රක්‌තාණු හෙවත් රතු රුධිරාණු
 

මේවා රතු ඇටමිදුළු තුළ නිපද වී පරිහානියට පත් වු පසු අක්‌මාව තුළ දී බිඳ හෙළිම සිදු වේ. රතු රුධිරාණු දෙස ඉහළින් බැලු විට මණ්‌ඩලාකාර හැඩයක්‌ද පැත්තකින් බැලූ විට ද්වී අවතල හැඩයක්‌ද ඇති බව පෙනේ. මිනිස්‌ රතු රුධිරාණු න්‍යෂ්ඨිය රහිතය. මේ සෛල තුළ අඩංගු හිමොග්ලොබින් නමි වර්ණකය නිසා ඒවා රතු පැහැයක්‌ ගනී. හිමොග්ලොබින් ඔක්‌සිජන් පරිවහනය සඳහා උදවු වේ. රුධිරයේ වැඩි සෛල ප්‍රමාණයක්‌ ඇත්තේ රතු රුධිරාණුය. රුධිරයේ අඩංගු රතු රුධිරාණු සහ සුදු රුධිරාණු අතර ප්‍රමාණය අතර අනුපාතය 600 : 1 පමණ වේ. රුධිරය ඝන මිලිමීටරයක්‌ තුළ රතු රුධිරාණු මිලියන 5 ක්‌ පමණ ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017