අලෙවිකරණය හා අලෙවිකරණ විෂය පථය
පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරලීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සදහා වු ක්‍රියාවලියකි අලෙවිකරණය. ව්‍යාපාර ලෝකයේ අලෙවිකරණය මහගු කාර්යභාරයක් ඉටුකරයි. එමෙන්ම එය අතිශයින් ආකර්ශණීයද වේ. අලෙවිකරණය නොමැතිව සමහර භාණ්ඩ හා සේවා ඒවා මිලදි ගැනීමට කැමති පුද්ගලයන් වෙත කිසි දිනෙක ලගා නොවනු නිසැකය. පුළුල් වශයෙන් දක්වන්නේ නම් අලෙවිකරණය යනු පුද්ගලයන්ගේ හා සංවිධානවල පරමාර්ථ සාක්ෂාත් කරලීම සදහා අදහස්, භාණ්ඩ හා සේවා සංකල්පනය, මිල කිරිම, ප්‍රවර්ධනය සහ බෙදාහැරීම පිළිබද ක්‍රියාදාමයකි.
මෙම පරිච්ඡේදය කියවන විට ඔබ විශ්මයට පත්වේවි. ඔබට තේරුම් යාමෙන්, ඔබ කොතෙක් දුරට අලෙවිකරණය දන්නවාද කියා ඇත්ත වශයෙන්ම එබ අලෙවිකරණයේ කොටස්කරුවෙකි. ඔබ එදිනෙදා කරන කියන හැම දෙයක්ම සෘජුව හෝ වක්‍රව අලෙවිකරණයට සම්බන්ධ වි ඇත. කෑම් බීම් මිලට ගන්නා විට හෝ ඇදුම් පැළදුම් ගන්නා විට හෝ රූපවාහිනි වැඩ සටහන් නරඹන විට හෝ ඔබ අලෙවිකරණයේ කොටස්කරුවෙක් වේ.
ඔබගේ පරිහරණයට පෑනක් මිලදි ගත් විට ඔබ ගණුදෙනුකරුවෙක් වේ. එසේම පාරිභෝගිකයෙක්ද වේ. භාණ්ඩ හා සේවා මිලදි ගන්නා සෑම කෙනෙක්ම ගණුදෙනුකරුවෙකි. ගණුදෙනුකරු හා පාරිභෝගිකයා බොහෝ විට එක් අයෙක්ම වේ. ඔබ සබන් කැටයක් මිලට ගෙන පාවිච්චි කරන්නේ නම් ඔබ පාරිභෝගිකයා හා ගණුදෙනුකරු වේ. ඔබගේ මව හෝ පියා සබන් කැටයක් මිලට ගෙන එය ඔබ පරිහරණය කළේ නම් පාරිභෝගිකයා හා ගණුදෙනුකරු දෙදෙනෙකි.
මුල්‍යනය, නිෂ්පාදනය, ඉංජිනේරු ශිල්පය සේම අලෙවිකරණයද ව්‍යාපාරික ක්‍රියාවකි.සංවිධාන ඒවායේ පරමාර්ථ සාර්ථක කර ගැනීමට හා ලාභ ඉපයිමට අලෙවිකරණය උපයෝගී කරගනී. අලෙවිකරණයේ සාර්ථකත්වයට මුලිකම සාධකය වන්නේ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා හදුනාගෙන ඒවා තෘප්තිමත් කරලීමයි. දක්ෂ අලෙවිකරු මනාව වටහා ගනි. අලෙවිකරණයේ සාර්ථකත්වයට මුලිකම සාධකය වන්නේ ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා හදුනාගෙන ඒවා තෘප්තිමත් කරලීමයි. දක්ෂ අලෙවිකරු මනාව වටහාගනී. අලෙවිකරණයේ පරමාර්ථ වන්නේද ගණුදෙනුකරුවන් නිර්මාණය කිරීම හා එවුන් රදවා ගැනීමයි. ආයතනයේ සාර්ථකත්වයට හා ලාභ පවත්වා ගැනිමට එය ඉවහල් වේ. අද අලෙවිකරණ පථයෙහි සීමාවක් නොමැති තරම්ය. භාණ්ඩයක් හෝ සේවාවක් විකිණිමට ඉදිරිපත් කරන එමෙන්ම අදහස් ප්‍රවර්ධනය කරන,එනම් අලෙව්කරණයේ නියැලෙන සෑම ව්‍යාපාරයකට, සංවිධානයකට හෝ පුද්ගලයන්ට අලෙවිකරණය අතිශයින්ම වැදගත්ය.
