Packaging
භාණ්ඩයක දැවටුම (Wrapper) හෝ බහුලව (Container) නිර්මාණය කිරිම සහ නිපදවිම ඇසුරුම්කරණය යටතෙහි සැලකිල්ලට ලක් කෙරේ. ඇසුරුම
1. ප්‍රාථමික ඇසුරුම උදා:- දන්තාලේප අන්තර්ගත ටියුබය
2. ද්විතියික ඇසුරුම උදා:- දන්තාලේප ටියුබය අන්තර්ගත පැකටිටුව
3. ප්‍රවාහන ඇසුරුම උදා:- නැව්ගත කිරිම් වැනි ප්‍රවහන කටයුතු සදහා යොදා ගන්නා
දන්තාලේප පැකට් ඇතුලත් කාඩ්බෝඩ් පෙට්ටි ලේබල් කිරිම, ඇසුරුමේ ඇති තොරතුරු මුද්‍රණය කිරිම යනාදියද ඇසුරුම්කරණයට ඇතුළත් වේ.
ඇසුරුම (Package)
ඇසුරුම සාමාන්‍යයෙන් සන්නම් / වෙළෙද ලකුණු සහිතව නිර්මාණය කෙරේ. එයද භාණ්ඩයට / සේවාවට ආවේණික වු ලක්ෂණවලින් යුක්ත වේ. ඇසුරුම දුටු පමණින් භාණ්ඩය පහසුවෙන් හදුනාගත හැකිවේ. හැඩය, වර්ණය, ඒකාකාර වේ.
සාම්ප්‍රදායිකව භාණ්ඩයක ඇසුරුමක මුලිකම කාර්යය වුයේ භාණ්ඩය ආරක්ෂා කිරිමයි. එසේ වුවද වර්තමානයේ ඇසුරුම වැදගත් අලෙවිකරණ උපකරණයක් ලෙස සැළකිමට සාධක රාශියක් හේතු වි තිබේ. අසුරුමකින් විකුණුම් කාර්යයන් කිහිපයක් ඉටුවේ. එනම්,
- සිල්ලර වෙළෙදසැලේ රාක්ක තුළ භාණ්ඩ ප්‍රදර්ශනය කළ හැකිවිම.
- ගනුදෙනුකරුගේ අවධානය ලබාගත හැකිවීම. (Consumer Affluence)
- භාණ්ඩය පිළිබද විස්තර මුද්‍රණය කළ හැකිවිම.
- ස්වයං සේවා වෙළෙදසැල් තුළ පාරිභෝගිකයන්ට පහසුවෙන් තෝරා ගත හැකිවිම. (Self – Service)
නිර්මාණශීලි ඇසුරුමකින් තරගකරුවන් අභිබවා යාමේ හැකියාව ව්‍යාපාරිකයාට ලබාගත හැක. ඉහත සදහන් කළ සියල්ල අනුව හොද ඇසුරුමකින් පහත දැක්වෙන පහත දැක්වෙන ප්‍රතිලාභ ලගාකර ගත හැකිය.
PACKEGE
P = Protection ආරක්ෂාව
A = Attacting attention අවධානය ලබා ගැනිම
C = Convenience ගෙනයාම, ගබඩාකිරිම, පරිහරණය වැනි කටයුතු සදහා
පහසුවිම
K = Knowledge භාණ්ඩ පිළිබද විස්තර හෙවත් දැනුම
A = Afforable පිරිවැය අවමවිම (ඇසුරුම සදහා වැඩි පිරිවැයක් නොදැරිම)
G = Grater Value වැඩි වටිනාකමක් එක් කිරිම
E = Environment Concern පරිසරය ගැන සැලකිලිමත් විම
භාණ්ඩයේ හා පාරිභෝගික ආරක්ෂාව
භාණ්ඩ නරක් විම, වාෂ්පිකරණය විම, පළුදුවිම වලක්වා භාණ්ඩය ආරක්ෂා කරලීමට යෝග්‍ය වන පරිදි ඇසුරුම් සකස් විය යුතුය. සකස් කරන ලද ආහාර පාන ඇසිරිමට නම් හොදින් ආවරණය කළ ජලය හෝ වාතය ඇතුළත් නොවන අයුරින් සකස් වු ඇසුරුම් අවශ්‍ය වේ.වාතය ඇතුලත් නොවන අයුරින් සකස් වු ඇසුරුම් අවශ්‍ය වේ.වාතය ඇතුලත් නොවන ලෙස සිල් තැබු බෝතල්වල, ටින්වල හෝ කඩදාසි පැකට්වල එවැනි භාණ්ඩ හැසිරිම යෝග්‍ය වේ.ද්‍රව භාණ්ඩ බෝතල්වල ඇසිරිම වඩා උචිතය. භාණ්ඩයේ ගුණය, නව්‍යතාවය, සඵලදායිභාවය සුරුකෙන පරිදි ඇසිරිම වැදගත් වේ.ප්‍රවාහනයේදි, ගබඩා කිරිමේදි, ගෙන යාමේදි භාණ්ඩය පළුදුවිම, නශ්‍යවීම, හානිවිම වැළැක්වෙන ආකාරයට ඇසුරුම පිළියෙල විය යුතුය.
