ආයතනයක් සිය විවිධ අවශ්‍යතා සදහා ප්‍රමාණවත් තොග රදවා ගත යුතුය. එසේ රදවා ගත යුතු තොග වන්නේ,
1.අමුද්‍රව්‍ය / නොනිමි දෑ - නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අමුද්‍රව්‍ය හා නොනිමි ද්‍රව්‍යඅවශ්‍ය වේ. මේවා හිගවුවහොත් සේවකයින්ගේ හා යන්ත්‍රවල නිෂ්ක්‍රීය කාලය ඉහල යයි. නිෂ්පාදනය ප්‍රමාද වේ.
2.නිමි භාණ්ඩ -ගණුදෙනුකරුවන්ගේ ඉල්ලුම සපුරාලීමට නිමි භාණ්ඩ අවශ්‍ය වේ. ඒවා හිග වුවහොත් ගණුදෙනුකරුවන් කළකිරීමට පත් වී ඉවත් වේ. කිර්ති නාමය පහළ වැටේ. ඇණවුම කලට වේලාවට සපුරාලීමට නොහැකිවිමෙන් මූල්‍ය පාඩු ඇති වේ.
3. පරිභෝජන ද්‍රව්‍ය-විකුණුම් හා නිෂ්පාදනයට සහය වීමට අවශ්‍ය උපකරණ හා අමතර කොටස් මෙයට අදාලය. ඒවා ප්‍රමාණවත්ව නොතිබුණ හොත් නිෂ්පාදන කටයුතු ප්‍රමාද වේ. සේවක හා යන්ත්‍රවල නිෂ්ක්‍රීය කාලය (idle time)වැඩි වේ.
තොග අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නම් අනවශ්‍ය වු රදවා ගැනිමේ පිරිවැයක් (Holding Costs) දැරිය යුතුවේ.
- ගබඩා ඉඩකඩ වැඩිපුර අවශ්‍ය වීම
- ගබඩා පරිපාලන, ක්‍රියාකාරි වියදම් වැඩිවිම
- තොගවල මුදල් හිරවිම හා ඒ සදහා පොළි ගෙවිම
- රක්ෂණ පිරිවැය වැඩිවීම
- නශ්‍යවීම් නිසා ඇති වන පිරිවැය
- යල්පැනිම් හා සොරකම් කිරිම නිසා මතුවිය හැකි පිරිවැය
කාර්යයක්ෂම වු තොග පාලන ක්‍රමයකින් ඉතාම යෝගය ප්‍රශස්ත තොග මට්ටම් පවත්වා ගනී. ප්‍රශස්ත මට්ටම පවත්වා ගෙන යාමේදි තීරණාත්මක මට්ටම් 4ක් සදහන් වේ.
අ). වාර්තා මට්ටම Recorder Level
Recorder Level = Rate of x Maximum lead Time
වාර්තා මට්ටම = භාවිතා කිරිමේ ප්‍රමාණය X උපරිම පමා කාලය
උපරිම පමා කාලය = ඇණවුම් කාලය + භාරදීමේ කාලය + පරික්ෂා කිරිමේ හා ගබඩා කිරිමේ කාලය.
ආ). ආර්ථික ඇණවුම් ප්‍රමාණය Economic Order Quantity (EOQ)
රදවා ගැනිමේ හා ඇනවුම් කිරිමේ පිරිවැය අවම කර ගනිම සදහා EOQ මට්ටම් ගණනය කෙරේ. EOQ පහත දැක්වෙන අන්දමට ගණනය කළ හැක.
EOQ
O-අයිතමය සදහා වු ඇණවුම් පිරිවැය (Ordering Cost)
d- අයිතමය සදහා ඉල්ලුම (වාර්ෂික) (Demand)
h- ඒකකයක් සදහා වු රදවා ගැනීමේ පිරිවැය (වාර්ෂික) (Holding Cost)
එක්තරා අයිතමයක් සදහා වු වාර්ෂික ඉල්ලුම ඒකක 5,000 ද, අයිතමය සදහා ඇණවුම් පිරිවැය රු.80 ක්ද, එක ඒකකයක් රදවා ගැනිමට යන ගබඩා පිරිවැය වර්ෂයකට රු.5 ක්ද සිතුවොත් EQO මට්ටම වන්නේ :- ඇ). අවම තොග මට්ටම Minimum Stock Level
අවම තොග මට්ටම් පහත ආකාරයෙන් ගණනය කළ හැක.
අවම තොග මට්ටම = වාර්තාගත මට්ටම - සාමාන්‍ය භාවිතය x සාමාන්‍ය පමා කාලය
මෙම මට්ටමෙන් පහළට තොග අඩුවීමෙන් අනවශ්‍ය පිරිවැය දැරීමට සිදුවේ.
ඈ). උපරිම තොග මට්ටම Maximum Stock Level
උපරිම තොග මට්ටම අනතුරු හැගවිම් මට්ටමකි.එහි ප්‍රතිඵලයද අනවශ්‍ය පිරිවැයයි. පහත ආකාරයෙන් උපරිම තොග මට්ටම ගණනය කෙරේ.
උපරිම තොග මට්ටම = නැවත ඇණවුම් + වාර්තාගත ප්‍රමාණය - (අවම භාවිතය x අවම පමා කාලය)
තොග පාලනය සදහා අද බහුලව පරිගණක වැඩසටහන් භාවිතා කෙරේ.