අලෙවිකරණය අසීරු කලාවක් නොවේ. සාර්ථක අලෙවිකරණයට නියත වශයෙන් එක් ක්‍රමයක් ඉදිරිපත් කළ නොහැක. ගණුදෙනුකරු තෘප්තිය හා ලාභදායකත්වය යන ඉලක්ක දෙක පෙරටුකොට කටයුතු කරන්නේ නම් සාර්ථක අලෙවිකරණයක් සදහා ඇති අවස්ථා අප්‍රමාණය. පිළිගත් ව්‍යාපාර න්‍යායන් සහ පරිචයන් යටතේ වු නිර්මාණශීලි කලාවක් ලෙස අලෙවිකරණය පෙන්නුම් කළ හැකිය. පැන නගින අවස්ථාවට ගැලපෙන ලෙස අලෙවිකරණය නම්‍ය විය යුතුය. පරමාර්ථ වෙනස් වුවද සුළු හෝ මහා පරිමාණ වුවද ඕනැම ගණයේ ව්‍යාපාරයකට පමණක් නොව පුද්ගලයන්ටද තම අවශ්‍යතා සපුරා ගැනීමට අලෙවිකරණ උපක්‍රම ගලපා ගත හැකි වේ. තම ගණුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සහ ආශාවන් තේරුම් ගන්නා ව්‍යාපාරිකයන්ට අලෙවිකරණය සාමාන්‍ය දැනුමකි. (Common Sence)එසේ ගණුදෙනුකරුවන් තේරුම් නොගන්නා ව්‍යාපාරිකයන්ට අලෙවිකරණයේ කිසිදු හරයක් නැත.අලෙවිකරණය ඔවුන්ට ගැටළුවකි. සාර්ථක අලෙවිකරණයත්, ගණුදෙනුකරුගේ තෘප්ලියත් යන්න දෙකක් නොව එකකි. සාර්ථක අලෙවිකරණයත්,අලෙවිකරණය ලගාකර ගත නොහැක්කක් නෙවේ. මුලික මුලධර්ම අවබෝධ කරගත්තේද, වෙළෙද පොළ හිඩැසි හොදින් තේරුම් ගත්තේද, ගණුදෙනුකරුගේ අවශ්‍යතා නිර්ණය කළේද, කැපවීමක්, විනයක් සහ උනන්දුවක් ඇතිව කටයුතු කරන ව්‍යාපාරිකයන්ට අලෙවිනකරණය සරල ක්‍රියාදාමයකි.
ව්‍යාපාර ආයතනයක් එහි සෑම අංශයක්ම සිය ගණුදෙනුකරුවන් තෘප්තිමත් කිරිම කෙරෙහි ඉහළම උනන්දුවක් දක්වන්නේ නම් එම ව්‍යාපාරයේ සාර්ථකත්වය පිළිබද ගැටළුවක් පැන නොනගි. සාර්ථක අලෙවිකරණයක් නිසා ආයතනයට සහ සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ මුල්‍යමය වශයෙන් නොවේ. ඒ තුළින් අයිතිකරුවන්ට සහ සේවකයන්ට මුදලින් අගය කළ නොහැකි.තෘප්තියක්ද හිමිවේ.
