සංවිධායක කාර්යක්ෂමතාව නිගමනය සදහා වැදගත්වන සාධකයකි සේවක අභිප්‍රේරණය. සෑම මට්ටමක කළමනාකරුගේ වගකීම විය යුත්තේ සිය සහකරුවන් යෝග්‍ය චර්යාත්මක ආකාරයකින් අභිප්‍රේරණය කිරිමයි. බොහෝමයක් සංවිධාන සඵලදායක නොවි ඇත්තේ එහි කාර්යයන්හි නියැලි පුද්ගලයින් හොදින් අභිප්‍රේරණය නොකිරිමයි.
සේවක අභිප්‍රේරණයේ අභියෝගාත්මක කරුණ වන්නේ, සේවකයන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කරමින්, ආයතනයේ ඉලක්ක ලගාකර ගැනිමට ඔවුන් පෙළඹවිය යුත්තේ කෙසේද යන්නයි. මෙය මුලික කළමනාකරණ කාර්යයක් වේ. යම් ආයතනයක සේවා දායකයන්ගෙන් උපරිම දායකත්වයක් ඔවුන්ගේ කැමැත්තෙන් හා තෘප්තියෙන් යුතුව ඉටුකර ගැනීම සදහා පෙළඹවීම අභිප්‍රේරණය ලෙස හැදින්විය හැකිය. William Scott ට අනුව අභිප්‍රේරණය යනු:නිශ්චිත ඉලක්ක ලගාකර ගැනිම සදහා සේවකයින් උද්දීපනය කිරිමේ ක්‍රියාවලියකි.
මෙම නිර්වචනය අනුව :
අභිප්‍රේරණය සේවකයාගේ අභ්‍යන්තරික හැගීමකි.
පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන්ම පැන නගින මනෝ විද්‍යාත්මක සංකල්පයකි.
සේවක අවශ්‍යතා තෘප්තිමත්වීම සමග එහි සහ සම්බන්ධතාවයක් පවති.
සේවක අභිප්‍රේරණය පිළිබද ප්‍රකාශිත විවිධ න්‍යායන් වේ. එහෙත් උසස් පෙළ මට්ටමේදි එවැනි න්‍යායන් අධ්‍යනය කිරිම අවශ්‍ය නැත.