භාණ්ඩ Goods
භෞතික භාණ්ඩ ස්පෘශ්‍යයි. (Tangible) මේවා විශාල වශයෙන් (Bulk) නිෂ්පාදනය කර අලෙවි කෙරේ.
2. සේවා Services
සේවා නිෂ්පාදනයේ සහ අලෙවියේ සීඝ්‍ර වැඩිවිමක් වෙළෙදපොළ තුළ දැකිය හැකිය. ශ්‍රී ලංකාවේද දළ ජාතික නිෂ්පාදනයේ වැඩි දායකත්වයක් සේවාවලින් ගලා එයි. ස්වයං රැකියාවල යෙදි සිටින එසේම අායතනවල සේවයේ යෙදි සිටින කළමනාකරුවන්, ගණකාධිවරුන්, නිතිඥයින්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පරිගණක වැඩසටහන් සම්පාදකවරුන් යනාදි වෘතිඥයින්ගේ වැඩිවිමක් දැකිය හැකිය. ප්‍රවාහන, හෝටල්, සංචාරක, සන්නිවේදන, නඩත්තුව, අළුත්වැඩියාව, රූපලාවන්‍ය ආදි කේෂ්ත්‍රවල සේවාවන්ගේද වැඩි ව්‍යාප්තියක් දක්නට ඇත.
3. අත්දැකිම් Experiences
අත්දැකිම්ද අද අලෙවි කළ හැකි දෙයක් බවට පත්ව ඇත.ගණුදෙනුකරුවන්ට විවිධ අන්දමේ අත්දැකිම් ලබා ගැනිම සදහා වු විවිධ අයිතමයන් අද අලෙවි කළ හැකිව ඇත.
උදා:- ක්‍රීඩා කදවුරු (Sport Camp)
කදු නැගීම (Climbing Mountain)
4. ඉසව් Events
ඔලිම්පික් ක්‍රිඩා - ක්‍රිකට් තරග - වෙළෙද ප්‍රදර්ශන - වාර්ෂික සංදර්ශන යනාදිය.
5. පුද්ගලයන් Persons – (Celebrities)
පුවත්පත්, රූපවාහිනි, වැනි මාධ්‍යකරුවන්,සිනමා තාරකාවන්, ගායකයින්, සංගිත ශිල්පින්, කළමනාකරණ අපදේශකයින් යනාදිය.
6. ස්ථාන Places
සංචාරක නිකේතන, ආකර්ෂණිය ස්ථාන, ඩිස්නිලන්තය යනාදිය.
7. දේපළ Properties
ඉඩකඩම්, ගොඩනැගිලි (Real Estate) වැනි දේපළ, කොටස්, ණයකර වැනි මුල්‍යමය දේපළ.
8. සංවිධාන Organizations
සංවිධිත ක්‍රියාකාරකම් එනම් චිත්‍රාගාර, ක්‍රිඩාගාර, කායවර්ධන ශාලා යනාදිය.
9. තොරතුරු Information
නිෂ්පාදන, බෙදාහැරිම් වැනි තොරතුරු මෙන්ම පුවතපත්, සගරා, Encyclopedias යනාදිය.
10. අදහස් Ideas
වෙළෙද පොළට ඉදිරිපත් කරන සෑම දෙයකම අදහසක් අන්තර්ගතය.”අප කර්මාන්ත ශඹාලාවේදි සුවද විලවුන් සමාගමක් වු Revlon ආයතනවේ අදහසකි.ඒ අනුව වෙළෙද පොළේ අදහස් අලෙවි වේ.
වෙළෙද පොළ අලෙවි කරන අයිතම මෙසේ වර්ග කළ හැකි සේම නුතන වෙළෙද පොළද පහත සදහන් ලෙස වර්ග කෙරේ.
1. පාරිභෝගික වෙළෙදසැල -Consumer Markets
මහා පරිමාණ පාරිභෝගික භබාණ්ඩ හා සේවා අලෙවිකරන වෙළෙද පොළ මෙයයි.බොහෝ භාණ්ඩ සන්නම් (Brand) හා ඇසුරුම් සහිතව (Package) ඉදිරිපත් කෙරේ.ප්‍රවර්ධන හා විකුණුම් සේවා මගින් අලෙවිය අත්පත් කර ගනි.
2. ව්‍යාපාර වෙළෙද පොළ -Business Markets
ව්‍යාපාර භාණ්ඩ හා සේවා අලෙවිකරන වෙළෙද පොළය.නිෂ්පාදිත සකස් කිරිමට හෝ නැවත විකිණිමට ව්‍යාපාරිකයෝ මිලදි ගනිති.
3. ගෝලිය වෙළෙද පොළ -Non Profit and Governmental Markets
විවිධ රටවල්වල වෙළෙද පොළවල අලෙවිකිරිම මෙහිදි සිදුවේ.කවර රටවල වෙළෙද පොළට ඇතුල්වෙනවාද යන අභියෝගාත්මක තිරණවලට ව්‍යාපාරිකයා එළඹිය යුතුය.
4. ලාභ නොලබන සහ රජයේ වෙළෙද පොළ -Marketing Concept
ලාභ අපේක්ෂා නොකරන සංවිධානවලට (ආගමික සංවිධාන, අධ්‍යාපන ආයතන, රජයේ ආයතන) අලෙවිකිරිම මෙහිදි සිදුවේ.