අලෙවිකරණ දර්ශන
 

අලෙවිකරණ දර්ශන විසිවැනි සියවස තුළ ජනිත වුවුක් යැයි බොහෝ දනෙක් විශ්වාස කරති.එහෙත් එහි ප්‍රභවය ඉපැරණිය. අලෙවිකරණයේ මුලය (Market) වෙළෙද පොළයි. වෙළෙද පොළ ක්‍රමයෙහි මුලාරම්භය අලෙවිකරණයෙහි මුල් අවස්ථාව ලෙස සැලකිය හැකිය. එබැවින් වෙළෙද පොළෙහි වර්ධනය විමසා බැලිය යුතුව තිබේ.


වෙළෙද පොළක් යනු විකිණීම සදහා විවිධ භාණ්ඩයන් තබා ඇති විකුණුම්කරුවන් හා ගණුදෙනුකරුවන් සහිත ස්ථානයක් ලෙස බොහෝ විට හැගියයි. එය එක් ක්‍රමයක වෙළෙද පොළකි. නමුත් තවත් විවිධාකාර වෙළෙද පොළවල් දැකිය හැකිය. පොදුවේ වෙළෙද පොළ යන්න මෙසේ හැදින්විය හැකිය.


“භාණ්ඩ හා සේවා කිසියම් ගෙවිමක් යටතේ හුවමාරු කර ගැනිම සදහා ගැණුම්කරුවන් හා විකුණුම්කරුවන් ඒකරාශී වන ඕනෑම ස්ථානයක් වෙළෙද පොළකි.” වෙළෙද පොළ ශත වර්ෂ ගණනාවක සිට දක්නට ඇත. පැරණිම වෙළෙද පොළ ක්‍රමය (Barter System) භාණ්ඩ හුවමාරුව ලෙස හැදින්විය හැකිය. භාණ්ඩ සදහා වෙනත් භාණ්ඩ හුවමාරුව තුළින් පැන නැගි වෙළෙද ක්‍රමය වර්තමානයේ පවතින මිල ක්‍රමය මත පදනම් වු මුදල් මත හුවමාරුව සිදුවන වෙළෙද පොළ දක්වා ක්‍රමයෙන් විකාශනය විය. ඉපැරණි කෘෂිඅර්ථ ක්‍රමය තුළ මිනිසුන් තමා වගා කළ දව්‍ය තමාට අවශ්‍ය කරන වෙනත් ද්‍රව්‍ය ලබා ගැනිම සදහා හුවමාරු කරන ලදි. මුදල් භාවිතයත් මෙහි සිදු නොවිණි.ක්‍රමයෙන් මිනිසුන් වඩා විශේෂිකරණය ලෙස නිෂ්පාදන කටයුතු කිරිමත් සමග තනි හෝ මාසික වෙළෙද පොළවල් සංවිධානය කෙරිණි.එවැනි වෙළෙද පොළක විවිධ භාණ්ඩ හුවමාරුව සදහා අවස්ථාව ලැබුණි. ආහාර, ඇදුම් පැළදුම්, උපකරණ, සතුන්, විසිතුරු බඩු මෙහිදි හුවමාරු කෙරිණි.මෙසේ වෙළෙද පොළට එක්රුස් වු මිනිසුන්ට සාකච්ඡා කිරිමටත් එමගින් නව අදහස් ඉදිරිපත් කිරිමටත් අවස්ථාව උදා විය.භාණ්ඩ වර්ධනය, හුවමාරුව ක්‍රමවත් හා පහසු කිරිම පිළිබද අදහස් ඉදිරිපත් විණි. මුදල් භාවිතය සමග වෙළෙද පොළ ඉක්මනින් ව්‍යාප්ත වු අතර වර්ධනයද විය.


18 වන ශත වර්ෂයේ පැන නැගි කාර්මික විප්ලවය වෙළෙද පොළෙහි සිඝ්‍ර වෙනස්විම්වලට හා ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් විය. ප්‍රථම වතාවට විශාලතම කම්හල් ඉදිකිරිමත්, මහා පරිමාණ නිෂ්පාදනයත් කාර්මික විප්ලවය නිසා පැන නැගිණි. විවිධ භාණ්ඩ ප්‍රමාණයන්ගෙන් ඉතා කඩිනමින් නිපදවිමත් සමග අලෙවි කිරිමේ නව මාර්ගවල අවශ්‍යතාවය මතු විය. දේශිය වෙළෙද පොළට මෙන්ම විදේශීය රටවලට භාණ්ඩ බෙදා හැරිම සදහා නව ක්‍රම හා විධි පැන නැගිණි. භාණ්ඩ බෙදා හැරිම සදහා මහා මාර්ග ප්‍රවාහනය පමණක් නොව දුම්රිය මාර්ග ප්‍රවාහනය , නාවික ප්‍රවාහනයද උපයෝගී කර ගැනිණි. මෙසේ වෙළෙද පොළ ක්‍රමය වර්ධනය වුවද වෙළෙද පොළෙහි ප්‍රධාන මුලධර්ම එසේම පැවතුණි. එනම් ගැණුම්කරුවන් තම අවශ්‍යතා හා වුවමනා උපරිම ලෙස තෘප්තිමත් කර ගත හැකි, භාණ්ඩ හා සේවා ඉල්ලුම් කළ අතර, විකුණුම්කරුවන් සිය ලාභය උපරිම කර ගැනිමට අපේක්ෂා කළහ.අද පවත්නා සංකිර්ණ, පාරිභෝගික හා කාර්මික ලොව තුළ වුවුද පුළුල් වශයෙන් ව්‍යාප්ත වු අලෙවිකරණ දර්ශනයට අනුකූලව තම ව්‍යාපාරික සැලසුම්වල මධ්‍යගත සාධකය පාරිභෝගිකයා ලෙස සලකා ක්‍රියා කිරිමට ඉදිරිපත් වුයේ 1950 ගණන් වලින් පසුව බව පෙනි යයි. මිට පෙර ව්‍යාපාරික සැලසුම්වල ප්‍රධාන අරමුණ වුයේ නිෂ්පාදනය, අලෙවිය, ලාභය වැනි සාධකයෝය.


තාක්ෂණයේ වර්ධනය, පාරිභෝගික ආදායම් වර්ධනය, ප්‍රධාන වශයෙන් අලෙවිකරණ දර්ශනයේ ව්‍යාප්තියට බලපැවේය.


අලෙවිකරණ සංකල්ප විස්තර කිරිමට ප්‍රථමයෙන් අලෙවිකරණ නිර්වචන විමසා බැලිම උචිතවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017