂකයා විසින් මෙහෙයවන පර්යේෂණ මගින් ප්‍රථම වරට රැස්කර ගන් ලබන දත්ත ප්‍රාථමික දත්ත ලෙස සැලකේ. ප්‍රද්ගලයන් සම්මුක පරික්ෂණයන්ට භාජනය කිරිමෙන්, ප්‍රශ්නාවලි ඉදිරිපත් කර එයට ලැබෙන පිළිතුරු විශ්ලේෂණය කිරිමෙන්, භාණ්ඩ හා සේවා පරිහරණ සම්බන්ධව පෞද්ගලිකව නිරික්ෂණය කිරිමෙන් ප්‍රථමික දත්ත එකරාශිකර ලත හැකිය.
වෙනත් පර්යේෂකයන්ගේ පර්යේෂණවල ප්‍රතිඵල අධ්‍යනය තුළින් ලබා ගන්නා දත්ත ද්විතියික පර්යේෂණ දත්ත වේ. පුස්තකාල, පර්යේෂණ ආයතන රජයේ ප්‍රකාශක වෙළෙද සගරා හා ප්‍රකාශන යනාදිය ද්විතියික පර්යේෂණ දත්ත ලබා ගත හැකිවේ. මෙය හුදෙක් ප්‍රකාශිත පර්යේෂණ පොත් පත් හා ලිය කියවිලි අධ්‍යනයෙන් එක් රැස්කර ගනි.
සමස්ථයක් වශයෙන් අලෙවිකරණ පර්යේෂණ තුළින් ව්‍යාපාර අලෙවිකිරිමට අපේක්ෂිත හෝ දැනටමත් අලෙවි කරනු ලබන භාණ්ඩ / සේවා සදහා වන ඉලක්ක වෙළෙද පොළ හදුනා ගැනිමට උත්සාහ ගනී. එම ඉලක්ක වෙළෙද පොළ කෙසේ ඛණ්ඩනය කළ හැකිද යන්න එමගින් නිගමනය කළ හැකිය. ලබා ගත හැකි පාරිභෝගිකයන් පිළිබදව වු ප්‍රජා සාධක අධ්‍යනය වශයෙන් වැදගත් කොට සැළකිය හැකිය.
වෙළෙද පොළ ඛණ්ඩනය
වයස් ව්‍යුහය අනුව වර්ග කිරිම
ස්ත්‍රි, පුරුෂ වශයෙන් වර්ග කිරිම
ආදායම් මට්ටම අනුව වර්ග කිරිම
අධ්‍යාපන මට්ටම අනුව වර්ග කිරිම
වෘත්තිය තත්ත්වයන් අනුව වර්ග කිරිම
විවාහක අවිවාහක තත්ත්වයන් අනුව වර්ග කිරිම
ජනවාර්ගික පදනම මත වර්ග කිරිම
භූගෝලිය ප්‍රදේශ අනුව වර්ග කිරිම
ජීවන ශෛලීන් අනුව වර්ග කිරිම
අවශ්‍යතා හා වුවමනා අනුව වර්ග කිරිම
අපේක්ෂා, අගනාකම් අනුව වර්ග කිරිම
වෙනත් ගති ලක්ෂණ අනුව වර්ග කිරිම
සම්මුඛ සාකච්ඡා Interview
ප්‍රාථමික දත්ත එක්රැස් කර ගැනිම සදහා පාරිභෝගික සම්මුඛ සාකච්ඡා වැදගත් මාර්ගයකි. මේ සදහා සුදුසු පාරිභෝගික නියැදියක් තෝරා ගත යුතුය. පරියේෂණයට අදාළ තොරතුරු ලබාගත හැකිවන අයුරු සම්මුඛ සාකච්ඡා සැළසුම් කොට මෙහෙය විය යුතුය.මෙය ඉතාමත් ප්‍රවේශමෙන් සැළසුම් කළ යුතු වේ.
