තරගය
 

Competition

ගනුදෙනුකරු සැලකිල්ලට ගනු ලබන ආදේශ භාණ්ඩ හා සමාන (සමජාතිය) භාණ්ඩ සියල්ල තරගය යන සංකල්පයේ අන්තර්ගතය.තරග මට්ටම් 4 ක් යටතේ සලකා බැලේ.

Four Level of Competition


අ). සත්තම් තරගය Brand Cometition


විවිධ සත්තම් නාම යටතේ වු සමාන ගණයේ භාණ්ඩ වලින් ඇති තරගය.
උදා:- SONY, NATIONAL, SINGER ආදි සත්තම් යටතේ වු TV


ආ). කර්මාන්ත තරගය Industry Competition


කර්මාන්තය තුළ කටයුතු කරන සියළුම ආයතන අතර ඇති තරගය
උදා:- මෝටර් රථ කර්මාන්තයේ නියැලි සිටින සියළුම නිෂ්පාදකයින් අතර ඇති වන්නාවු තරගය


ඇ). ආකාර තරග Form Competition


එකම සේවාව ලබා දෙන සමාගම් අතර ඇති තරගය
උදා:- ප්‍රවාහන කර්මාන්තය තුළ ඇති විවිධ ප්‍රවාහන මාධ්‍ය. මෝටර් රථ - වෑන් - බස් - ස්කූටර් - බයිසිකල් - ත්‍රිවිල් වැනි විවිධ ආකාරයේ ප්‍රවාහන මාධ්‍ය අතර ඇතිවන තරගය


ඈ). පොදු තරගය Generic Conpetition


ගනුදෙනුකරුවන් සතු ආදායම හෙවත් මුදල ලබා ගැනිමට ව්‍යාපාර අතර ඇති තරගය
උදා:- මෝටර් රථ, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, නිවාස යනාදි විවිධ කේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන් ගනුදෙනුකරුවන් ලබා ගැනිමට තරග කිරිම.


(c) Shilpa Sayura Foundation 2006-2017