The Production Concept
ඉපැරණිම සංකල්පය මෙයයි. 18 වැනි සියවස අගභාගයේදි යුරෝපයේ බොහෝ රටවල නව තාක්ෂණය භාවිතාකර ගැනිම නිසා විශාල කාර්මික සංවර්ධනයක් උදාවිය. එය කාර්මික විප්ලවය ලෙසද හදුන්වා දි ඇත. ගෘහ කර්මාන්තය වෙනුවට මහා පරිමාණ කම්හල් නිෂ්පාදනය සදහා වු ඉල්ලුමද සිඝ්‍රයෙන් වැඩිවිය. ඉල්ලුම අධික වීම නිසා නිෂ්පාදනය මහා පරිමාණයෙන් වැඩිකොට ඉක්මනින් බෙදාහැරිම අවශ්‍ය බවයි. ඔවුහු පෙළඹ වු මෙම චින්තනය නිෂ්පාදන සංකල්පය ලෙස නම් කෙරින. එය පදනම් වුයේ භාණ්ඩ සුලභ කිරිම හා මිල සාධාරණ විම යන සාධක මතය. එබැවින් ව්‍යාපාරිකයෝ උනන්දු වුයේ මහා පරිමාණ ලෙස නිපදවා ඒකක මිල ඩුකරලිමටයි. මෙම සංකල්පය අනුව කළමනාකරුවන් උනන්දු වුයේ කාර්යයක්ෂමතාව නංවාලිම තුළින් නිමැවුම වැඩිකර බෙදාහැරිම ක්‍රමවත් කිරිමටයි.
මෙම සංකල්පය අනුව කටයුතු කළ ව්‍යාපාරිකයෝ පාරිභෝගික අවශ්‍යතා, වුවමනා හා රුචි - අරුචිකම් ගැන එතරම් අවධානයක් යොමුකළේ නැත. කුමක්, කොපමණ, නිපදවිය යුතුද යන්න හුදෙක්ම ව්‍යාපාරිකයාගේ කැමැත්ත මතම තිරණය විය. එම චින්තනය ආසාර්ථක වුයේ පාරිභෝගික අවශ්‍යතා හා ප්‍රමිතිවලට ප්‍රධාන තැන නොදිම නිසාය.