නිෂ්පාදන ක්‍රියාවලියේදි අනුගමනය කරනු ලබන ප්‍රධාන ක්‍රම කිහිපයක් වේ.
- ඇණවුම මත නිෂ්පාදනය Job Production
- කාණ්ඩ නිෂ්පාදනය Batch Production
- ප්‍රවාහ නිෂ්පාදනය Flow Production
- ක්‍රියාවලි නිෂ්පාදන Process Production
1. ඇණවුම් මත නිෂ්පාදන-මෙම ක්‍රමයේදි නිමැවුම සිදුවන්නේ පුද්ගල අවශ්‍යතා මතය. කොන්ත්‍රාත්කරුවකු විසින් පුද්ගලයෙකුගේ සැලැස්මක් මත නිවසක් ඉදිකිරිම්, ඇදුම් මසන්නෙකු පුද්ගලයෙකුගේ මිමි අනුව ඇදුම් කට්ටලයක් මැසීම, යනාදිය මෙයට නිදසුන්ය. මෙම ක්‍රමයේ ප්‍රධාන ගතිලක්ෂණය වශයෙන්,
- ගණුදෙනුකරුගේ අවශ්‍යතා මිස වෙළෙදපොළ අවශ්‍යතා ගැන සැලකිලිමත් නොවීම
- මිල ඉහළවීම
- ඉහළ ශ්‍රම කුසලතා අවශ්‍යවීම
- භාවිත කරන යන්ත්‍රෝපකරණ පුද්ගල ඇණවුම්වලට පමණක් ප්‍රමාණවත් නොවීම (අධිධාරිතාව)
2. කාණ්ඩ නිෂ්පාදනය-අඛණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියකින් කාණ්ඩයකට හෝ කිසියම් ප්‍රමාණයකට නිපදවීම මෙයයි.
උදා :- බේකරි නිෂ්පාදනය, ගෘහභාණ්ඩ නිෂ්පාදනය මෙය බොහෝ දුරට ඇණවුම් (Job) නිමවුම් ක්‍රමයට සමීපය. වෙනස නිෂ්පාදන ඒකක එකට වැඩිවීමයි.එහෙත් මහා පරිමාණ නොවේ.
3. ප්‍රවාහ පරිමාණ නිෂ්පාදනය-එක සමාන ප්‍රමිතින් මත විශාල වශයෙන් කෙරෙන නිමවුම් මෙයයි.
උදා :- කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ (රේඩියෝ, ටෙලිවිෂන්, මෝටර් රථ) නිෂ්පාදනය අඛණ්ඩව කෙරේ.ඉහල දිගු කාලීන ඉල්ලුමක් මේ සදහා වේ.මෙම නිෂ්පාදන සදහා අලෙවිකරණ ශීල්පීය ක්‍රම බහුලව යොදා ගනී.
4. ක්‍රියාවලි නිෂ්පාදනය
භාවිත කරන තාක්ෂණික ක්‍රියාවලිය නිමැවුම මත තීරණය කෙරේ.
උදා:- ඛණිජ තෙල් පිරිපහදු කර්මාන්තය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය මහ පරිමාණ මෙන් මෙහිද නිෂ්පාදනය අඛණ්ඩයි.යාන්ත්‍රීකරණය වේ.