සංවිධානයක විවිධ කාර්යයන් ඉටුකිරිම හා තීරණ ගැනීම සදහා සන්නිවේදනය අවශය වේ. එය සංකීරණ වු ක්‍රියාවලියකි. පර්යේෂණවලින් තහවුරු වි ඇති පරිදි ආයතනයක කළමනාකරුවන්ගේ එදිනෙදා කටයුතුවලින් 78% ක් පමණ සන්නිවේදනය හා බැදේ. එයින් 90%ක්ම වාචික සන්නිවේදනය හා බැදේ.
කළමනාකරණයේ සන්නිවේදනය විවිධ මට්ටම්වලින් හා විවිධ ප්‍රමාණයන්ගෙන් සිදුවේ. මුහුණට මුහුණලා වාචිකව කරන සංනිවේදනයේ සිට විද්්‍යුත් සම්මන්ත්‍රණ (E – CONFERECE) දක්වා සන්නිවේදනය පැතිරි ඇත. සිනහාව, අංග චලනය වැනි සරල අවස්ථාවේ සිට සංකීර්ණ වාර්තා හා ප්‍රකාශන දක්වා සංනිවේදනය විහිදි යයි.
යෝග්‍ය මාර්ගයක් / පථයක් {CHANNEL} මගින් එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට තොරතුරු සංක්‍රමනය (Transmitting) කිරිමේ අන්තර් ක්‍රියාවලියකි සන්නිවේදනය. [INTERACTIVE PROCESS] එක් පාර්ශවයකින් පණිවුඩය යවනු ලබන අතර අනෙක් පාර්ශවය එය තේරුම් ගෙන ප්‍රතිචාර දැක්විමක් මෙහිදි සිදුවේ. සන්නිවේදන ක්‍රියාවලිය උපාංග රාශියකින් සමන්විත වේ.
සන්නිවේදන ක්‍රියාවලිය Communication Process
ඉහත ක්‍රියාවලිය අනුව සන්නිවේදනයේ මූලිකාංග පහත දැක්වේ.
1. යවන්නා (Sender)
2. ආකේතනය (Encoding)
(පණිවුඩය මාධ්‍යයට ඇතුල් කිරිම)
3. පණිවුඩය (Message)
4. මාධ්‍ය / පථය (Media / Channel)
5. බාධා (Noise)
(පණිවුඩ මාධ්‍ය හරහා සංක්‍රමණය වීමේදී පැනනගින තාක්ෂණික බාධා)
6. විකේතනය
(පණිවුඩය මාධ්‍ය හරහා ලැබිම)
8. ප්‍රතිචාර (Response)
(ලබන්නා දක්වන ප්‍රතිචාරය)
9. ප්‍රතිපෝෂණය (Feedback)
(ලබන්නගෙන් යවන්නා වෙත ලැබෙන පිළිතුර)
සන්නිවේදන ව්‍යුහය පහත සදහන් වන සේ කොටස් දෙකකට බෙදිය හැකිය.
- විධිමත් සන්නිවේදනය [Formal Com.]
- අවිධිමත් සන්නිවේදනය [Informal Com.]
සංවිධාන සටහන මගින් විධිමත් සන්නිවේන ව්‍යුහය පැහැදිලිව විද්‍යාමාන වේ. එවැනි සන්නිවේදන රූප සටහනින් :
පහලට ගලායන සන්නිවේදන පථ
ඉහලට ගලායන සන්නිවේදන පථ
තිරස් අතට ගලායන සන්නිවේදන පථ දැකිය හැකිය.
අග්‍ර කළමනාකරු
HORIZONTAL COM: # $ ' DOWNWARD COM:
(
සාමාන මට්ටමේ කළමනාකරු " මධ්‍ය " සාමාන මට්ටමේ කළමනාකරු
! කළමනාකරු !
& # $
UPWARD COM: සහයක
එහෙත් අවිධිමත් සන්නිවේදන ක්‍රම මෙසේ විද්‍යාමාන නොවේ.සංවිධාන ව්‍යුහයේ ප්‍රකාශිත නොවේ. නිර්නාමික ලිපි - නිර්නාමික දුරකථන පණිවුඩ - කටකථා - අවිධිමත් රැස්වීම් හා සාකච්ඡා අවිධිමත් සන්නිවේදනය සදහා උදාහරණය. අවිධිමත් සන්නිවේදන ක්‍රම විධිමත් ක්‍රමවලට වඩා වේගවත් බව පෙනි ගොස් ඇත. ආයතනයේ යම් යම් පුද්ගලයන්ගේ සාමාජමය අවශ්‍යතා එමගින් තෘප්තිමත් වන බවද කිව හැකිය. මෙහි අවාසිය වන්නේ අසත්‍ය තොරතුරු සන්නිවේදනය වීමට අවකාශ තිබිමයි.