හුවමාරුව සහ ගනුදෙනුව
 

Exchange and Transactions


පුද්ගලයෙකුට භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගැනිමට ඇති එක් ක්‍රමයකි හුවමාරුව. තමා විසින්ම නිපදවා ගැනිම, සොරකමු කර ගැනිම, සිගා ගැනිම වැනි ක්‍රම වලින්ද භාණ්ඩ ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු කැමති නිෂ්පාදිතයන් මුදල් ගෙවා ලබා ගැනිම හුවමාරුව ලෙස සැළකේ. අලෙවිකරණයේ හර සංකල්පයක් වන හුවමාරුව යනු තමා සතු සම්පත් ඉදිරිපත් කර තමාට අවශ්‍ය නිෂ්පාදිත ලබා ගැනිමය. “Exchange is the process of obtaining a desired product from someone by offering something in retum”


හුවමාරුව සදහා මුලික කරුණු කිහිපයක් සම්පුරුණ විය යුතුය.
ආ). අවම වශයෙන් පාර්ශව දෙකක් සිටිය යුතුය.


ආ). ඒ ඒ පාර්ශවය සතුව වටිනාකම් සහිත යමක් තිබිය යුතුය.


ඇ). සෑම පාර්ශවයක්ම සන්නිවේදනයේ හා භාරදිමේ හැකියාවකින් යුක්ත විය යුතුය.


ඈ). හුවමාරුව කරන දෙය පිළිගැනිමට හෝ ප්‍රතික්ෂේප කිරිමේ නිදහස සෑම පාර්ශවයකටම තිබිය යුතුය.


ඉ). අනෙක් පාර්ශවය සමග ගනුදෙනු කිරිම යෝග්‍ය යයි සෑම පාර්ශවයක්ම විශ්වාස කළ යුතුය.


පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර හුවමාරුවක් ඇතිවිමත් සමග ගනුදෙනුව (Transation) පැන නගී. පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර වමිනාකම් වෙළෙදාම් විම් ගනුදෙනුව ලෙස හදුන්වයි. වෙළෙදාමේදි අයිතිය හුවමාරු වේ. එය ගනුදෙනුව නැමැති ගිවිසුමෙන් නිමාවට පත්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017