අලෙවිකරණයේ නිර්වචනය
 

අලෙවිකරණ සමාජ දෘෂ්ටියෙන් මෙන්ම කළමනාකාරිත්ව දෘෂ්ටියෙන් නිරිවචනය කළ හැකිය.


සමාජනිර්වචනයෙන් පෙන්නුම් කරනුයේ සමාජය තුළ අලෙවිකරණයේ කාර්යභාරයයි. සමාජය තුළ අලෙවිකරණයේ කාර්යය භාරය වන්නේ “උසස් ජිවන මට්ටමක් ලබාදිමයි.”(Deliver a Higher Standard Of Living)


“Marketing is a societal process by which individuals and group attain what they need and want through creating, offering, and freely exchanging products and services of with others”
By Philip Kotler


“පුද්ගලයන් හා කණ්ඩායම් සිය අවශ්‍යතා හා වුවමනා ඉටුකර ගැනිමට අවශ්‍ය වටිනාකමක් ඇති භාණ්ඩ හා සේවා වෙනත් අය මාර්ගයෙන් නිර්මාණය කිරිම, ඉදිරිපත් කිරිම හා නිදහසේ හුවමාරු කිරිම පිළිබද වු සාමාජියමය ක්‍රියාවලියකි අලෙවිකරණය.”


කළමනාකරණ දෘෂ්ටියෙන් අලෙවිකරණය හැදින්වනුයේ “නිෂ්පාදිත විකිණිමේ කලාවක්” ලෙසයි. “The Art of Selling Products” එහෙත් අලෙවිකරණයේ වැදගත්ම දෙය වනුයේ විකිණීම නොවේ. විකිණීම අලෙවිකරණයේ තුඩ (TIP) පමණි.


ඇමරිකානු අලෙවිකරණ සංගමය අලෙවිකරණ (the American Marketing Association) පහත සදහන් සේ නිර්වචනය කර ඇත.


Marketing is the process of planning and executing the conception” racing” promotion and distribution of ideas” goods and services to crate exchanges that satisfy individual and organazional goals”

(c) Shilpa Sayura Foundation 2006-2017