අලෙවිකරණයේ සමාජ වගකිම් හා ආචාර ධර්ම
 

බොහෝ විට අලෙවිකරණ වැඩ සටහන්වල අරමුණු වන්නේ,



  1. ගණුදෙනුකරුගේ වශ්‍යතා හා වුවමනා සපුරාලිම
  2. ලාභ ලැබිම
  3. අදාල නිති - රිති හා රෙගුලාසි වලට අනුකුලව කටයුතු කිරිම වේ.

ව්‍යාපාර ආයතනයක සාර්ථකත්වය හුදෙක් ඉහත කරුණුවල සාර්ථකත්වය මත මැණිම ප්‍රමාණවත්ද? පොදුවේ ව්‍යාපාර කෙරේ ඇල්ම දක්වන සෙසු පාර්ශවයන්ට විශේෂයෙන්ම සමාජයට හා ජනතාවටද කිසියම් මෙහෙයක් ව්‍යාපාර මගින් ඉටුවිය යුතු නොවෙද යන ප්‍රශ්න පැන නැගි ඇත. ව්‍යාපාර පවත්නේ ජනතාව නිසාය.ව්‍යාපාර ක්‍රියාකරන්නේ සමාජ පද්ධතිය තුළය.එබැවින් ජනතාවට හා සමාජයට අහිතකර නොවන සේ ව්‍යාපාර කටයුතු කළ යුතුය.ව්‍යාපාරයන්හි වගකිමකි එය. එසේම අන් අයගේ ගැදියාවන්ට බාධා ඇති වන අයුරින් කටයුතු නෙ‍ාකළ යුතුය. එය ආචාර ධර්මයකි.


ව්‍යාපාරිකයන්ගේ වගකිම වන්නේ සිය ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලිම පමණක් නොවේ. සිය ගණුදෙනුකරුවන්ට අවංකවිම, සාධාරණවිම හා ගරු කිරිමද ව්‍යාපාරික වගකිමකි. සිය ගණුදෙනුකරුවන්ට පමණක් නොව සමාජයේ සෙසු පුද්ගලයන්ගේ අයිතින් උල්ලංඝනය නොවන ලෙසද කටයුතු කළ යුතුය. සමාජ සාධාරණය හා පොදු ජනයාට ගරු කිරිම ව්‍යාපාරිකයන්ගේ වගකිමක් විය යුතුය.


විශේෂයෙන්ම සෑම ව්‍යාපාරිකයෙක්ම පරිසරයට හානිකර ලෙස කටයුතු නොකිරිමට වගබලා ගත යුතුය. භාණ්ඩ හෝ ප්‍රචාරණ මගින් කිසිදු පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට අවමන් වන සේ වෙනස්කම් ඇති වන සේ හෝ ක්‍රියා නොකළ යුතුය. ඇත්තෙන්ම සමහර ව්‍යාපාරික ආයතන ඉහත කි සමාජ හා ආචාර ධර්ම පිළිපදිම්න් ඉන් ඔබ්බටද ගොස් විවිධාකාර සමාජ හා සුභ සාධක කටයුතු සදහා දායක වන බව පෙනි යයි. නිවාස හා ඉදිකිරිම්, ක්‍රීඩා සංවර්ධන කටයුතු, ළමා සුභ සාධනය, ආගමික හා සංස්කෘතික කටයුතු යනාදි පොදු සමාජ සේවාවලට ව්‍යාපාර ආයතන දායක වන්නේ සිය වගකිම් අවබෝධ කරගෙන ඇති බැවිනි.


අලෙවිකරණ හා ව්‍යාපාර සංවිධාන


නුතන ව්‍යාපාර ලෝකය තුළ අලෙවිකරණය විශාල කාර්යභාරයක් උසුලයි. එය සමස්ථ ව්‍යාපාරික ක්‍රියාවලියක් බවට පත්ව ඇත. ආරම්භයේදි අලෙවිකරණයද නිෂ්පාදන, මුල්‍ය, සේවක වැනි අංගයන් හා සමවිය.


