Platelets
සෛල වලින් කැඩී ගිය කුඩාදේහ ලෙස මේවා හැඳින්විය හැකි ය. රුධිර පට්ටිකා වලින් රුධිරය කැටගැසීමේ විශේෂ කාර්යයක් ඉටුවේ. මිනිස් සිරුරේ අධික රුධිර වහනයක් සිදුවුවහොත් මරණය සිදුවන බව ඔබ දනී. එය වැලක්වීමට රුධිර ප්ලාස්මාවේ අඩංගු වන රුධිර පට්ටිකා උදව් වන්නේ, රුධිරය වහනය වීමත් සමගම කැටි ගැසීමට පටන් ගැනීමෙනි.
ඒවා විවිධ හැඩ හා වර්ණයක් රහිත කුඩා පටක වේ. එහි මතුපිට ඇලෙන සුලුය. එයින් කැටිගැසීමට උපකාරී වේ. තුවාලයක් සිදුවූ විට එය එකිනෙක ඇලී රුධිර නාල වසයි. රුධිරයේ ඇති කැල්සියම්, විටමින් K, ෆිබ්රිනොගෙන් (fibrinogen) නම් ප්‍රෝටීන් රුධිරය කැටි ගැසීමට උපකාරී වේ..
රුධිරය වාතයට නිරාවරණය වූ වහාම කැටි ගැසීම ආරමභ වේ. වාතය හමුවූ වහාම රුධිර පට්ටිකා කැඩී යමින් ෆිබ්රිනොගෙන් සමග ප්‍රතික්‍රියා කරමින් එිනෙක පැටලුනු කෙඳි ((tiny threads) මෙන් වූ ෆිබ්‍රින් (fibrin)සාදයි. ඉන් ෆිබ්‍රින් දැලක් සෑදී (web-like mesh) රුධිර වහනය අහුරා රුධිර සෛල ඒ මත පටලයි. එය වියලෙන විට උකු වී පසුව ඝන වීමෙන් රුධිර වහනය වලකයි.
රුධිරයේ කැල්සියම් හා විටමින් K තිබීම රුධිරය කැටිගැසීමට අනිවාර්යය වෙයි. මේ නිසා ඒවා අඩංගු පෝෂ්‍යදායි ආහාරයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
එහෙත් අභ්‍යන්තර රුධිර වහනයකදී හෝ රුධිර වාහිනී නාලයක ඇතිවන රුධිර කැටියක් (A blood clot) නිසා රුධිර වාහිනිය අඩාල වී, ඔක්සිජන් සැපයීම අඩාලව මරණය සිදුවිය හැක.
ඒ නිසා stroke එකක් ඇතිවී මොළයේ ක්‍රියාකාරීත්වය නැවතිය හැක. මොළයට ඔක්සිජන් සැපයුම නැතිව පැවතිය නොහැකි නිසා ඇංශභාගය, පෙනීම නැතිවී යාම, සිහි විකල්වීම හෝ මරණයද සිදුවිය හැක.