ඉහත සටහනින් දැක්වෙන ආකාරයට පාලන ක්‍රියාවලිය ප්‍රධාන පියවර 4 කින් යුක්තය.
- කාර්ය සාධනය මැනීමට අවශ්‍ය ක්‍රම සහ ප්‍රමිති සකස් කර ගැනීම.
- සත්‍ය කාර්ය සාධනය මැන බැලීම
- ප්‍රමිති සමග සත්‍ය කාර්ය සාධනය සැසදීම
- ඇගයිම හා විචලනය වේ නම් ඒවා නිවැරදි කිරිමට ක්‍රියාකිරිම
ප්‍රථම පියවර කාර්යසාධන ප්‍රමිති ස්ථාපනයයි. අනාගත දිනයන්හිදි සත්‍ය වශයෙන් ඇතිවන ප්‍රතිළුල සැසදිම සදහා පිළියෙල කරනු ලබන ඉලක්ක [Target] කාර්ය සාධන ප්‍රමිති ලෙසින් හැදින්වේ. එවැනි ප්‍රමිති නොමැතිව ආයතනයේ ක්‍රියකාරිත්වයේ සඵලදායකත්වය නිශ්චය කළ නොහැක. ප්‍රමිති සංවිධානයේ ඉලක්කවලට සමීප සම්බන්ධතාවයකින් යුක්ත විය යුතුය. එසේම පැහැදිලි විය යුතුය. පහසුවෙන් මැනිය හැකි විය යුතුය. ව්‍යාපාර පරිසරයට අනුව තාත්වික විය යුතුය.
දෙවැනි පියවර කාර්ය සාධනය මැනිමයි. එමගින් නිශ්චිත කාර්යයන් පාලනය කිරිමට කළමනාකාරිත්වයට හැකිවේ. මෙය අඛණ්ඩව සිදුවන ක්‍රියාවකි.
තෙවැනි පියවර වනුයේ සත්‍ය වශයෙන් සිදුවන කාර්යසාධනය, ප්‍රමිති සමග සැසදිමයි. එය ප්‍රමිතියට සමාන නම් තවදුරටත් ඉදිරියට යාම අවශ්‍ය නොවේ. පාලන ක්‍රියාවලිය සම්පුර්ණවේ. ප්‍රමිතියට අනුකුල නොවේ නම් ඉදිරියට යා යුතුය. එනම් Targets ඉටු නොවිමට හේතු (විචලනයක් වීමට හේතු) සොය බැලිය යුතුය.
සතරවන පියවරේදි සිදුවන්නේ විචලනයක් ඇතිවිමට බලපෑ හේතු නිවැරදි කිරිමයි. මෙහිදි යම් යම් තිරණ ගත යුතුය. ප්‍රථමයෙන්ම විමසිල්ලට ලක් කළ යුතු වන්නේ පුර්ව - නිශ්චිත සැලසුම් ක්‍රියාත්මක වුවාද ? නැද්ද ? යන්නයි. එමගින් විචලනයන්ට හේතු පැහැදිලි කරගත හැකිවේ. මිට පිළියම් වශයෙන් සමහර විට සැලසුම්වල වෙනස්කම් ඇතිකිරිම, ප්‍රමිති වෙනස් කිරිම කළ යුතුය.
