The Product
අවශ්‍යතාවක් හෝ වුවමනාවක් තෘප්තිමත් කිරිම සදහා වෙළෙද පොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් නිෂ්පාදිතය ලෙස හැදින්විය හැකිය. (A Product is that can be offered to a market to satisfy a want or need)
වෙළෙද පොළට ඉදිරිපත් කරන නිෂ්පාදිත වශයෙන්,
භෞතික භාණ්ඩ Physical Goods
සේවා Services
අත්දැකිම් Experience
ඉසව් Events
පුද්ගලයන් Persons
ස්ථාන Places
දේපල Properties
සංවිධාන Organizations
තොරතුරු Infromation
අදහස් Ideas
නිෂ්පාදිත මට්ටම Product Level
වෙළෙද පොළට ඉදිරිපත් කරන නිෂ්පාදිත සැලසුම්කරණයේදි ගණුදෙනුකරුට වැඩි වැඩියෙන් වටිනාකම් ලබාදිමට අලෙවිකරු උත්සාහ කළ යුතුවේ. ගණුදෙනුකරුට වටිනාකම් එක්කිරිම ලෙවිකරණයේදි මට්ටම් 5ක් යටතේ සිදුකෙරේ.
පළමු මට්ටම 1st Level
ප්‍රථම මට්ටම පදනම් මට්ටම නැතහොත් හර ප්‍රතිලාභ ගෙන දෙන මට්ටම ලෙස සැලකේ. (Fundamental Level Core Benfit) නියත වශයෙන් ගණුදෙනුකරු භාණ්ඩය මිලට ගන්නේ මෙම පදනම් මට්ටම නිසාය. හර ප්‍රතිලාභය නිසාය. රූපවාහිනියක් මිලට ගන්නේ රුප හා ශබ්ද ලබා ගැනිමටය. මෝටර් රථයක් මිලට ගන්නේ ප්‍රවාහනය Transport සදහායි.
දෙවන මට්ටම 2 nd Level
මෙම මට්ටමේදි හර ප්‍රතිලාභය මුලික නිෂ්පාදිතය (Basic Product) බවට පත්වේ.ප්‍රවාහනයට යොදා ගන්නා මෝටර් රථය - එන්ජිම - කද (Body) - ආසන වලින් සමන්විතව ඉදිරිපත් කිරිම මුලික අවශ්‍යතාවලින් සමන්විතව ඉදිරිපත් කිරිමයි.
තුන්වන මටිටම 3 rd Level
මෙම මට්ටමේදි ගැණුම්කරු ආකර්ශනය කර ගැනිමට අවශ්‍ය අවශේෂ අංශවලින් යුක්තව නිෂ්පාදිතය ඉදිරිපත් කරයි. (Expected Produt) මෝටර් රථයේ වේගය Sped ආරක්ෂාව Safety සුව පහසුව Comfort යනාදි ගනුදෙනුකරු අපේක්ෂා කළ ගුණාංග සහිතව ඉදිරිපත් කිරිමයි.
හතරවන මට්ටම 4 th Level
ගනුදෙනුකරු අපේක්ෂා කරන මට්ටමමත් ඔබ්බට භාණ්ඩය සංවිධානය කර ඉදිරිපත් කිරිම මේ මට්ටමේදි සිදුවේ. (Augmented Product) මෝටර් රථය, වායුසමිකරණය, CD, TV, Poer Mirrors ආදි අංග සහිතව ඉදිරිපත් කිරිම.
පස්වන මට්ටම 5th Level
භාණ්ඩය සියළුම සංවර්ධන මට්ටම් සහ පරිවර්ථනයන් සහිතව අනාගත වෙළෙද පොළට (විභව වෙළෙද පොළට) පිවිසිමේ මට්ටම මෙයයි. විභව නිෂ්පාදිතයක් ඉදිරි කාලයේදි සංවර්ධනය විමය.(Potential Product)
මෝටර් රථ නුදුරු අනාගතයේදි පරිගණක වැඩ සටහන් මගින් ධාවනය වන ආකාරයට නිපදවිය හැකිය.
නිෂ්පාදිත මට්ටම් පහ පහත රූප සටහනින්ද පැහැදිලි කළ හැකිය.
නිෂ්පාදිත වර්ගිකරණය Product Classifications
නිෂ්පාදිත ඒවා ගති ලක්ෂණ අනුව වර්ග 3කට බෙදා දැක්විය හැකිය.
- කල්පැවැත්ම (Durability)
- ස්පාශ්‍යතාව (Tragibility)
- භාවිතය (Use)