Product Mix
කිසියම් විකුණුම්කරුවෙකු විකිණීමට ඉදිරිපත් කරන නිෂ්පාදිත කට්ටලය (Set Of Product) නිෂ්පාදිත මිශ්‍රය ලෙස හදුන්වයි. නිදසුනක් ලෙස මැලිබන් සමාගම ප්‍රධාන භාණ්ඩ අයිතම දෙකක් වෙළෙද පොළට ඉදිරිපත් කර ඇත. බිස්කට් හා කිරිපිටි එම සමාගමේ නිෂ්පාදන මාර්ග (Product Line) දෙකයි. සමාගමක නිෂ්පාදිත මිශ්‍රය කිසියම් පළලකින්, දිගකින්, ගැඹුරකින් හා එකගතාවයකින් සමන්විතය. (Poduct Mix Has a Width, Length, Depth and Consistency)
පළලින් (Width) පෙන්වනුයේ සමාගම සතු නිෂ්පාදිත වර්ග (Lines) සංඛ්‍යාවයි.
දිගින් (Length) පෙන්වනුයේ සියළුම මාර්ගවල අන්තර්ගතව ඇති අයිතම සංඛ්‍යාවයි.
ගැඹුරින් (Depth) පෙන්වනුයේ එක් නිෂ්පාදිත වර්ගයක් (Line එකක) යටතේ ඉදිරිපත් කරන අයිතම සංඛ්‍යාවයි. සමාන්තරව / එකගතාවය (Consistency) යනු භාණ්ඩ වර්ග අතර ඇති සහ සම්බන්ධයයි.
පහත දැක්වෙන X සමාගමේ නිෂිපාදිත මිශ්‍රයයි.
Product Mix Width පලල
සබන් Bar Soap | දන්තාලේප | දියර නාශක | කඩදාසි |
A සුවද සබන් B විෂබීජ නාශක සබන් C රෙදි සෝදන සබන් D පිගන් කෝප්ප සේදිමේ සබන් | A සාමාන්‍ය B ආරක්ෂාකරන
C දත් සුදුකරන | A විෂබිජ B නිවසෙහි බිම සෝදන | 1.අත්පිස්නා 2.Toilet
3.උ ත්සව සදහා |
ඉහත තොරතුරු අනුව X සමාගමේ නිෂ්පාදිත මිශ්‍රයේ
පළල = 4යි. එනම් භාණ්ඩ පෙළවල් 4කි.
දිග = සබන් වර්ග 4 + දන්තාලේප 3 + දියර නාශක 2 + කඩදාසි 3 = 12 යි.
ගැඹුර = සබන් පෙළේ ගැඹුර 4 යි.
දන්තාලේප පෙඝේ ගැඹුර 3 යි.
දියර නාශක ගැඹුර 2 යි.
කඩදාසි පෙළේ ගැඹුර 3 යි.
සාමාන්‍ය ගැඹුර = 3 යි.
සමානතාවය
ඉහත නිෂ්පාදන පෙළ හතරේ ඇති අයිතමයන්ගේ සහ සම්බන්ධයයි.එනම් එම අයිතමයත් වසාන පාරිභෝගිකයාගේ දෘෂ්ටියෙන් කොතරම් දුරට සමිපද ? යන්නයි. සබන් + දන්තාලේප + නාශක + කඩදාසි එකම ස්වභාවයේ අරමුණු සදහා යොදා ගනි. (පිරිසිදු කිරිම්) ඒ අනුව මෙම X ආයතනයේ භාණ්ඩ මිශ්‍රයේ සමානාත්මතාවක් පවති.
නිෂ්පාදිතයක ගුණාංග
වෙළෙද පොළට ඉදිරිපත් කරන භාණ්ඩයක හෝ සේවාවක අත්‍යාවශයෙන්ම පහත දැක්වෙන අංග ඇතුලත් විය යුතුය.
- ගුණත්වය (Quality)
- අංගෝපාංග (Features)
- නිමාව Design)
වෙළෙද පොළේ ජයගැනිමේ ප්‍රධාන උපකරණය භාණ්ඩ හා සේවාවල ගුණත්වයයි. දෘෂ්ටි කෝණ දෙකකින් ගුණත්වය දෙස බැලිය හැකිය.
අ). ගුණත්ව මටිටම (Quality Level) නැතහොත් ක්‍රියාකාරිත්ව ගුණය
උදා:- මෝටර් රථයක ක්‍රියාකාරිත්ව ගුණත්වය යනු බාධාවකින් තොර සියුම් ධාවනයයි.
ආ). ගුණත්වයේ අඛණ්ඩ පැවැත්ම (Consistency)
උදා:- මෝටර් රථයේ කඩා වැටිම්වලින් තොරව දිගුකාලිනව ධාවනයේ යෙදවිය හැකිවිම.
භාණ්ඩයක් හෝ සේවාවක් අංගෝපාංග කිහිපයකින් යුක්තව ඉදිරිපත් කළ හැකිය.
උදා:- මෝටර් රථයක විවිධ විකල්ප අංග ඇතුලත් කිරිම, අතින් ක්‍රියා කරන විවිධ අංග බලයෙන් ක්‍රියාකිරිමට සකස් කිරිම. (Power Mirrors, Power Windows, Central Locking ආදිය)
නුතන තරගකාරි වෙළෙද පොළ තුල නිමාව වැදගත් වේ. මෝටර් රථ, විද්‍යුත් උපකරණ, පරිගණක යනාදි භාණ්ඩ නිෂ්පාදනය කරන බොහෝ ආයතන සිය කිර්තිය වැඩි කරගෙන අත්තේ විශිෂ්ඨ නිමාවක් නිසාය.නිමාව ශෛලිමය (Style) නොවේ. ඊට වඩා වැඩි යමකි. ශෛලිය භාණ්ඩවල පෙනුමයි (Appearance). භාණ්ඩයේ පරිහරණය සහ එහි පෙනුම යන දෙඅංශයට නිමාව තුළ අන්තර්ගත වේ. හොද නිමාවක් ගණුදෙනුකරුගේ අවධානය ලබාගනි.භාණ්ඩයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. නිෂ්පාදන පිරිවැය අඩුකරයි.වෙළෙද පොළ තුළ තරගකරුවන් අභිබවා යාමට ශක්තිය ලබාදෙයි.
භාණ්ඩ / සේවා අනන්‍යතාවය
කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සෙසු භාණ්ඩ හෝ සේවවලින් වෙන්කොට හදුනා ගැනිමට අති සුවිශේෂිතාව එහි අනන්‍යතාවය ලෙස හැදින්වේ. මේ සදහා ප්‍රථාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ සන්නම (Brand) සහ ඇසුරුම (Package) යි.