රුධිරය යනු දියර පටක වර්ගයකි. සාමාන්‍ය වැඩිහිටියකුගේ ලීටර පහක් පමණ රුධිරය ඇත. ඒවා රුධිර නාල තුල ගමන් කරමින් මිනිස්ය ජීවිතයේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය පරිවහනය කරන අතර ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය බැහැර කරයි. රුධිරය නැති උවහොත් ජීවිතයද නවතී.
රුධිරය පෙණහලු වලින් ලබාගන්නා ඔක්සිජන් ශරීර පටක වලට ගෙන යන අතර, එම පටක වලින් උරාගන්නා කාබන්ඩයොක්සයිඩ් නැවත පෙණහලු වලට ගෙන යයි. රුධිරය පෝෂක ද්‍රව්‍ය හා හෝමෝනද, රෝග නාශක කාරක පටක වලට ගෙන යන අතර අපද්‍රව්‍ය වකුගඩු වලට ගෙන යයි..
රුධිරයේ ජීවත්වන සෛල වර්ග නම් රතු රුධිරාණු හා සුදු රුධිරාණුය. ඒවා සිරුර පෝෂණයට හා ශරීරය පිරිසුදු කිරීමට උපකාරී වේ. මෙම රුධිරාණු වලට පණ ඇති බැවින් ඒවා වල පැවැත්මට විටමන් වර්ග හා ඛණිජ අවශ්‍ය වේ. රුධිර සෛල (blood cells) වලට නිශ්චිත ජීවන චක්‍රයක් පවතී.
රුධිරයේ 55% ක් ප්ලාස්මාවකි (plasma) එය පිදුරු වන් තරමක කහ පැහැති, විනිවිද පෙනෙන දියරයකි. මෙම දියර ප්ලාස්මාව (The liquid plasma) රුධිර සෛල හා රුධිර පට්ටිකා (blood platelets) පරිවහනය කරයි.
තුවාලයක් සිදුවූ විට රුධිරය කැටි ගැසීමටද උපකාරී වන්නේ රුධිර පට්ටිකාය. රුධිර පට්ටිකා නොමැති වීනම් තුවාල වූ අයකු ලේ ගලාගොස් මරණයට පත්වේ.
මිනිස් සිරුරේ තුවාලයක් වූ විට රුධිර පට්ටිකා කැටිගැසී රුධිර වහනය නැවතීමට උපකාරී වේ.
රුධිරය නිපදවෙන්නේ ශරීරයේ ඇට තුලය. එමනිසා ශරීරයට නැතිවූ ලේ නැවත නිශ්පාදනය කළ හැක. එහෙත් විශාල වශයෙන් සිදුවන රුධිර වනයකදී තවත් අයකුගේ රුධිරය ලබා දීමෙන් ශරීරයට අවශ්‍ය රුධිර ප්‍රමාණය ඇති කෙරේ.
සෑම අයකුගේම ලේ වර්ගය සමාන නොවන අතර, එවන් රුධිර වර්ග හතරකි. එමෙන්ම ඔබගේ රුධිරයේ Rh භාගය (Rh factors) අනුවද යමෙකුගේ ලේ ඒකීය භාවයක් ගනී. මේ නිසා යමෙකුට ලේ ලබාදීමේදී එම වර්ගයේම ලේ ලබාදිය යුතුය.