පාරිභෝගිකයාට තරගකාරි භාණ්ඩ අතරින් යම්කිසි භාණ්ඩයක් වෙන්කොට හදුනා ගැනිමට පහසු පදයක්, ලාංජනයක් හෝ මේ දෙකෙහි සංකලනයක්, සන්නම (Brand) ලෙස හැදින්විය හැකිය.
සන්නම් නාමයක් (Brand Name) ලෙස හැදින්වෙන්නේ සන්නමක අච්චාරණය කළ හැකි හෙවත් කියවිමට හැකි කොටසයි. සන්නමකට ආවේනික වු ලාංජනය සන්නම් ලකුණු (Brand Mark) ලෙස හැදින්වේ. කිසියම් ව්‍යාපාර ආයතනයක් නියෝජනය කරන, වෙළෙද ලකුණ ආඥා පනත යටතේ ලියාපදිංචි කිරිමෙන් නිත්‍යානුකුල රුකවරණයක් ලබා ගත් සන්නමක් හෝ ලාංඡනයක් වෙළෙද ලක්ණකි.
පාරිභෝගිකයන් භාණ්ඩයක වැදගත් කොටසක් ලෙස සන්නම සැලකිල්ලට ගනි. සන්නම භාණ්ඩයට කිසියම් වටිනාකමක් එකත කරයි. සන්නමක් නොමැති භාණ්ඩයකට වඩා සන්නම් සහිත භාණ්ඩ මිලදි ගැනිමට පාරිභෝගිකයා කැමැත්ත දක්වයි.
සන්නමක් ගැනුම්කරුට කිහිප ආකාරයකන් අදව්වේ. තමාට ප්‍රතිලාභ ලබාගත හැකි භාණ්ඩයක් හදුනා ගැනිමට සන්නම ප්‍රධාන වශයෙන් උදව් වේ. එපමණක් නොව භාණ්ඩයේ ගුණත්වය ගැන අදහසක් සන්නමින් ලැබිය හැකිය. සන්නමක් සහිත භාණ්ඩයක් නිරන්තරව ගන්නා විට එකම ගුණය, ප්‍රතිලාභ, අංගෝපාංගවලින් එය යුක්ත බව තහවුරු කෙරේ.
විකුණුම්කරුටද සන්නමකින් වාසි කිහිපයක් ලැබේ. භාණ්ඩය පහසුවෙන් වෙළෙද පොළට හදුන්වා දිමට, භාණ්ඩයේ විශේෂ ගුණයන් පිළිබද පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනිමට විකුණුම්කරුට හැකිවේ. එපමණක් නොව තරගකාරි භාණ්ඩයකට තරගකාරි වෙළෙද පොළ තුළ සිය සන්නම සහ වෙළෙදනායට නෛතික ආරක්ෂාව ලබා ගත හැකිය.
අද වෙළෙද පොළ තුළ ඇති මිල තරගයෙන් ආරක්ෂා විමට අසස් සන්නම් සහිත භාණ්ඩවලට හැකියාව ලැබි ඇත. සන්නම් යශෝරාවය භාණ්ඩ එකක් නොව භාණ්ඩ පෙළක් නිෂ්පාදනයට සහසැපයිමට අපකාරි විම තුළින් වෙළෙද පොළ තුළ තරගකාරි වාසි භුක්ති විදිමට ව්‍යාපාරිකයන්ට හැකි වි තිබේ.
වෙළෙද පොළ තුළ අසස් සන්නමකට වටිනාකමක් ලැබි තිබේ. සමහර අවස්ථාවල පාරිභෝගිකයා භාණ්ඩ ඉල්ලුම් කරන්නේ සන්නම් නාමයෙනි. මෙම සන්නම් කිර්තිය, සන්නම් හිමිකාරිත්වය මිල කළ හැකිය.
සන්නමක් තෝරා ගැනිම
භාණ්ඩයේ සාර්ථකත්වය සදහා හොද සන්නම් නාමයක් උපකාරිවේ. සුදුසු නාමයක් තිරණය කිරිම එතරම් පහසු නැත. නාමයක් තිරණය කිරිමේදි භාණ්ඩය, එහි ප්‍රතිලාභ, ඉලක්ක වෙළෙද පොළ යනාදි සාධක හොදින් විමර්ශනය කළ යුතුය. කෙසේ වුවද සන්නම් නමයක තිබිය යුතු ගුණාංග කිහිපයක් සදහන් කළ හැකිය.
1. භාණ්ඩයේ මුලික ගුණාංග, ප්‍රයෝජ්‍යතාව හා වටිනාකම පිළිබද අදහසක් සන්නම් නමයේ න්තර්ගතවිම. (Attributes, Benefist and Value)
2. උච්චාරණයට, හදුනාගැනිමට සහ මතකයේ රදවා ගැනිමට හැකිවිම. (ඒ අනුව කෙටි නාමයක් වඩ යෝග්‍ය වේ.)