ප්‍රශ්නාවලිය Questionnaire
අලෙවිකරණ පර්යේෂණ වලදි බහුලව උපයෝගිකරගන්නා ක්‍රමයකි මෙය.මැනවින් සිතා බලා සැලසුම් කොට ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නාවලිය සදහාලබාගන්නා පාරිළෝගික පිළිතුරු තුලින් ප්‍රයෝජනවත් දත්ත වාර්තා කර ගත හැකිය. තෝරා ගත් පාරිභෝගකයන් වෙත ප්‍රශ්නාවලිය පෞද්ගලිකව හෝ තැපෑලෙන් හෝ දුරකථනයෙන් හෝ ඉදිරිපත් කළ හැකිය. වඩා උචිත මාර්ගය පාරිභෝගික ස්වරූපය අනුව තිරණය කළ යුතු වේ. පහත සදහන් තොරතුරු ලබා ගැනිමට හැකිවන අයුරු ප්‍රශ්නාවලිය සකස් කර ගැනිමට උත්සාහ දැරිය යුතු වේ.
පාරිභෝගිකයාට පහසුවෙන් භාණ්ඩය / සේවාව ලබා ගත හැකිද ? එනම් වෙළෙද පොළෙහි භාණ්ඩය / ෙස්වාව සුලභද ?
ඉලක්ක වෙළෙද පොළ හා එහි ඛණ්ඩනයන් කවරේද ?
ඉලක්ක පාරිභෝගිකයා වෙත ළගාවිය හැකි වඩා සුදුසු ප්‍රවර්ධන උපක්‍රම කවරේද ?
දැනට සුලභ ප්‍රවර්ධන උපක්‍රමවල ඵලදායිතාව කෙබදුද ?
භාණ්ඩය / සේවාවේ පාරිභෝගික කැමති / අකමැති ගතිලක්ෂණ කවරේද ?
මිල පිළිබද ආකල්ප කුමක්ද ?
පාරිභෝගික කිසියම් සන්නම් සහිත භාණ්ඩය / සේවාවකට ඇල්මක් දක්වන්නේද ?
ගුණය පිළිබද ආකල්ප කවරේද ?
පාරිභෝගිකයාගේ අපේක්ෂා කවරේද ?
මෙවැනි පර්යේෂණයට අදාල තොරතුරු ලබා ගැනිමට උපකාරිවන ප්‍රශ්න සකස් කර ගැනිමට පර්යේෂකයා වගබලා ගත යුතුය. ඊට දැඩි ප්‍රයත්නයක් හා අධ්‍යනයක් අවශ්‍යය.
පාරිභෝගිකයන් හමු වි පෞද්ගලිකව ප්‍රශ්නාවලිය ඉදිරිපත් කර පිළිතුරු ලබාගත හැක්කේ නම් එය ඉතාමත් උචිතය. වඩා ඵලදායි වේ. නමුත් ඊට වැඩි කාලයක් හා වියදමක් දැරිය යුතුය. මේ නිසා බොහෝ දෙනෙක් තැපැල් හා දුරකථන මගින් ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරයි. සාමාන්‍යයෙන් ආවරණ ලිපියක් හා සම්පුරුණ කරන ලද ප්‍රශ්නාවලිය තැපැල් කර හරි. ප්‍රශ්නාවලිය සදහා දක්වන ප්‍රතිචාර සාමාන්‍යයෙන් එතරම් සතුටුදායක නොමැත. එනම් ලැබෙන පිළිතුරු ප්‍රමාණය අඩුය. කාර්යබහුලතාවය නිසා බොහෝ දෙනෙක් ප්‍රශ්නාවලිය කියවා ඊට පිළිතුරු සැපයිමට කාලය කැප කිරිමට උනන්දු නොවේ. මෙම ස්වභාවය නිසා සමහර පර්යේෂකයින් ප්‍රශ්නාවලි සම්පුර්ණ කර එවිම දිරිමත් කරලිමට ත්‍යාග දිම වැනි උපක්‍රම භාවිතා කරති.
දුරකථන මගින් ප්‍රශ්නාවලිය ඉදිරිපත් කිරිම දියුණු රටවල සාර්ථකව කළ හැකිය. එහෙත් ප්‍රමාණවති දුරකථන පහසුකම් නොමැති රටවල එය දුෂ්කර මාර්ගයකි. සාමාන්‍යයෙන් මෙහිදි තෝරා ගත් පාරිභෝගිකයන්ට දුරකථනයෙන් අමතා, සිය අරමුණු ගැන කෙටි හැදින්විමක් කර ලැබෙන පිළිතුරු සටහන් කර ගනි.
