අලෙවිකරණ විෂය පථය
 

පාරිභෝගිකයන් සහ සේවකයන්ට වුවමනා භාණ්ඩ හා සේවා නිර්මාණය, ප්‍රවර්ධනය හා විකිණිම යන කාර්යයන් අලෙවිකරණයේ සම්ප්‍රදායික විෂය පථය ලෙස දැකිය හැකිය. ව්‍යාපාර ආයතනයේ නිෂ්පාදිත සදහා ඉල්ලුම උද්දීපනය කිරිමේ දක්ෂතාව අලෙවිකරුවන්ට අවශ්‍යවේ. නිෂ්පාදනය හා ඒ ආශ්‍රිතව කටයුතු කරනනන් සැපයුම් කළමනාකරණය ගැන වගකිවයුතුවාක් මෙන්ම අලෙවිකරුවන් ඉල්ලුම් කළමනාකරණය ගැන වගකිව යුතුය. ව්‍යාපාර ආයතනයේ පරමාර්ථ ලගාකර ගැනීම උදෙසා ඉල්ලුමේ මට්ටම්, කාලය හා සැකසුම කෙරෙහි බලපෑම් කිරිමට අලෙවිකරු දක්ෂ විය යුතුය. සාමාන්‍යයෙන් අලෙවිකරණයේ පොළ ඉල්ලුමේ ස්වභාවය වර්ග කිහිපයකට බෙදා දක්වා ඇත. 


1. සෘණ ඉල්ලුම -Negative Demand


ඉල්ලුමේ අඩුවක් පවතින විට එය ධන #3465;ල්ලුමක් බවට පත්කිරිමට අවශ්‍ය වෙනස්කම් අලෙවිකරු විසින් කළ යුතුය.


2. ඉල්ලුමක් නොවිම -No Demand


මෙවැනි තත්ත්වයකදි ඉල්ලුමක් ඇති කිරිමේ ක්‍රියාමාර්ග යෙදිය යුතුය.


3. සැගවුණු ඉල්ලුම -Latent Demand


මෙවැනි ඉල්ලුමකට ගැලපෙන නිෂ්පාදිත ඉදිරිපත් කළ යුතුය.


4. පහත වැටෙන ඉල්ලුම -Declining Demand


අලෙවිකරණ කටයුතු නවිකරණය කර ඉල්ලුම වර්ධනය කිරිමට කටයුතු කළ යුතුයි.


5. අක්‍රමවත් ඉල්ලුම -Irregular Demand


මිල නම්‍යකිරිම, ප්‍රවර්ධනය හා දිරිගැන්විම් මගින් ඉල්ලුම් ස්ථාවර මට්ටමක රදවා ගැනිමට ක්‍රියා කළ යුතුයි.


6. පුර්ණ ඉල්ලුම -Full Demand


මෙම තත්ත්වය රදවා ගැනිමට ක්‍රියා කළ යුතුය. ගුණත්ව හා සේවා අඛණ්ඩව රදවා ගත යුතුයි.


7. පිටාර යන ඉල්ලුම -Overfull Demand


මෙහිදි ලාභදායකත්වය අඩු වෙළෙද පොළවල ඉල්ලුම අඩුකර ගැනිමට කටයුතු කළ යුතුයි.


8. අනවශ්‍ය ඉල්ලුම -Unwholesome Demand


මිල ඉහල දැමිමෙන් හෝ භාණ්ඩ හිග ඇති කිරිමෙන් අනවශ්‍ය ඉල්ලුම පාලනය කළ යුතුය.


ඉහත සදහන් කළ විවිධ ඉල්ලුම් අවස්ථා කළමනාකරණය කිරිම අලෙවිකරුවාගේ වැදගත් කාර්යභාරයකි. වර්තමාන ආර්ථිකය තුල භාණ්ඩ හා සේවා පමණක් නොව ඉන් ඔබ්බට පැතුරුණු අයිතමයන් රාශියක් සම්බන්ධ කටයුතුවල අලෙවිකරුවන් නියැලී සිටිති.

(c) Shilpa Sayura Foundation 2006-2017