නිෂ්පාදනය හැදින්වීම
 

නිෂ්පාදනය ප්‍රධාන ව්‍යාපාර ශ්‍රිතයකි. එය නිෂ්පාදන කළමනාකරණය (Production Management) හෙවත් මෙහෙයුම් කළමනාකරණය (Operation Management) ලෙස හැදින්වේ. පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන භාණ්ඩ හා සේවා නිපදවීම, නිෂ්පාදනයේ අවසාන ප්‍රතිඵලයයි. නව උපයෝගිතාවක් ජනිත කිරීමක් හෝ එකතු කළ අගය වර්ධනය කිරිමක් නිෂ්පාදනයේදි සිදුවේ. යෙදවුම්, නිමවුම් බවට පරිවර්තනය කිරිමේ ක්‍රියාවලියක් ලෙසටද නිෂ්පාදනය හැදින්විය හැකිය. නිෂ්පාදනය ප්‍රාථමික - ද්විතීයික හා තෘතියික වහයෙන්ද, සුළු හා මහා පරිමාණ වශයෙන්ද, කෘෂිකාර්මික, කාර්මික හා සේවා වශයෙන්ද වර්ග කළ හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017