අලෙවිකරණ සංකල්පය
 

Marketing Concept

විකුණුම් සංකල්පය අනුගමනය කිරිමෙන් ලත් ත්දැකිම් අනුව නිෂ්පාදකයින්ට අවබෝධ වුයේ අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ග මගින් පමණක් පාරිභෝගිකයාට භාණුඩ අලෙවිකළ නොහැකි බවයි. එහිලා පාරිභෝගිකයා කෙරෙහි අවධානයක්, නැතහොත් පාරිභෝගිකයා අධ්‍යනය කළ යුතු බව ඔවුනට පෙනි ගියහ. ඒ අනුව ඇති වුයේ පාරිභෝගිකාභිමුඛ වු සංකල්පයකි.එය අලෙවිකරණ සංකල්පය ලෙසින් හැදින්වුහ. මෙයින් පෙන්නුම් කරන ලද්දේ ප්‍රථමයෙන් පාරිභෝගික අවශ්‍යතා හදුනාගෙන ඊට අනුකුලව භාණුඩ නිපදවිය යුතු බවයි. ව්‍යාපාරවල ආරම්භ වන ඉම පාරිභෝගිකයා බව ඉන් පෙන්නුම් කළේය. ”භාණ්ඩ නිර්මාණය කර විකුණන්නේ නැතිව වුවමනා සොයා ඒවා සපුරාලිම” යන්න මෙම සංකල්පයේ තේමාව විය. පාරිභෝගික තෘප්තිය එහි හරයයි.


ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනිම ගණුදෙනුකරුගේ තෘප්තිය තුළින් කළ යුතු බව ව්‍යාපාරිකයින්ට අවබෝධ විය .මෙම අලෙවිකරණ සංකල්පය තදින්ම පාරිභෝගිකයා මධ්‍යගත කර ගන්නා අතර පාරිභෝගික ස්වාධිපත්‍යට ගරු කරයි. විකුණුම් සංකල්පය හා සසදන විට අලෙවිකරණ සංකල්පයේ විශේෂත්වය මනාව අවබෝධ කර ගත හැකිය. පහත දැක්වෙන සටහනින් මෙම සංකල්පය අතර වෙනස්කම් වඩා හොදින් පැහැදිලි වනු ඇත.






















 


ආරම්භය


අවධානය


උපක්‍රම


අවසාන ප්‍රතිඵල


විකුණුම්
සංකල්පය


කම්හල
Factory


සමාගමේ භාණ්ඩ හා සේවා (නිෂ්පාදිතය)


විකිණ්ම හා අලෙවි ප්‍රවර්ධනය


විකුණුම් තුලින් ලාභ ලැබිම


 


ඉලක්ක වෙළෙද පොළ
Target
Market


ගණුදෙනුකරුගේ අවශ්‍යතා


සමෝධානික අලෙවිකරණ උපක්‍රම


ගණුදෙනුකරුගේ තෘප්තිය තුළින් සමාගමේ ඉලක්ක (ලාභ) ලගාකර ගැනිම


සාර්ථක අලෙවිකරණයක් සදහා නෂ්පාදන හෝ විකුණුම් අපාය මාර්ග ප්‍රමාණවත් නොවන බවත්, වඩා හොද අලෙවිකරණ අපාය මාර්ග එම ස්ථානය ගත යුතු බවත් අවබෝධ විණ. නව ව්‍යාපාරික තත්ත්වයන්ට අනුව පුද්ගලයන් පුහුණු කිරිම සදහා විශ්වවිද්‍යාල හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන අලෙවිකරණය පිළිබද පාඨමාලා ආරම්භ කෙරිණි.පාරිභෝගික අවශ්‍යතා හදුනා ගෙන ඊට අනුව ව්‍යාපාරික කටයුතු මෙහෙයවිම සදහා වු අලෙවිකරණ උපාය මාර්ග මෙම පාඨමාලා මගින් හදුන්වා දුනි. එමගින් පුහුණු වුවන්ගේ සේවය ව්‍යාපාරිකයන්ට ලබාගත හැකිවිණි. ව්‍යාපාර අතර අලෙවිකරණ උපාය මාර්ග භාවිතය ක්‍රමයෙන් ව්‍යාප්ත වි ගියේය.



  • පාරිභෝගික අවශ්‍යතා හදුනා ගැනිම
  • අවශ්‍යතා හා වුවමනා තාප්තිමත් නොවු පාරිභෝගිකයන් පැහැදිලිව හදුනා ගැනිම
  • උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්ත ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය
  • උපරිම මට්ටමකින් පාරිභෝගිකයන්ට සේවා කිරිම, යන්න අලෙවිකරණ තේමාව විය.මෙය අලෙවිකරණ සංකල්පය (Marketing Concept) ලෙස හැදින්වින.ව්‍යාපාරයේ පරමාර්ථ සපුරා ගැනිම සදහා සිය තරගකරුවන්ට වඩා කාර්යක්ෂම හා සඵලදායි ලෙස පාරිභෝගිකයින් අපේක්ෂා කරන තාප්තිය ලබාදිම අලෙවිකරණ සංකල්පයේ හරයයි.

(c) Shilpa Sayura Foundation 2006-2017