The Product Concept
අලෙවිකරණ ප්‍රයත්නයේදි දෙවනුව සංවර්ධනය වු සංකල්පය ‘නිෂ්පාදිත සංකල්පයයි”එය නිෂ්පාදිතය මධ්‍යගත කරගත් අලෙවි ප්‍රයත්නයකි. ප්‍රථමයෙන් සදහන් කළ නිෂ්පාදන සංකල්ප පිවිසුම අනුව විවිධ වු නිෂ්පාදිත (භාණ්ඩ හා සේවා) වෙළෙද පොළට පැමිණියහ. සාධාරන මිලකට විවිධ වු භාණ්ඩ වෙළෙද පොළෙහි සුලභ වු විට පාරිභෝගිකයෝ නිරායාසයෙන් ඒ අතුරින් උසස් ගුණයෙන් යුක්ත භාණ්ඩ තෝරා ගැනිමට උනන්දු වුහ.පාරිභෝගික ඉල්ලුම මෙසේ භාණ්ඩ හා සේවාවල ගුණයට මුල්තැන දෙමින් වෙනස් වු නිසා ව්‍යාපාරිකයෝද තමාගේ උපක්‍රම හෙවත් සංකල්පද ඊට ගැලපෙන අයුරින් වෙනස් කිරිමට පෙළඹුනි. එනම් සිය නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරිමට ක්‍රියා කළහ. හැකිතාක් දුර උසස් ගුණාත්මක භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළෙද පොළකට සැපයිමට නිෂ්පාදකයෝ අත්සාහ ගත්හ. මෙම අලෙවිකරණ උත්සාහය “නිෂ්පාදිත සංකල්පය” නමින් හැදින්වුහ. එම සංකල්පයේ උපකල්පනය වුයේ “ඉහළ ගුණාත්මක හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත භාණ්ඩ වෙළෙද පොළට සාධාරණ මිලකට සැපයුමෙන් පාරිභෝගිකයෝ ඊට පක්ෂපාති වනු ඇත” යන්නයි.
මෙම සංකල්පය තරමක් දුරට පාරිභෝගිකයා ගෙවන මිලට සරිලන ගුණයෙන් යුක්ත භාණ්ඩ තෝරා ගැනිමට අවස්ථාව උදාවින. එහෙත් මෙහිදිද පාරිභෝගික වරණයට එනම් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනාවලට අවධානය යොමු නොකිරිණි.