අලෙවිකරණ මිශ්‍රය
 

Marketing Mix

Mc Carthy විස්තර කර ඇති අන්දමට මෙම අලෙවිකරණ උපක්‍රම සමුහය හෙවත් අලෙවිකරණ මිශ්‍රය පුළුල් වශයෙන් කොටස් 4 කට බෙදා දැක්විය හැකිය. එනම්,



  • නිෂ්පාදිතය Product

  • මිල Price

  • ස්ථානය (බෙදාහැරිම) Place

  • ප්‍රවර්ධනය Promotion

මෙම අලෙවිකරණ මිශ්‍රය 4 Ps ලෙස ප්‍රකටය. අලෙවිකරණ මිශ්‍රයේ උපකරණ මාර්ගයෙන් ගනු ලබන තීරණ ඉලක්ක වෙළෙද පොළේ වෙළෙදුන්ට හා අවසාන පාරිභෝගිකයාට බලපැම් ඇති කරයි. ඒ ඒ ප්‍රධාන අලෙවිකරණ උපාය P තුල, විවිධ අපකරණ අන්තර්ගතය.ඉලක්ක වෙළෙද පොළ ඉලක්ක කරගෙන ක්‍රියාකරණ අන්තර්ගතය. ඉලක්ක වෙළෙද පොළ ඉලක්ක කරගෙන ක්‍රියාකරන අලෙවිකරණ මිශ්‍රය පහත රූප සටහනින් පැහැදිලි කෙරේ. අලෙවිකරණ මිශ්‍රයේ 4 Ps ඉදිරිපත් කර ඇත්තේ විකුණුම්කරුගේ දෘෂ්ටියෙනි. එමගින් අපේක්ෂා කරන්නේ ගැණුම්කරු හා වෙළෙදුන් පොළඹවා ගැනිමයි. ගැණුම්කරුගේ දෘෂ්ටියෙන් බැලු විට 4 Ps වලින් ගණුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ දැකිය හැකිය.




Sellers 4 Ps

Robert Lauterborn විස්තර කරන අන්දමට විකුණුම්කරුගේ 4 Ps ගණුදෙනුකරුගේ 4Cs වලට සමාන්තරය.


Customers 4 Ps



  • Product           "    Customer Solution        විසදුම

  • Price               "     Customers Cost            පිරිවැය

  • Place              "      Convenience                පහසුව

  • Promotion      "       Communication           සන්නිවේදනය

අලෙවිකරණයට සම්බන්ධ වු විවිධ හර සංකල්ප (Core Concepts) ඉහතින් විස්තර කරන ලදී.පැහැදිලිවම අලෙවිකරණ කටයුතු සිදුකළ යුත්තේ මනාව සිතාබලා අනුගමනය කළයුතු දර්ශනයක් අනුවයි. එම දර්ශනය, කාර්යයක්ෂමතාව, සඵලදායකත්වය, සමාජ වගකිම් හා ගැලපිම අත්‍යවශ්‍යය. දැනට ව්‍යාපාර ආයතන අනුගමනය කරන විකල්ප දර්ශන (සංකල්ප) 6 ක් දක්නට ලැබේ.

(c) Shilpa Sayura Foundation 2006-2017