එහෙත් දැන් අලෙවිකරණය සෙසු කාර්යභාරයන්ට වඩා වැඩි ස්ථානයක් හිමිකරගෙන සිටි. පාරිභෝගිකයා මුල්කර ගත් අලෙවිකරණය සමෝධානික කාර්යයක් ලෙස දැක්විය හැකිය.  

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන ආයතනයක පහත අංශ සදහා අලෙවිකරණය අතිශයින් දායක වේ.


ඉලක්ක වෙළෙද පොළ හදුනාගැනිම
පාරිභෝගික අවශ්‍යතා පර්යේෂණ
නිෂ්පාදිත සැලසුම් කිරිම
මිල ප්‍රතිපත්තියක් සකස් කිරිම
ප්‍රවර්ධන වැඩ සටහන් සම්පාදනය
පාරිභෝගිකයා වෙත භාණ්ඩ බෙදා හැරිම


ඕනෑම අලෙවිකරණ වැඩ සටහනක සාර්ථකත්වය රදා පවත්නේ ක්‍රමවත් සැලසුම් හා ඒවා ක්‍රියාත්මක කිරිම් මතය. විශාල ව්‍යාපාර ආයතනයන්හි මේ සදහා අලෙවිකරණ දේපාර්තුමේන්තුවක් වේ. සුළු හෝ මධ්‍ය පරිමාණ ායතනවල කුඩා අලෙවිකරණ අංශයක් හෝ අලෙවිකරණය පිළිබද පුහුණුවක් ලැබු සේවකයන් කිහිප දෙනෙකු සිටිය හැකිය.


අලෙවිකරණය පිළිබද විශේෂඥයින් බදවා ගෙන නොමැති ආයතනවලට වෙළෙද පොළ පර්යේෂණ, ප්‍රචාරය වැනි කාර්යයන් සදහා වෘත්තිය අලෙවිකරණ ආයතනවලින් අවශ්‍ය පුද්ගලයින් කුළියට ගත හැකිවේ.


සාර්ථක ව්‍යාපාරවල අද පවත්නා දර්ශනය වන්නේ පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් කරලිම සදහා හුදෙක් අලෙවිකරණ අංශය පමණක් නොව සෙසු සෑම අංශයක්ම එනම් සමස්ථ ව්‍යාපාරයම කටයුතු කළයුතු බවයි. ගනුදෙනුකරුවන් ලබා ගැනිමත් පවත්වා ගැනිමත් සදහා නිෂ්පාදන, මූල්‍ය, සේවක, පරිපාලන යනාදි සෑම අංශයක්ම අලෙවිකරණ අරමුණු හා සංකලනය විය යුතුව ඇත. ව්‍යාපාර පවත්නේ ගණුදෙනුකරුවන්ට මිලට ගැනිමට වුවමනා භාණ්ඩ හා සේවා සම්පාදනය සදහාය. එනම් භාණ්ඩ හෝ සේවා ලණුදෙනුකරුවන්ගේ වුවමනාවලට අනුකුල විය යුතුය. අදාල සේවකයන්ගේ සහාය ලැබිය යුතුය. ගණුදෙනුකරු හා ව්‍යාපාරය යන දෙපාර්ශවයේම අනෝන්‍ය ප්‍රතිලාභය සදහා ව්‍යාපාරික සම්බන්ධතා පදනම් විය යුතුය.


