ගුණත්ව පාලනය
 

ගුණත්ව පාලනය යන්නෙන් අදහස් වන්නේ ගුණය පිළිබදව වු විවිධ කටයුතු වේ. මහා පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ භාණ්ඩවල ගුණත්වය පිළිබද ගැටළු පැන නැගීමට අවකාශ තිබේ. නිෂ්පාදන පාලනය තුල ගුණත්ව පාලනය ඉතා වැදගත් වන්නේ අයෝග්‍ය නිමවුම් හදුනාගෙන ඒවා ඉවත් කිරිමට කටයුතු සිද්වන බැවිනි. ගුණත්ව පාලනයෙන් භාණ්ඩවල ප්‍රමිතිය සහතික කළ හැකිවන අතර, ප්‍රමිතීන් අනුව නිමැවුම ස්ථාවරව පවත්වා ගෙන යා හැකිය. ගුණත්ව පාලනය සදහා යම් යම් පිරිවැය දැරිය යුතු වේ.


උදාහරණ :



  1. ඉවත දැමිමට සිදුවන ද්‍රව්‍ය
  2. අපතේ යන ශ්‍රමය
  3. දුර්වල ශිල්පීන් වෙනුවට වෙනත් අය යෙදවීම
  4. පරීක්ෂණයන්
  5. ප්‍රමිතිය අනුව කටයුතු කිරිමට සේවකයන් පුහුණු කිරිම
  6. ගුණත්ව පාලනයෙන් රිංගා යන ප්‍රමිතිවලට අඩු දුර්වල භාණ්ඩ වෙළෙද පොළට පිවිසිම නිසා ගනුදෙනුකරුවන් කළකීරිම හා එමගින් කිර්තිනාමය පහළයෑම.

ගෝලීය වෙළෙද පොළ තුළ හටගෙන ඇති තියුණු තරගය නිසා “ගුණත්ව සංස්කෘතියක්” දැන් වර්ධනය වෙමින් පවති. සෑම නිෂ්පාද‍නයෙකුම උත්සාහ ගනුයේ ගනුදෙනුකරුවන්ට උසස් ගුණත්වයෙන් යුක්ත වැඩි වටිනාකමක් ලබාදීමටයි. ප්‍රදාන ව්‍යාපාර ආයතන බොහෝමයක් ගුණත්වයේ වැදගත්කම හා ශක්තිය අවබෝධ කර‍ෙගන කටයුතු කරයි. එබැවින් ගුණත්ව ප්‍රමීතින් වර්ධනය කර ගැනීමට ඔවුහු උත්සුක වෙති. ඒ සදහා ප්‍රථමයෙන්ම “මිනුම්” (Specification) සකසා ගත යුතුය.


තත්ත්ව පාලනය සදහා ජාත්‍යන්තර වශයෙනි ප්‍රචලිත ප්‍රමීතින් අනුගමනයට බොහෝ නිෂ්පාදන ආයතන උනන්දු වේ.


තත්ත්ව පාලන කව Quality Circles


ජාපානයෙන් ආරම්භ කෙරුනු තත්ත්ව පාලන කව ජනප්‍රිය වී ඇත. එකම කාර්යයක නියැලී සේවකයන් කුඩා කණ්ඩායම් වශයෙන් එක් වී සාකච්ඡා මගින් ඔවුනොවුන් මුහුණපාන ගැටළු හදුනාගෙන ඒ සදහා විසදුම් ඉදිරිපත් කිරිම මෙම කව මගින් සිදුවේ.


සමස්ථ තත්ත්ව කළමනාකරණය -Total Quality Management –TQM


ආයතනයේ නිෂ්පාදිතයෙහි තත්ත්වය පාලනය කිරිම සදහා සෑම අංශයකම නියැලි සේවකයන්ගේ සහභාගිත්වය ලබාගැනීම මෙහිදි සිදුවේ. TQM යටතේ සෑම සේවකයෙකුම නිවැරදි දෙය නිවැරදි ආකාරයට සෑම විටම ක්‍රියාවට නැගිය යුතුය.මෙය සෑම කාර්යයක් හා බැදි ඇත.සෑම පුද්ගලයෙක් හා බැදී ඇත. එය ක්‍රමානුකූලව, සමෝධානිකව, අඛණ්ඩව කරගෙන යායුතු ක්‍රියාවලියකි.


අන්තර්ජාතික ප්‍රමිති -International Organization for Standardization (ISO)


ස්විස්ටර්ලන්තයේ ජිනිවාහි පිහිටුවා ඇති ISO ආයතනය මගින් ජාත්‍යන්තර ප්‍රමීතින් කිහිපයක් හදුන්වා දී ඇත.


ISO 9000 තත්ත්ව කළමනාකරණය හා තත්ත්ව ස්ථාපනය පිළිබද ප්‍රමිති තෝරා ගැනීම හා භාවිතය පිළිබද මාර්ගෝපදේශ සපයයි.


ISO 9001 නිෂ්පාදිතයකට (භාණ්ඩයක් හෝ සේවාවක) නිර්මාණය, සංවර්ධනය, නිෂ්පාදනය කිරිම පිළිබද වු තත්ත්වය ස්ථාපන පද්ධති.


ISO 9002 නිර්මාණය හැර සෙසු කාර්යයන් එනම්, නිෂ්පාදන සංර්ධනය සම්බන්ධව තත්ත්ව ස්ථාපන පද්ධති.


ISO 9003 අවසන් පිරික්සුම, පරික්ෂා කිරීම යන කාර්යයන් සදහා පමණක් වු තත්ත්වය ස්ථාපන පද්ධති.


ISO 9004 තත්ත්ව කළමනාකරණ පද්ධති පිහිටුවා ගැනීම සදහා මාර්ගෝපදේශ සපයයි.


ISO 14000 පරිසරය සංරක්ෂණය පිළිබද ප්‍රමිතියකි.කර්මාන්ත මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරිමට මෙම ප්‍රමිතිය උපකාරී වේ.


නියම වේලාවට Just - In - Time (JIT)


නිෂ්පාදන පාලනයේ දි යොදා ගනු ලබන ක්‍රමයක් වන මෙහි අරමුණ වනුයේ නිවැරදි යෙදවුම් ප්‍රමාණය, නිවැරදි වේලාවේදී නිෂ්පාදන ක්‍රියාවලියට එක් කිරිමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017