වර්ථමනයේ පවත්නා ගෝලීයකරණය, දැඩි තරගය, පරිසරයේ ඇතිවන නිරන්තර වෙනස්විම් තුළ සාර්ථක අලෙවිකරුවන් නිර්මාණශීලි විය යුතුය. ඉහළම ගුණත්වයෙන් යුතු භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. වර්තමානයේ ගණුදෙනුකරු මුල්කර ගත් සමෝධානික අලෙවිකරණ වැඩ සටහන් ඕනෑම ව්‍යාපාරයක පැවැත්මට සහ වර්ධනයට අත්‍යවශ්‍ය වී තිබේ. ගණුදෙනුකරු අභිමුඛ (Customer Orientation) දර්ශනයෙන් අදහස් කරන්නේ එක් දෙයක් නොව බොහෝ දෙයකි. සිය ගණුදෙනුකරුවන් හොදින් හදුනා ගැනීම, ව්‍යාපාර ප්‍රතිපත්ති අවශ්‍ය විට වෙනස් කිරිමට සුදානම් වීම, සිය ගණුදෙනුකරුවන්ට වඩ හොද සේවාවක් සැපයිම, නිෂ්පාදන සැලසුම් කිරිමට පෙර ගණුදෙනුකරුවන්ට ඇහුම්කන් දීම, ගණුදෙනුකරු තෘප්තිමත් කළ හුක්කේ කවර අවශ්‍යතා හා වුවමනා සපුරා දීමෙන්ද යන්න පිළිබද උපකල්පනය නොකොට ඒවා ගණුදෙනුකරුවන්ගෙන්ම දැනගැනීමට කටයුතු කිරිම, ඉහළ ගුණත්වයෙන් යුත් වගකිම් සහිත භාණ්ඩ නිෂ්පාදනය කිරිම සහ විකිණිම, විකුණුම් සමගම ඉහළ මට්ටමේ පාරිභෝගික සේවාවන් පවත්වා ගෙන යාම, ගණුදෙනුකරුවන් සහ ආයතනයේ තීරණ ගන්නන් සමග මනා සන්නිවේදනය පවත්වා ගෙන යාම යනාදී මේ සියල්ල ගණුදෙනුකරු අභිමුඛ දර්ශනයට ඇතුළත් වේ.
සෙසු ව්‍යාපාර කාර්යයන්ට වඩා අලෙවිකරණ කාර්යය ගණුදෙනුකරුවන් සමග සෘජුව සම්බන්ධ වේ. නුතන අලෙවිකරණ චින්තනයේ සහ පරිචයේ සාරය වන්නේ ගණුදෙනුකරුවන්ට වටිනාකමක් නිර්මාණය කිරිම සහ ගණුදෙනුකරු තෘප්තිමත් කිරිමයි. නැතහොත් ලාභයක් උපයමින් ගණුදෙනුකරුට තෘප්තියක් ලබාදීම අලෙවිකරණයයි. ඕනෑම ව්‍යාපාර ආයතනයක සාර්ථකත්වය සදහා ක්‍රමවත් අලෙවිකරණය තීරණාත්මක සාධකයකි. සුළු හෝ විශාල ලාභ අපේක්ෂිත හෝ ලාභ අනපේක්ෂිත හෝ දේශිය හෝ ගෝලීය යනාදී ඕනැම ආයතනයක සාර්ථකත්වයට අලෙවිකරණය අතිශයින්ම වැදගත් වේ.