ඖෂධ වර්ග, ළදරු ආහාර පාන වර්ග සදහා විශේෂිත ඇසුරුම් යොදා ගනු ලබන්නේ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරිම උදෙසාය. ආහාර, බීම වැනි පාරිභෝගික ද්‍රව්‍ය අනුචිත ඇසුරුම්වල බහාලිම තුළින් ආහාර විෂවිම, ගුණය, රසය හින විම වැනි අහිතකර තත්ත්වයන්ට පාරිභෝගිකයාට මුහුණ පැමට සිදුවිය හැකිය. අනතුරුදායි භාණ්ඩ සදහා අවවාද සහිත සුරක්ෂිත ඇසුරුම් අවශ්‍යය. එමගින් පාරිභෝගික සුරක්ෂිපතාව සහතික කෙරේ.
ආකර්ශණිය බව
භාණ්ඩයක ඇසුරුම දැකුම්කළු වීම වැදගත්ය. ඇසුරුම් සහිත භාණ්ඩ රැසක් අතරින් පාරිභෝගික නෙතට ඉක්මනින් ආකර්ශණීය වන ඇසුරුම වාසිදායකය. ඇත්තෙන්ම පාරිභෝගිකයාගේ ඇසට ප්‍රථමයෙන් ලක්වන්නේ ඇසුරුමයි. එහි අන්තර්ගත භාණ්ඩය නොවේ.
පහසුව
ඇසුරුම් නිර්මාණයේදි පහස්ව යන ලක්ෂණය කෙරෙහි සැලකිල්ලක් දැකිවිය යුතුය. මෙම පහසුව කිහිප අංශයකින් වැදගත් වේ.
1. ගබඩාවල තොග වශයෙන් භාණ්ඩ අසුරා තැබිමට පහසුවන ලෙස එහි ඇසුරුම සකස් වි තිබිය යුතුය. ඒකක ඇසුරුම සහ තොග ඇසුරුම් ඒ සදහා අවශ්‍ය වේ.
2. ඇසුරුම් සහිත භාණ්ඩ පරිවහනය පහසුය. ඒවා පැටවිම, බෑම, ඔබ මොබ ගෙනයාම පහසුය. නිෂ්පාදනාගාරයේ සිට තොග ගබඩා දක්වාත්, එහි සිට තොග වෙළෙන්දා දක්වාත්, අවසානයේ පාරිභෝගික නිවස දක්වාත් භාණ්ඩ පරිවහනය ඇසුරුම් නිසා පහසුවි ඇත.
3. විවිධ සිල්ලර වෙළෙද සැල්වල භාණ්ඩ ප්‍රදර්ශනය කර තැබිම රාක්කවල, කවුළුවල අසුරා තැබීම ඇසුරුම් නිසා පහසු වි ඇත.
4. භාණ්ඩය පාරිභෝගික නිවසට ගෙනවුත් පරිහරණයට යොදා ගැනිම ඇසුරුම් නිසා පහසු වි ඇත.
එමගින් ද්‍රව්‍යයේ නව්‍යතාව, ශුන්‍ය ආරක්ෂා වේ.අපතේ යාමද අවම වේ. සාමාන්‍යයෙන් එකම ගණයේ භාණ්ඩ සදහා එකම ස්වභාවයේ ඇසුරුම් දක්නට ලැබේ. සිසිල් බිම බෝතල් හෝ වියලි ආහාර වැනි භාණ්ඩ සදහා වු ඇසුරුම් වල ස‍්වභාවය බොහෝ විට සමානත්වයක් උසුලයි.
