නිෂ්පාදන කාර්යයන්
 

ව්‍යාපාර ආයතනයක නිෂ්පාදන ශ්‍රිතය සම්බන්දව කටයුතු කරන අංශයට කාර්යය රැසක් පැවරේ. අලෙවිකරණ අංශය මගින් හදුනාගෙන ඇති නිෂ්පාදිත සදහා සුදුසු නිෂ්පාදන වැඩසටහන් සකස්කර ක්‍රියාත්මක කිරිම ඒ අයුරින් ප්‍රමුඛස්ථානය ගනී. සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලිය පහත දැක්වෙන ශිර්ෂ යටතේ විස්තර කළ හැකිය.


1. නිෂ්පාදන ඉංජීනේරුකරණය -Production Engineering


2. නිෂ්පාදන සැලසුම්කරණය -Production Planning


3. නිෂ්පාදන පාලනය -Production Control


4. ද්‍රව්‍ය මිලදි ගැනිම -Purchasing


5. පර්යේෂණ හා සංවර්ධනය -Research & Development


පහත දැක්වෙන ගැලීම් සටහනින් නිෂ්පාදන ක්‍රියාවලියට අයත් ඉහත සදහන් කාර්යයන් හා ඊට අනුබද්ධ අවශේෂ කාර්යයන්ද පැහැදිලි කළ හැකිය.  


කුමක් නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය වු පසු ඒ සදහා අවශ්‍ය, සම්පත් කවරේද ? තාක්ෂණය කුමක්ද ? යනාදි කරුණු නිෂ්පාදන ඉංජිනේරු අංශය මගින් තීරණය කළ යුතුය.මෙහිදි තීරණය කළ යුතු ප්‍රධාන අධිතමය වන්නේ :-



  1. යොදා ගත යුතු නිෂ්පාදන ක්‍රියාවලිය තීරනය කිරිම
  2. අවශ්‍ය යන්ත්‍රාගාර, යන්ත්‍රෝපකරණ හා උපකරණ තීරණය කිරිම
  3. අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය හා ඒවායේ ගුණාත්මකභාවය තිරණය කිරිම
  4. ඒ ඒ නිෂ්පාදන සදහා අවශ්‍ය නිෂ්පාදන කාලසටහන තීරණය කිරිම

නිෂ්පාදන සැලසුම්කරණයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ කෙටිකාලීන හා දිගුකාලීන නිෂ්පාදන වැඩසටහන් සැකසීමයි. නැතහොත් නිෂ්පාදන සැලසුම් සකස්කිරිමයි. නිෂ්පාදන සැලැස්මක් (Production Plan)යනු ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය කෙරෙන යන්ත්‍රාගාර, යන්ත්‍ර සුත්‍ර, උපකරණ, අමුද්‍රව්‍ය, ශ්‍රමය යනාදි සම්පත්වල අවශ්‍යතා පෙන්නුම් කෙරෙන වැඩසටහනකි. ඉන් අනතුරුව ඒ ඒ නිෂ්පාදිත සදහා සැලසුම් සකස් කෙරේ. (Production Plan) භාණ්ඩයක් නිපදවීමට පෙර, එහි ස්වරූපය (Product Design) නිෂ්පාදන කාලසටහන යනාදිය දැක්වෙන වැඩසටහනකි නිෂ්පාදිත සැලසුම. නිෂ්පාදිත සැලසුම් කිහිපයක් එක්විමෙන් නිෂ්පාදන සැලසුම් කිහිපයක් එක්වීමෙන් නිෂ්පාදන සැලසුම් සකස්වේ.


සමච්ඡේද විශ්ලේෂණය- සමච්ඡේද විශ්ලේෂණය, නිෂ්පාදන සැලසුම්කරණයට ප්‍රයෝජනවත්ය. පිරිවැය : ස්ථාවර හා විචල්‍ය වශයෙන් වර්ග කිරිම මගින් සමච්ඡේද විශ්ලේෂණය දැක්විම පහසුය. මෙම විශ්ලේෂණය නිෂ්පාදන සැලසුම්කරණයට මෙන්ම මිල නියම කිරිමේදී ද ප්‍රයෝජනවත් වේ. එය ගණිතමය හා ප්‍රස්ථාරිකව ගණනය කළ හැකිය.


ව්‍යාපාරයක ලාභ හෝ අලාභ නොලබන ලක්ෂය මෙයයි. ඒ අනුව ලාභ අලාභ රහිත ලක්ෂය ලෙසද හදුන්වයි. මෙම ලක්ෂයේදී ව්‍යාපාරයේ මුළු ආදායම මුළු වියද‍ම හා සමාන වේ. ව්‍යාපාර කටයුතු සැලසුම් කිරිම සදහා අයවැය පාලන උපකරණයක් ලෙස සමච්ඡේදය යොදා ගනි. මෙය සටහනකින් දැක්වීමෙන් ව්‍යාපාරයේ ආදායම, පිරිවැය සහ මිල යන අංශවල ඇතිවන වෙනස්විම් විග්‍රහ කළ හැක.


සමච්ඡේද ලක්ෂය පහත දැක්වෙන සමීකරණය මගින් ගණනය කර පෙන්විය හැකිය.


සමච්ඡේදය       =           මුළු ස්ථාවර පිරිවැය  ( F)  
                                ඒකකයක දායකය (C)


දායකය = ඒකකයක විකුණුම් මිල (S) - ඒකකයක විචල්‍ය පිරිවැය (V)


නිදසුන් :
ව්‍යාපාර ආයතනයක මුළු ස්ථාවර පිරිවැය රු.2000/=
ඒකකයක විකුණුම් මිල රු. 10/=
ඒකකයක විචල්‍ය පිරිවැය රු.5/= මිලදි ගැනිම් Purchasing


ද්‍රව්‍ය කළමනාකරණය මිලදි ගැනිම් ශ්‍රිතයේ කාර්යභාරයයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ ද්‍රව්‍ය අවශ්‍යවේ. එය සංකීර්ණත්වයෙන් යුක්තය. ආර්ථික වාසි ලබා ගැනීම සදහා ආයතනය මිලදි ගැනිම සදහා ආයතනය මිලදි ගැනිම් මධ්‍යගත කර ඇත. එමගින් පිරිවැය පිරිමැසුම්, වට්ටම් ලබාගත හැක.


අමුද්‍රව්‍ය - Raw Materials
ප්‍රාග්ධන උපකරණ - Capital Equipments
ලිපි ද්‍රව්‍ය - Stationary
පාරිභෝජන ද්‍රව්‍ය - Consumables
අංගෝපාංග - Components
ආහාරපාන - Food and Drink
කාර්යාල උපකරණ - Office Equipment
කැන්ටින්, ක්‍රීඩා හා සමාජ - Canteen” Sports and Social


නිෂ්පාදන පාලනයෙන් තහවුරු කරනුයේ ඉංජිනේරු හා සැලසුම් කරන ලද අදියරයක් හා ඉලක්ක ලබා ගන්නේද යන්න විමසීමයි. නිෂ්පාදන පාලනය යටතේ කේෂ්ත්‍ර ගණනාවක් ගැභුරින් සලකා බලයි. එනම්,


1. ගුණත්ව පාලනය Quality Control
2. තොග පාලනය Stock Control
3. පිරිවැය පාලනය Cost Control
4. යාන්ත්‍රික පාලනය Machine Control
5. ක්‍රියාකාරිත්ව පාලනය Progress Control

(c) Shilpa Sayura Foundation 2006-2017