බොහෝ අය සිතනුයේ අලෙවිකරණය යනු විකිණීම හා මිලදි ගැනීමේ ක්‍රියාවලියක් ලෙසයි. එය එසේ නොවේ. එය අලෙවිකරණයේ එක් අංශයක් පමණි. අලෙවිකරණයේ සෑම කාර්යයක්ම ව්‍යාප්ත වනුයේ ගණුදෙනුකරුගේ අවශ්‍යතා තෘප්තිත් කිරිමටයි. මේ අනුව සෑම ව්‍යාපාරිකයෙක්ම පාරිබෝගික අවශ්‍යතා තේරුම් ගත යුතුය. ඒ අනුව සුපිරි වටිනාකමක් ඇති භාණ්ඩ හා සේවා වර්ධනය කළ යුතුය. සිය නිෂ්පාදිතයන් සඵල ලෙස (Effective) මිල කළ යුතුය. බෙදා හැරිය යුතුය. ප්‍රවර්ධනය කළ යුතුය.
අලෙවිකරණය ආර්ථිකය තුළ ක්‍රියාත්මක වන්නකි. ”වෙළෙද පොළ පිළිබද ආර්ථික විද්‍යාව” ලෙසද අලෙවිකරණය හැදින්විය හැකිය. ඉපැරණි ආර්ථිකය ඉතා සරල වුවකි.කාර්මික විප්ලවය හා මහා පරිමාණ නිෂ්පාදනය ඊට පදනම විය. නිෂ්පාදකයෝ යම් යම් මූලධර්ම හා පරිචයන් අනුගමනය කළෝය. නිෂ්පාදිත ප්‍රමිතිකරණය තුළ පිරිවැය පහත හෙළිමට ඔවුහු ක්‍රියා කළහ. මහා පරිමාණ ආර්ථික වාසි ලබා ගැනීමට වෙළෙදපොළ පුළුල් කර ගැනීමට එදා ඔවුන් උත්සාහ ගත්හ. කාර්යයක්ෂමතාව ඔවුන්ගේ ඉලක්කය වුහ.
එහෙත් වර්තමාන ආර්ථිකය ඉතා සංකීර්ණය. ගෝලීය ආර්ථිකයක් තුළ ව්‍යාපාර කටයුතු කළ යුතුව ඇත. සියළුම දේ ඉතාමත් දැඩිව වෙනස් වෙයි. වෙළෙද පොළේ ඇත්තේ උග්‍ර තරගකාරී ස්වභාවයකි. සෑම ව්‍යාපාරයකටම නවීන තාක්ෂණය තර්ජනාත්මක සාධකයකි.සෑම දෙයම ඩිජිටල් වී ඇත. (Digitalization) එසේම තොරතුරු තාක්ෂණය නිසා දැනුම අතින් බලවත් වු පාරිභෝගිකයාට අනුකූලව ව්‍යාපාර ගලපා ගත යුතුව ඇත.
ඉපැරණි පාරිභෝගිකයාට වඩා නුතන පාරිභෝගිකයා ලබා ඇති ශක්තින් බොහෝය.
උදා :-
1. මිලදි ගැනිමේ ශක්තිය වැඩි වි ඇත.-Increase in buying power
2. භාණ්ඩ හා සේවා විවිධාකාරයෙන් සුලභ වී ඇත.-A greater variety of goods & services
3. ඕනෑම දෙයක් පිළිබදව විශාල ප්‍රමාණයක තොරතුරු සුලභ වී ඇත.-A great amount of information
4. ඇනවුම් කිරිම හා ලබා ගැනිම ඉතාමත් පහසු වී ඇත.-(E – Commerce) A greater ease in placing and receiving orders
5. භාණ්ඩ හා සේවා සංසන්දනාත්මක පරික්ෂා කර බැලිමේ හැකියාව වැඩි වි ඇත.-Ability compares notes on product & services
ව්‍යාපාරික පාර්ශවයෙන්ද නුතන ආර්ථික ක්‍රමය තුළ නව හැකියාවන් උදා වී ඇත.
උදා :-
බලවත් නව තොරතුරු පදනම් කරගෙන ව්‍යාපාර කළහැකිවීම නිසා සිය භාණ්ඩ හා සේවා සදහා වු වෙළෙද පොළ පුළුල් කරගත හැක.ප්‍රවර්ධනය කිරිම පහසුය.