පාලන ක්‍රියාවලිය සදහා විවිධ වර්ග යොදාගනි. පොදුවේ භාවිතා කරන වර්ග කිහිපයක් පහත දැක්වේ.
- මෙහෙයුම් පාලනය - Operational Control
- ව්‍යුහමය පාලනය - Structural Control
- උපක්‍රමික පාලනය - Strategic Control
මෙහෙයුම් පාලනය -මෙහෙයුම් පාලනයේ මුලික ක්‍රම තුනක් දැකිය හැකිය.
- අ). ඉදිරියට පෝෂණය කල පාලනය -Feed – Forward Control
- ආ). ප්‍රතිපෝෂණ පාලනය -Feed – Back Control
- ඇ). විද්‍යාමාන / වර්තමාන පාලනය -Concurrent Control
අ). ඉදිරියට පෝෂණය කළ පාලනයේදී සිදුවන්නේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් සිදුවන විචලනයන් නිරීක්ෂණය කරමින් ඒවා ව්‍යාප්ත වීම වැලැක්වීමට ක්‍රියාකිරිමයි. මෙමක්‍රමය ප්‍රාථමික පාලනය [Preliminary Control] ලෙසද හදුන්වයි. සේවකයින් තෝරා ගැනීම, බදවා ගැනීම, පුහුණු කිරිම වැනි උපක්‍රම මෙහිදි භාවිතා කරයි.
ආ). ප්‍රතිපෝෂණ පාලනයේදී සිදුවනුයේ ආයතනයේ නිමවුම හා ප්‍රතිඵල නිරික්ෂණයයි. මේ සදහාභාවිතා කරන උපක්‍රම කිහිපයක් වේ. එනම්,
1. ප්‍රමිති පිරිවැය ගිණුම්කරණය හා මුල්‍ය ප්‍රකාශන - Standard Cost Accounting System and Financial Statements
2.ගුණාත්මක පාලනය - Quality Control System
3. සේවක කාර්යසාධන ඇගයීම - Employee Performance Evaluation
ඇ). විද්‍යාමාන පාලනය වෙනත් නම්වලින්ද හදුන්වයි. එනම්, Screening Control, Yes – No Control
මෙම පාලනයේදී විමර්ශනය කෙරෙනුයේ ආයතනයේ පරමාර්ථ සමග ක්‍රියාකාරිත්වය එකම මට්ටමක පවතින්නේද යන්නයි. යෙදවුම් නිමවුම් බවට පරිවර්ථනය කිරිමේ ක්‍රියාවලිය කෙරෙහි මෙහිදි අවධානය යොමු කෙරේ. සිය සහකරුවන්ගේ කටයුතු සුපරීක්ෂණයේදි කළමනාකරුවන්ට ඒවායේ පවත්නා යථාතත්වය පැහැදිලි කල හැකිය. එම කටයුතු පරමාර්ථ ලගා කර ගැනීමට ඉවහල් වන්නේද ? නැද්ද ? යන්න ඉස්මතු කර පෙන්විය හැකිය. (Screening), (Yes or No) වශයෙන් දැක්විය හැකිය.
ව්‍යුහමය පාලනය Structural Control
සංවිධාන ව්‍යුහයේ මුලිකාංග නිශ්චිත ඉලක්කවලට දායක වන්නේ කෙසේද යන්න පිළිබද කෙරෙන පාලනය මෙයයි. ආයතනයේ විධිමත් ව්‍යුහමය යාන්ත්‍රණයේ සමස්ථ ක්‍රියාකාරිත්වය පාලනයට මෙම ක්‍රමය යොදා ගනි.
උපක්‍රමික පාලනය Strategic Control
සංවිධාන පරිසරයේ පවත්නා සත්‍ය තත්ත්වයන් තේරුම් ගැනිමටත්, ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් යොදා ගනු ලබන පාලන ක්‍රමය මෙයයි. ඉතා වේගයෙන් වෙනස් වන ව්‍යාපාර පරිසරය තුල කළමනාකරුවන්ට සඵලදායී ලෙසින් කටයුතු කිරිමට උපක්‍රමික පාලනය වැදගත් වේ.