නිරික්ෂණ Servey
තෝරාගත් පාරිභෝගික කණ්ඩායමක් එක් ස්ථානයකට ගෙන්වා ඔවුන්ගේ අදහස් උදහස් විමසිමේන් අලෙවි පර්යේෂණ සාර්ථක කරගත හැකිය. මෙහිදි සසම්භාව්‍ය නියැදියක් තෝරා ගැනිම වැදගත්ය. එම නියැදියට හසුකර ගන්නා පුද්ගලයින් ඉලක්ක පාරිභෝගිකයන් විම අවශ්‍ය වේ. නියැදිය විශාල වු පමණට ප්‍රතිඵල විශ්වාසනිය වුවද පිරිවැය අධික වේ. එබැවින් ප්‍රශස්ථ නියැදියක් සෑම අතකින්ම හිතකරය. මෙසේ තොරා ගන්නා පාරිභෝගික පිරිස සුව පහසු ස්ථානයකට රැස්කර වෙළෙද පොළට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන භාණ්ඩයේ සාම්පල් ඔශවුනු වෙත ඉදිරිපත් කරයි. අනතුරුව භාණ්ඩය සම්බන්ධයෙන් සාකච්ඡා කර කණ්ඩායමේ ප්‍රතිචාර ලබාගනි. මෙවැනි සාකච්ඡා විඩියෝ පටිගත කිරිමෙන් පාරිභෝගික ප්‍රතිචාර විශ්ලේෂණයට භාජනය කළ හැකිය.
පරික්ෂාව Testing
නව නිෂ්පාදනයක් වෙළෙද පොළට ඉදිරිපත් කිරිමට පෙරාතුව, එම නිෂ්පාදනය පුර්ව පරික්ෂාවකට භාජනය කර, එමගින් යම් අවබෝධයක් ලබ ගනිම අලෙවි පර්යේෂණවලදි අනුගමනය කරනු ලබන තවත් උපක්‍රමයකි. මෙය අලෙවිකරණ පරික්ෂාව ලෙස හදුන්වයි. මෙවැනි පරික්ෂාවකදි කරනුයේ තෝරාගත් ඉලක්ක පාරිභෝගික පිරිසකට සාම්පල් සපයා ඔවුන්ට එය භාවිතයට අවස්ථාවක් දිමයි. එසේ පරිහරණයෙන් පසුව භාණ්ඩයේ ශක්තිය හා දුර්වලතා වේ නම් ඒවා මගහරවා නිෂ්පාදනය කොට, වෙළෙද පොළට ඉදිරිපත් කරයි. මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරිමෙන් නව නිෂ්පාදනයේ අලෙවිය සාර්ථක කර ගැනිම පහසු වේ. එසේ නොමැතිව දුර්වලතා සහිතව භාණ්ඩය ඉදිරිපත් කළේ නම්, ඒ කෙරෙහි ඇති වන අහිතකර පාරිභෝගික ආකල්ප පිටුදැකිම දුෂ්කර වේ. අලෙවිකරණ පර්යේෂණවලදි ලබා ගන්නා දත්ත ව්‍යාපාරික තීරණ ගැනිමට පහසුවන ආකාරයට සංස්කරණය කළ යුතුය. මේ සදහා සංඛ්‍යාමය විග්‍රහයක් (Statistical Analysis) මෙන්ම රූප සටහන්ද භාවිතා කෙරේ.
කවර විග්‍රහයක් වුවද පහසුවෙන් තේරුම් ගත හැකි වන අන්දමට ඉදිරිපත් කළ යුතුය. එසේම නිවැදි විය යුතුය. රූප සටහන් මගින් ඉදිරිපත් කිරිමෙන් තේරුම් ගැනිම වඩා පහසුය. චිත්‍ර රූප (Pictures), සංඛ්‍යා වගු (Tables), සටහන් (Charts), රේඛීය සටහන් (Diagrams) වැනි ක්‍රම රූපසටහන් වලදි භාවිතා කරයි. බහුලව යොදා ගනු ලබන්නේ සටහන් (Chart) හෙවත් ප්‍රස්තාර (Diagrams) බව සදහන් කළ හැකිය.