විකුණුම් සංකල්පය
 

Selling Concept

නිෂ්පාදිත සංකල්පයේ ප්‍රතිඵලයක් වශයෙන් සියළුම නිෂ්පාදකයන් ක්‍රියාකළේ උසස් ගුණයෙන් යුක්ත භාණ්ඩ නිපදවා බෙදාහැරිමටයි. මේ හා සමග සැපයුම වැඩිවිම නිසා විකිණිම සදහා ප්‍රයත්න දැරිමටද සිදුවින. විකුණුම් උපක්‍රමය කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කිරිම සමග ඇති වු අලෙවිකරණ ප්‍රයත්නය “විකුණුම් සංකල්පය” හෙවත් විකිණිම මධ්‍යගත වු සංකල්පය ලෙස හදුන්වා දෙන ලදි.මෙම සංකල්පයේ හරය වුයේ “විකිණිම සදහා ප්‍රවර්ධන උත්සාහයෙන් ගතහොත් පාරිභෝගිකයෝ ප්‍රමාණවත් ලෙස ගනු ඇතැයි” යන්නයි.


විකුණුම් සංකල්පය අනුව ගණුදෙනුකරුවන් ආකර්ශණීය කර ගැනිම සදහා උපක්‍රම අවශ්‍යවිය.ඒ සදහ‍ා ප්‍රචාරණය, විකුණුම් ප්‍රවර්ධනය, පෞද්ගලික අලෙවිය හා මහජන සම්බන්ධතා වැනි අලෙවි ප්‍රවර්ධන ක්‍රම භාවිතයට ගැනින. නිෂ්පාදකයින් භාණ්ඩ විකිණිමට දැඩි ලෙස අලෙවි උපක්‍රම යොදා ගැනිමට පෙළඹින.එහෙත් පාරිභෝගික වරණය, රුචිය, වුවමනා ගැන අවධානය යොමු නොකෙරින.

(c) Shilpa Sayura Foundation 2006-2017