පාරිභෝගික රස, තාක්ෂණය, තරගය යනාදි අංශයන්හි සීඝ්‍ර වශයෙන් ඇතිවන වෙනස් විම් අනුව නව භාණ්ඩ හදුනාදිමට පාරිභෝගිකයෝ උනන්දු වෙති. නව භාණ්ඩ යනුවෙන් අදහස් කරනුයේ පවත්නා භාණ්ඩවල නවිකරණය කිරිමක් හෝ අලුතින් භාණ්ඩයක් හදුන්වාදිමයි. මෙය බොහෝ විට සිදු වන්නේ පර්යේෂණ හා සංවර්ධන ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵල මතයි. සමහර මහ පරිමාණ ව්‍යාපාර පර්යේෂණ හා සංවර්ධනය (R& D) සදහා විශාල මුදලක් වැය කරනු දැකිය හැකිය.
නව භාණ්ඩ සංවර්ධනය සදහා දිගු කාලයක් මෙන්ම විශාල මුදලක් සහ නව උත්සහයක් දැරිය යුතු වේ. නව භාණ්ඩ පිළිබද සංකල්පය සහ අදහස් උත්පාදනය, ඒවා විශ්ලේෂණය කිරිම, වැදගත් අදහස් තෝරා ගැනිම, ඒ අනුව නව භාණ්ඩ වර්ධනය කිරිම සහ පරික්ෂාව යනාදි වශයෙන් පියවර රාශියකින් මෙය සමන්විත වේ.
1. භාණ්ඩ සංවර්ධන අදියර -Product development stage
මෙය ආරම්භ වන්නේ නව භාණ්ඩ පිළිබද අදහස් උත්පාදනයත් සමගය. මෙම අදියරේදි විකුණුම් නොමැත.
2. හදුන්වාදිමේ අදියර -Introduction stage
භාණ්ඩ වෙළද පොළට හදුන්වා දෙන අවස්ථාව මෙයයි. විකුණුම් ඉතා සෙමෙන් වැඩි වේ. මෙම අදියරේදි ලාභාංතියක් (profit margin) නොමැත. විකුණුම් ආදායමට වඩා විකුණුම් පිරිවැය ඉහළ අගයක් පැවැතිම සාමාන්‍යයෙන් මෙයට හේතුවේ.
3. වර්ධන අදියර -Growth stage
මෙම අදියරේදි විකුණුම් සාමාන්‍යයෙන් ඉහළ යනු දැකිය හැකිය. පිරිවැය සාපේක්ෂව අඩුමට්ටමක පවති. එබැවින් ඉහළ ලාබාංතිකයක් පවතිනු දැකිය හැකිය.
4. පරිනත අදියර -Maturity stage
මෙම අදියරයේදි විකුණුම් වර්ධනය විම සෙමෙන් අඩු වේ. එයට හේතුව වන්නේ භාණ්ඩය අපේක්ෂිත ගැනුම් කරුවන් විසින් මිලදි ගෙන තිබිමයි. එසේම තරගකාරි භාණ්ඩද වෙළද පොළේ පැවැතිමයි. එබැවින් විකුණුම් වර්ධනය ඇන හිටි. නැතහොත් සෙමෙන් පහත වැටේ. ලාභාංතිකයද එයට සාපේක්ෂව අඩු විය හැකිය.
5. පිරිහිමේ අදියර -Decline stage
පරිනත අවදියේ ඇති වන්නාවු විකුණුම් පහත වැටිම තීව්‍රභාවයට පත්වන්නේ මේ අවධියේය. එනම් ක්‍රම ක්‍රමයෙන් විකුණුම් පහත වැටේ. ඒ අනුව ලාභයද හීන වේ.
ඉහත සදහන් කළ භාණ්ඩ ජිවන චක්‍රයේ ස්භාවය පහත දැක්වෙන රූප සටහනින් තවදුරටත් විස්තර කෙරේ. සියලුම නිෂ්පාදිත ඉහත සදහන් කළ ජිවන චක්‍රය අනුගමනය කරන්නේ යැයි කිව නොහැකිය. සමහර නිෂ්පාදන සංවර්ධන අදියරේම හෝ හදුන්වාදෙන අදියරේ හෝ මිය යා හැකිය. සමහර නිෂ්පාදිත පිරිහිමේ අධියරට ප්‍රවිශ්‍ඨ වි ප්‍රවර්ධනය හෝවෙනත් අලෙවිකරණ උපාය මාර්ග යොදා ගනිමින් නැවැතත් වර්ධන අදියරට පිවිසෙනු දැකිය හැකිය.
සාමාන්‍යයෙන් විලාසිත සහිත වු භාණ්ඩ සම්බන්ධයෙන් මෙම ජිවන වක්‍ර සංකල්පයේ වලංගුතාවය වැඩිය.