3. තරගකාරි භාණ්ඩවලින් වෙන්කර හදුනගත හැකි නමක් විම. (Distinctive)
4. පහසුවෙන් වෙනත් භාෂාවකට පරිවර්ථනය කළ හැකිවිම
5. ලියාපදිංචියට සහ නෛතික ආරක්ෂාව ලබා ගැනිමට හැකිවිය යුතු විම.
6. කිසියම් සංස්කෘතියක් නියෝජනය විය යුතු විම. (Culture)
සන්නම් වර්ග
- පවුල් සන්නම (Family Brand)
කිසියම් ආයතනයක් සිය සෑම නිෂ්පාදන වර්ගයක් සදහාම (භාණ්ඩ පෙළ සදහාම) එකම සන්නම් නාමයක් භාවිත කරන්නේ නම් එය පවුල් සන්නම ලෙස හැදින්විය හැකිය.
- භාණ්ඩ සන්නම (Individual Brand)
ඒ ඒ භාණ්ඩ වර්ග සදහා වෙන් වෙන් සන්නම් යොදා ගන්නේ නම් එය භාණ්ඩ සන්නමකි.එනම් එක් භාණ්ඩ වර්ගයකට ආවේණික වු සන්නමකි.
සන්නම් පක්ෂපාතිත්වය
සන්නම් සතු බලය වතක්සේරුවට ලක් නොකළ යුතුය. සන්නම කෙරෙහි පාරිභෝගික පක්ෂපාතිත්වය ලබාගත හැකි වුවහොත් එය ව්‍යාපාරිකයාගේ ජයග්‍රහනයකි. අලෙවිකරණ පරිශ්‍රමයෙන් අඩක් නිමවු ලෙස එය සැළකිය හැකිය. මෙහිදි වැදගත් වන්නේ කොතෙක් දුරට පාරිභෝගික පක්ෂපාතිත්වය ලැබි ඇත්ද යන්නයි. සාමාන්‍යයෙන් සන්නම් පක්ෂපාතිත්වයේ අදියර 3 ක් දැකිවිය හැකිය.
1. සන්නම් නාමයෙන් භාණ්ඩ ඉල්ලා සිටිම -(Brand Insistence)
මෙය සන්නම් සදහා ඇති ඉහළම පක්ෂපාතිත්වයක් ඇති පාරිභෝගිකයා එම භාණ්ඩය ඉල්ලා සිටින්නේ සන්නම් නාමයෙනි. එම සන්නම සහිත භාණ්ඩය එකි පාරිභෝගිකයාට අත්‍යාවශ්‍ය භාණ්ඩයකි. විකල්ප භාණ්ඩ ඔහුට නැත. මෙවැනි ඉහළ සන්නම් පක්ෂපාතීත්වයක් ඇති භාණ්ඩ ප්‍රවර්ධනය කිරිම එතරම් අවශ්‍ය නැත. බෙදා හැරිමද පහසුය. පාරිභෝගිකයා එම සන්නම සහිත භාණ්ඩයකින් ඉහළ තෘප්තියක් ලබනතර විකල්ප භාණ්ඩ කෙරෙහි යොමු නොවේ.
2. සන්නම් වරණය -(Brand Preference)
සන්නම් පක්ෂපාතිත්වයේ දෙවන දියර සන්නම් කෙරෙහි ඇති වරණයයි. එකි සන්නම් සහිත භාණ්ඩය වෙළෙද පොළෙහි පහසුවෙන් මිලට ගත හැකි නම් එසේ මිලට ගැනිමට පාරිභෝගිකයා කැමැත්ත දක්වයි. යම් හෙයකින් එම සන්නම් සහිත භාණ්ඩය වෙළෙද පොළෙහි නොවේ නම් විකල්ප භාණ්ඩයක් මිලට ගැනිමට පාරිභෝගිකයා නැඹුරු වෙයි. මෙවැනි පක්ෂපාති මට්ටමක පවතින භාණ්ඩ නිසි පරිදි වෙළෙද පොළෙහි සුලභ කිරිමට ව්‍යාපාරිකයා වගබලා ගත යුතුය.
3. සන්නම හදුනා ගැනිම -(Brand Recognition)
සන්නම පක්ෂපාතීත්වයේ පහළ මට්ටම සන්නම හදුනාගැනිමයි. මෙහිදි පාර්භෝගිකයා ප්‍රවර්ධන මගින් භාණ්ඩ සන්නම හදුනාගනි. සන්නමෙන් භාණ්ඩ ඉල්ලුමක් කිරිමක් හෝ සන්නමට කැමැත්ත දැක්විමක් නොකරයි. වෙළෙද පොළෙහි භාණ්ඩයක් දුටුවහොත් මිලට ගැනිමට පෙළඹේ.
ඉහත සදහන් කළ සන්නම පක්ෂපාති මට්ටම් වලින් තහවුරු වන්නේ සන්නම් සදහා ගොඩනැගෙන පක්ෂපාතිත්වය දවසකින් දෙකකින් ලබා ගත හැක්කක් නොවන බවයි. එය දිගුකල් පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.
![](/sayura/images/logo2.png)