තොග පාලන ක්‍රම
 

තොග පාලනය සදහා යොදා ගනු ලබන විවිධ ක්‍රම දක්නට ලැබේ. ව්‍යාපාරයේ ස්වභාවය හා ශක්තිය මත යොදා ගනු ලබන ක්‍රමය තීරණය වේ. භාවිතයේ පවත්නා තොග පාලන ක්‍රම කිහිපයක් පහත දැක්වේ.


1. ABC විශ්ලේෂණ ක්‍රමය


ද්‍රව්‍ය අයිතම විශාල සංඛ්‍යාවක් ඇති ආයතන බොහෝ විට තොග පාලනය සදහා ABC විශ්ලේෂණ ක්‍රමය යොදා ගනි. මෙම විශ්ලේෂණ ද්‍රව්‍ය අයිතමයන්ගේ වටිනාකම මත සිදුවේ.


වටිනාකම වැඩි එහෙත් තොග රැස්කර තැබීමට අවශ්‍ය ඉඩකඩ ඉතා අඩු ද්‍රව්‍ය = A
මධ්‍යස්ථ වටිනාකම මධ්‍යස්ථ ඉඩකඩ = B
අඩු වටිනාකම වැඩි ඉඩකඩ = C


මෙම අදහස පහත වගුවෙන් පැහැදිලි කෙරේ.


දුව්‍ය අධිතම                   අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය                   වටිනාකම
        A                                     10%                       70% 
        B                                     30%                        20%           
        C                                     60%                        10%
           

2. ද්විත්ව භාජන ක්‍රමය Two Bin Systems


මෙහිදි තොග රුස්කර තැබිමට භාජන දෙකක් භාවිතා කෙරේ. එක් භාජනයක් විශාල වන අතර අනික කුඩාය. විශාල භාජනයේ තොග ප්‍රථමයෙන් භාවිතා කරන අතර එම තොගය අවසන් වීමෙන් පසු යළි ඇණවුම් කරයි. බලාපොරොත්තු කාලය තුළ කුඩා භාජනයේ තොගය භාවිතා කෙරේ. ඇණවුම් කරන ලද භාණ්ඩ තොග ලැබුණ විට මුලින්ම නැවත කුඩා භාජනය පුරවා තබා පසුව ලොකු භාජනය පුරවා පාවිච්චියට ගනී. මෙය ඉතා සරල තොග පාලන ක්‍රමයකි.


3. තොග මට්ටම් ක්‍රමය 


ඉහතින් පැහැදිලි කරන ලදි. (3: 1: 3)


4. පරිගණක වැඩසටහන් 


තොග පාලනය සදහා වර්තමානයේ පරිගණක වැඩසටහන් යොදා ගැනීම ප්‍රචලිත වෙමින් පවති. මේ සදහා වු පරිගණක (PACKAGE) මෘදුකාංග වේ.එම මෘදුකාංග පහසුවෙන් යොදා ගත හැකිය.


තීරු සංඥාක්‍රමය (Bar Code) යොදා ගැනීමෙන් තොග නිකුත් කරන වේලාවේම ක්ෂණිකවම තොග ගිණුම්වල සටහන් වේ. තොග පාලනය සදහා පරිගණක මෘදුකාංග යොදා ගැනීමෙන් පහත සදහන් ප්‍රතිලාභ ලැබිය හැකිය.



  1. තොග පාලන කටයුතු කාර්යක්ෂම වීම
  2. නිරවද්‍යතාව ඉහළ මට්ටමක රැදේ.
  3. තොග ලැබිම් හා නිකුත් කිරිම් ක්ෂණිකව සටහන් වේ.යාවත්කාලීන වේ.
  4. අවශ්‍ය ඕනෑම මොහොතක තොග පිළිබද වාර්තා (print Out) ලබාගත හැකිවීම
  5. ආයතනයට ගැලපෙන ලෙස නම්‍යශීලිව යොදාගත හැකිවීම

5. රාක්ක පත් Bin Card


තොග ගබඩාව සතු ඒ ඒ ද්‍රව්‍ය අධිතමය වෙනුවෙන් වෙන් වෙන් වු රාක්කපත් භාවිතා කරමින් තොග ලැබීම් හා නිකුත් කිරිම් එහි සටහන් කිරිම මෙහිදි සිදුවේ. මෙම ලේඛනය ද්‍රව්‍ය රැස්කර තබා ඇති රාක්කය අසලම තබා තිබෙන බැවින් එම ක්‍රමය “රාක්ක පත්” ලෙස හදුන්වයි.


6. තොග ලෙජරය


ද්‍රව්‍ය ලැබිම්, නිකුත් කිරිම් හා ශේෂයන් ඒවායේ ප්‍රමාණය හා වටිනාකමත් සටහන් කෙරෙන ගිණුම් ලේජරයකි මෙය. මෙය සාමාන්‍යයෙන් ගිණුම් අංශය මගින් නඩත්තු කරයි. තොග ලේජරයේ සටහන් කර තැබීමට මුලාශ්‍ර ලියවිලි ලෙස ද්‍රව්‍ය ලබීම් පත්‍රයද, ද්‍රව්‍ය අභියාචනා පත්‍රයද (නිකුත් කිරිම් )ආපසු එවුම් පත්‍රයද භාවිතා කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017