ඇසුරුම්වල ප්‍රමාණය හා බර එනම් දළ බර (ඇසුරුම් බර + භාණ්ඩයේ ශුද්ධ බර) විකුණුම් සේවකයන්ට හා පාරිභෝගිකයන්ට හැසිරවිය හැකි ප්‍රමාණයෙන් යුක්ත විය යුතුය. විශාල ප්‍රමාණ හා වැඩි බර සහිතවිම උචිත නොවේ. ඇසුරුම් ප්‍රමාණ (Size) කිහිපයකින් යුක්තව සකස්විම වඩා යෝග්‍යය. තනි පුද්ගලයෙකු පරිහරණයට නම් කුඩා ප්‍රමාණයන්ගෙන්ද වශයෙන් ප්‍රමාණ සකස්විම වැදගත්ය.
දැනුම හෙවත් තොරතුරු ලබාදිම
ඇසුරුමෙහි භාණ්ඩයේ නිෂ්පාදකයා, රට, අන්තර්ගත ද්‍රව්‍ය, නිපදවු දිනය, යල් පනින දිනය, පාවිච්චි කරන ආකාරය, ගබඩා කර තැබිය යුතු අන්දම යනාදී තොරතුරු හා උපදෙස් මුද්‍රණය කළ හැකි වේ. නොඑසේ නම් විස්තර හා අපදෙස් පත්‍රිකා ඇසුරුම් තුළ බහාලිය හැකි වේ. සමහර භාණ්ඩ සම්බන්ධව අනිවාර්යයයෙන් සටහන් කළ යුතු කරුණු ජාතික හා අන්තර්ජාතික ඇසුරුම් නිතිරිති මගින්ද නියම කර ඇත.
සමහර භාණ්ඩ වලට අදාල වු අන්තර්ජාතික නිෂ්පාදිත සංකේත (Universal Product Code UPC) එහි ඇසුරුමෙහි මුද්‍රණය විය යුතුය. මෙම සංකේත රේඛා වශයෙන් දක්නට ලැබේ.
සමහර වෙළෙදසැල්වලට අදාල වු භාණ්ඩ හා මිල සංකේතද මේ ආකාරයෙන්ම මුද්‍රිතය. විශේෂයෙන්ම සුපිරි වෙළෙදසැල් මිල හා භාණ්ඩ සංකේත යොදා ගන්නේ එම සංකේත ඉක්මනින්ම විද්්‍යුත් පරිගණක උපකරණ මගින් කියවා අදාල බිල්පත්හි පහසුවෙන් හා ඉක්මනින් සටහන් කළ හැකි බැවිනි. එසේම තොග පාලනය, ගිණුම්කරණය එම සංකේත භාවිතය මගින් නිවැරදිව හා කබිනමින් කළ හැකිව ඇත.එය ව්‍යාපාරිකයාට මෙන්ම පාරිභෝගිකයාට ද පහසුවක් වි ඇත.
දැරිය හැකිවිම
ඇසුරුම් නිරිමාණයට පිරිවැයක් දැරිය යුතුය. ඉතා අධික වියදමක් දරා ඉතා උසස් ගණයේ ඇසුරුම් සකස් කළ නොහැකි නොවේ. එහෙත් මෙහිදි අන්තර්ගත භාණ්ඩයේ වටිනාකම කෙරෙහි අවධානය යොමු කිරිම වැදගත්ය. අන්තර්ගත භාණ්ඩයේ මිලෙන් කිසියම් සාධාරණ ප්‍රතිශතයකට වඩා පිරිවැයක් දරා එහි ඇසුරුම සකස් නොවිය යුතුය. එසේ විය යුත්තේ ඇසුරුමේ පිරිවැය භාණ්ඩයේ මිලට එකතුවන බැවිනි. ඒ අනුව ඇසුරුම් පිරිවැය දැරිමට සිදුවන්නේ අවසාන පාරිභෝගිකයාටයි. එය පාරිභෝගිකයාට දැරිය හැකි පිරිවැයක් විය යුතු වන්නේය.
වටිනාකම නැංවිම
ඇසුරුම මගින් අන්තර්ගත භාණ්ඩයට උසස් පෙනුමක් ඉහළ අගයක් ලබාදිය හැකිය. එනම් අන්තර්ගත භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි අගයක් ඇසුරුම තුලින් පාරිභෝගිකයා දකි.
