Customer Concept
අද බොහෝ ව්‍යාපාර ආයතන අලෙවිකරණ සංකල්පයෙන් ගනුදෙනුකරු සංකල්පය කරා පිවිසෙමින් සිටි. අලෙවිකරණ සංකල්පය ආරම්භ වන්නේ ඉලක්ක වෙළෙද පොළ තුලයි.ඉලක්ක ගනුදෙනුකරුවන් තුලිනි (Individual Customer) ඒ ඒ ගනුදෙනුකරුට ගැලපෙන ආකාරයට සිය නිෂ්පාදිතය ඉදිරිපත් කිරිමක් මෙම සංකල්පයෙන් අදහස් කෙරේ. ව්‍යාපාර ආයතන ඒ ඒ ගනුදෙනුකරු පිළිබදව වෙන් වෙන්ව දත්ත පදනමක් (Data Base) ගොඩ නගා ගනි.එමගින් ඒ ඒ ගනුදෙනුකරු ගැන තොරතුරු අධ්‍යනය කර ඔහුගේ / ඇගේ අවශ්‍යතා හා වුවමනාවලට ගැලපෙන නිෂ්පාදිත ඉදිරිපත් කරයි. තොරතුරු තාක්ෂණය නිසා (අන්තර්ජාලය ) මෙය පහසු වි ඇත. ගනුදෙනුකරු සංකල්ප තුලින් අපේක්ෂා කරන්නේ ගනුදෙනුකරුගේ පක්ෂපාතිත්වය දිනා ගැනිමයි.ද්ගුකාලිනව ගනුදෙනුකරුට වටිනාකමක් ලබා දිමයි. (Lifetime Value) ගනුදෙනුකරුගේ රුචියට ගැලපෙන භාණ්ඩ හා සේවා ලබාදිමයි. (Customization) මෙම සංකල්පය One – To – One Marketing ලෙසද හැදින්විය හැකිය. ගනුදෙනුකරු සංකල්පය පහත දැක්වෙන රූප සටහනින්ද පැහැදිලි කෙරේ. ආරම්භය Starting Points අවධානය Focus අපක්‍රම Means අවසානය End ඒ ඒ ගණුදෙනුකරු ගණුදෙනුකරු අවශ්‍යතා හා වටිනාකම 1 ට 1 අලෙවිකරණ සමෝධානය හා වටිනාකම් දාමය ගණුදෙනුකරුගේ සහභාගිත්වය පක්ෂපාතිත්වය සහ දිගුකාලීන වටිනාකම තුලින් ලාභ වර්ධනය Individual Customers Customer Need & Value One to One Marketing Integration and Value Chain Profitable Growth Through Capturing Customer Share Loyalth and Life Time Value 6. සමාජිය ලෙවිකරණ සංකල්ප The Societal Marketing Concept අලෙවිකරණ සංකල්පය තවදුරටත් පුළුල්විම තුලින් මෙම නවතම සංකල්පය වු සමාජිය අලෙවිකරණ දර්ශනය ව්‍යාප්ත වි ඇත. මෙයින් ප්‍රකාශ වනුයේ ගනුදෙනුකරුගේ තෘප්තිය හා ව්‍යාපාරික ඉලක්ක ඉටුකර ගැනිම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, සමස්ථ සමාජයේ අවශ්‍යතාද තාප්තිමත් කළයුතු බවත්ය. එසේත් නැතහොත් අලෙවිකරණ ක්‍රියාදාමයක් සැකසිය යුත්තේ සමාජිය පරිසරයට හානි නොවන අයුරින් ගනුදෙනුකරු හා ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන ආකාරයෙනි. මෙම සංකල්පයට අනුව ව්‍යාපාර කළමනාකරුවන්ගේ හා ව්‍යාපාර ආයතනවලට සමාජිය වගකිමක් නැතහොත් සමාජය ගැන සැලකිලිමත්විමක් තිබිය යුතු යන අදහසට විශාල ප්‍රසිද්ධියක් ලැබින. විශේෂයෙන්ම පරිසර ගැටළු මත්විම, සම්පත් හිගතාවය, ලෝක ව්‍යාප්ත වු ආර්ථික ගැටළු, සමාජ සේවා ගැන නොසැලකිලිමත්විම යනාදි තත්ත්වයන් හමුවේ සමාජිය අලෙවිකරණ සංකල්පයේ වැදගත්කම කැපි පෙණින.
අද ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් සමාජ සුභ සාධනය, පරිසර සුරුකිම, සම්පත් පිරිමැසුම්දායිව භාවිතය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ සමාජිය අලෙවිකරණ දර්ශනයේ වැදගත්කම තහවුරුවිම නිසාය. අලෙවිකරණ සංකල්පයේ දි වධානය යොමුකළ ද්වි සාධක මෙම සංකල්පයත් සමග ත්‍රිවිධ සාධක බවට පරිවර්ථනය වි ඇත. පහත රූප සටහනින් එය පැහැදිලි කෙරේ