මේ ආකාරයෙන් අලෙවිකරණ ව්‍යාපාරයේ සැම කාර්යයන් හා බැදි පවති. ඇත්තෙන්ම අද අලෙවිකරණය යනු හුදෙකු ව්‍යාපාර ශ්‍රිතයක් පමණක් නොවේ. අලෙවිකරණය ව්‍යාපාර කරන ආකාරයකි. (Marketing today is not b Function; it is a way of doing Business)


අලෙවිකරණ තොරතුරු හා පර්යේෂණ


නිරන්තර වෙනස්විම්වලට භාජනය වන නුතන සංකීර්ණ ව්‍යාපාරික ලෝකයේ තොරතුරු හා පර්යේෂණ හොද ව්‍යාපාරික තිරණ ගැනිම සදහා අත්‍යවශ්‍යය. ව්‍යාපාර ආයතන තොරතුරු සංවේදි විය යුතුය. (Companies must be information sensitive)


වෙළෙද පොළෙහි හා ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවල වෙනස්විම් හදුනා ගැනිමටත්, ව්‍යාපාරික අවස්ථා හදුනාගැනිමටත්, ව්‍යාපාරික පරිසරයේ ඇති වන්නා වු වෙනස්කම් දැන ගැනිමටත්, නවතම හා නිවැරදි තොරතුරු අවශ්‍ය වේ.


අලෙවිකරණ සැලසුම්


පරිසරයේ ඇතිවන වෙනස්කම් තම ව්‍යාපාරයට අහිතකර ලෙස බලපැමට පෙර, වෙනස්විම් හදුනා ගෙන ඊට අනුකුලව පියවර ගන්නා ව්‍යාපාර පමණක් දිගුකාලින වශයෙන් සාර්ථකත්වයට පත්වේ. තොරතුරු හා ලෙවිකරණ සැලසුම් මෙහිලා ප්‍රමුඛය. තොරතුරු ඒකරාශිකර ගැනිම, නිශ්චිත පරමාර්ථ සිථාපිත කිරිම, එම පරමාර්ථ සාර්ථක කර ගැනිමට අදාල අපාය මාර්ග වර්ධනය පිළිබදව වු ක්‍රියාවලිය අලෙවිකරණ සැලසුම්කරණයට ඇතුලත් වේ.


මෙහිදි ලෙවිකරණ උපාය මාර්ග ඒකාග්‍ර විය යුතුය. එනම් විවිධ අංශ එකට බැදි සමස්ථයක් වශයෙන් ක්‍රියාත්මක විය යුතුය. අලෙවිකරණ සැලසුමක,


ව්‍යාපාර පරිසරය
ව්‍යාපාරය සතු වෙළෙද පොළ හා ගනුදෙනුකරුවන්
ව්‍යාපාරය, යන තෙඅංශය ඇතුළත් විය යුතුය.


තම අලෙවිකරණ වැඩ සටහනට බලපාන අවස්ථා හා ගැටළු හදුනා ගැනිම සදහා අලෙවිකරුවන් ව්‍යාපාර පරිසරය හොදින් අධ්‍යනය කළ යුතුය. ඔවුහු සිය වෙළෙද පොළ හා ගණුදෙනුකරුවන්ගේ තාප්තිමත් නොවු අවශ්‍යතා හදුනා ගනි. එමෙන්ම ගැනුමුකරුවන්ගේ ගති ලක්ෂණ මුළුමනින්ම අවබෝධ කරගනි.ඉන් අනතුරුව සොයා බැලිය යුත්තේ සිය අලෙවිකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා සුදුසු පුද්ගලයන් හා අවශ්‍ය සම්පත් ව්‍යාපාරය සතුව තිබෙද යන්නයි.


අදාළ භාණ්ඩ හා සේවා සදහා නිෂ්චිත අලෙවිකරණ වැඩ සටහනක් වර්ධනය කිරිම ආරම්භ විය යුත්තේ ඉන් පසුවයි. අලෙවිකරණ වැඩසටහනක සාමාන්‍ය පියවර වන්නේ,


අලෙවිකරණ පරමාර්ථ තිරණය
ව්‍යාපාරය තුළ අලෙවිකරණ සංවිධාන
අලෙවිකරණ මිශ්‍රය සැලසුම් කිරිම
වැඩ සටහන දියත් කිරිම
වැඩ සටහනෙහි ශක්තින් හා දුර්වලතා ඇගයිම

(c) Shilpa Sayura Foundation 2006-2017