පරිසර ආරක්ෂාව
ඇසුරුම සහිත භාණ්ඩ අද වෙළෙද පොළෙහි බහුලය. එදිනෙදා පාවිච්චියෙන් පසු ඇසුරුම් ඉවත දමත් දිනපතා පරිසරයට එකතුවන ඇසුරුම් නිසා පරිසරයට විශාල තර්ජනයක් දැන් එල්ල වි තිබේ. පරිසර දුෂණයට එය හේතු වි තිබේ. එබැවින් ඇසුරුම් සකස් කිරිමේදී පරිසර ආරක්ෂාව පිළිබදව නිෂ්පාදකයෝ උනන්දු විම අවශ්‍යව ඇත. භාණ්ඩ මිලට ගැනිමේදි පාරිභෝගිකයාද පරිසරයට අහිතකර නොවන ඇසුරුම් සහිත භාණ්ඩ මිලට ගැනිමට හැකි හැම විටම අත්සාහ ගත යුතුය. ඉක්මනින් දිරාපත් නොවන පොලිතින්, ප්ලාස්ටික්, ටින් වැනි ද්‍රව්‍ය වලින් සකස් වි ඇති ඇසුරුම් අද ලෝකයේ සෑම රටකම වාගේ පරිසර දුෂණයට බලපා ඇත. හරිත වර්ණ ද්‍රව්‍ය (Green Product) යොදා ගැනීම කෙරෙහි දැන් දැන් අනන්දු වන්නේ ඒවා ඉක්මනින් දිරාපත් වන බැවිනි. එවැනි ද්‍රව්‍ය යොදා ගත නොහැක්කේ නම් නැවත නැවත භාණ්ඩ ඇසිරිමට පාවිච්චි කළ හැකි (Recyclable) ඇසුරුම් යොදා ගැනීම වරදක් නොවේ. විදුරුවලින් හෝ ටින්වලින් සකස් කරන ලද ඇසුරුම් එසේ නැවත භාවිතයට යොදා ගත හැකිය. පරිසර දුෂණය අවම කිරිමට ව්‍යාපාරිකයාත්, එවැනි ඇසුරුම් සහිත භාණ්ඩ මිලට ගැනිමට පාරිභෝගිකයාත් උනන්දුවිම සමාජීය වගකිමක් වේ.
ලේබල්කරණය
Lebeling
ලේබලය භාණ්ඩයක ඇසුරුමේම කොටසක් ලෙස අන්තර්ගත කෙරේ. ලේබලයකින් කාර්යයන් කිහිපයක් අපේක්ෂිතය.
1. භාණ්ඩය හෝ සන්නම ලේබලයෙන් හදුනාගනි.
2. භාණ්ඩයේ නිෂ්පාදකරු, එය නිෂ්පාදනය කළ රට හා ස්ථානය, නිෂ්පාදනය කළ දිනය, කල් ඉකුත්වන දිනය, එහි අන්තර්ගත දෑ, එය පරිහරණයට ගන්නා ආකාරය, එය ආරක්ෂිතව පරිහරණය කරන අන්දම යනාදී විස්තර ඇතුලත් වේ.
3. ආකර්ශන චිත්‍ර හා ප්‍රස්තාර මගින් භාණ්ඩය ප්‍රවර්ධනය කිරිම.
ලේබල් යෙදිම සම්බන්ධව නෙනතික අවශ්‍යතාවන්ද පවති. ලේබල්වල අන්තර්ගත කිරිම, පාර්භෝගික ආර්ක්ෂාවට අදාළ තොරතුරු අන්තර්ගත නොකිරිම, පාරිභෝගිකයා මුලාකරන තොරතුරු ඇතුළත් කිරිම නිති විරෝධී වේ.
එසේම සමහර භාණ්ඩවල ඇසුරුමක ලේබලය අන්තර්ගත කිරිම නිතීමය අවශ්‍යතාවයක් වි ඇත. එම ලේබලයෙහි නිෂ්පාදිතයේ නම, නිෂ්පාදිතයේ අන්තර්ගතය (සංයෝජනය), නිෂ්පාදිත ස්ථානය, නිෂ්පබාදිත දිනය හා කල් ඉකුත්වන දිනය අනිවාර්යයෙන්ම සදහන් කළ යුතුය.