කවර වර්ගයක සංවිධානයක වුවද එහි සාර්ධකත්වය හා ගුණාත්මකතාවය සදහා නායකත්වයේ ගුණත්ව QUALITY OF LEADERSHIP සෘජුවම බලපායි. සාර්ථක නායකයා ව්‍යාපාර පරිසරයේ වෙනස්වීම් හදුනා ගනි. වෙනස්වීම් නිසා ඇති වන අවස්ථා වලින් ප්‍රයෝජන ගනි. සිය සහකරුවන් අභිප්‍රේරණය කරයි. දුර්වල කාර්ය සාධන නිවැරදි කරයි. ඵලදායකත්වය නංවාලීමට ක්‍රියාකරයි. අවසාන වශයෙන් ආයතනයේ ඉලක්ක හා පරමාර්ථ දෙසට සංවිධානය මෙහෙයවයි.
නායකත්වය, නායකයාගේ චර්යාත්මක කාර්යයකි. හොද නායකයෙක් නොමැතිව ආයතනයක් කාර්යක්ෂම හා සඵලදායක ලෙස ක්‍රියාත්මක නොවේ. සංවිධානයේ පරමාර්ථ ලගාකර ගැනීම සදහා එහි සමාජිකයන්ගේ කටයුතු මෙහෙයවීමට දක්ෂ නායකයෙකු සිටිය යුතුය. සංවිධානයේ සෑම සියලු දෙනාගේම ප්‍රයත්නයන් ක් ඉලක්කයක් කරා සාමුහිකව මෙහෙය වන්නේ නැතිව තනි තනි වශයෙන් කටයුතු කර පරමාර්ථ ලගාකර ගත නොහැකිය.
නායකත්වය පිළිබදව ප්‍රචලිත නිර්වචන කිහිපයක් පහත දැක්වේ.
“සංවිධානයක පරමාර්ථ ඉටුකර ගැනිම පිණිස පුද්ගලයන්ගේ හෝ කණ්ඩායමක චර්යාව කෙරේ බලපෑම් ඇති කිරිමේ හැකියාව නායකත්වයයි.”
Albert and Khedoom
“කණ්ඩායම් සාමාජිකයන්ගේ රැකියාවලට සම්බන්ධ කටයුතුවලට මගපෙන්වීමේ හා බලපෑම් කිරිමේ ක්‍රියාවලිය නායකත්වයයි.”
Stoner and Freeman
මෙම නිර්වචනවලින් ගම්‍ය වන්නේ නායකත්වය සහකරුවන් හෝ අනුගාමිකයන් හා සම්බන්ධ වු කාර්යයක් බවයි. එසේම මගපෙන්වීමට, මෙහෙයවීමට, බලපෑම් කිරිමට නායකයාට බලතල තිබිය යුතුයි. එහෙත් නායකත්වය යනු සහකරුවන්ට බලපෑම් කිරිමක් නොවේ. සිය කැමැත්තෙන් කාර්යය ඉටුකිරිමට සහකරුවන් පෙළඹවීමේ ශෛලියකි නායකත්වය. මෙහිදි උපදේශනය, මගපෙන්වීම, ආදර්ශමත්වීම වැනි ක්‍රම නායකයා උපයෝගි කර ගනි. දක්ෂ නායකයා කාර්යයන් ඉටුකර ගැනීමට සහායකයින් පසුපස යා යුතු නොවේ. නායකයා නොමැති තැන වුවද සහායකයින් හොදින් හා උනන්දුවෙන් කටයුතු කිරිමේ තත්ත්වයක් නායකයා විසින් ගොඩනගා ගත යුතුයි.
සංවිධානයකට නායකත්වය අවශ්‍යවිමට ප්‍රදාන හේතු කිහිපයක් වේ.
- සංවිධානයේ “දැක්ම හා නිෂ්ඨාව” කරා යාමට සැමගේ දායකත්වය ලබා ගැනීමට
- ඉහල කාර්ය සාධනය සදහා සේවකයන්ගේ අභිප්‍රේරණයට
- විවිධ ඒකක අතර සිටින සේවකයින්ගේ විවිධ කටයුතු සමායෝජකයන්ට හා මගපෙන්වීමට
- සංවිධානයේ විවිධ උප ඒකක සමග සන්නිවේදනය පවත්වා ගැනීමට
- ප්‍රමිති අනුව සංවිධානයේ කටයුතු පාලනයට
- සහකරුවන්ගේ ආත්ම විස්වාසය හා මානසික ශක්තිය තහවුරු කිරිමට
නායකත්වය හා නායකත්ව ශෛලීන් පිළිබද විවිධ න්‍යායක් දක්නට ලැබේ. (Leadership Theories) සාර්ථක නායකයකු තුල තිබිය යුතු පෞද්ගලික ගුණාංග මෙම න්‍යායන්හි සදහන් වේ.
නායකත්ව ගුණාංග Personal Characteristics of Successful Leader
- ශාරීරික සාධක
(නිරෝගී බව, පෞරුෂත්ව පෙනුම, කායික හා මානසික ශක්තිය,උස, බර යනාදි අංග ලක්ෂණ)
- බුද්ධිමත් බව
- ආත්ම විශ්වාසය
- සාමාජශිලි බව
- අධිෂ්ඨානය (will power)
- බලපෑම් කිරිමේ හැකියාව (Dominance)
- ඉදිරිපත්වීමේ ශක්තිය (Urgency)
- බාෂාව හැසිරවීමේ හැකියාව - කථාව
- ප්‍රියජනක බව
- අවධානයෙන් සිටිම (සීරුවෙන් සිටීම)
- කැපවී උනන්දුවෙන් කටයුතු කිරිම
- යමක් පැහැදිලි කිරිමේ හැකියාව
නායකත්ව ශෛලීන් Leadership Style
නායකයා කටයුතු කරන ආකාරයන් අනුව විවිධ ශෛලීන් නම් කර ඇත.
- ඒකාධිපති නායකයා Autocratic Leader
- ප්‍රජාතන්ත්‍රවාදී නායකයා Democratic Leader
- නිර්වාධවාදී නායකයා Lazes – faire Leader
මීට අමතරව චර්යාත්මක රටාව අනුව නායකත්ව ශෛලීන් දෙකක් සදහන් කෙරේ.
- කාර්ය අබිමුඛ නායකත්ව ශෛලීය Task – Oriented Style මොවුන් සේවකයන්ගෙන් කාර්ය ඉටු කර ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කරන්නෝය.
- සේවක අභිමුඛ නායකත්ව ශෛලීය Employee – Oriented Style
මොවුන් සේවකයන්ට වැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කරන්නෝය.
නායකයා හා කළමනාකරු අතර දැකිය හැකි වෙනස්කම්
නායකයා | කළමනාකරු |
| සහකරුවන්ය ගතානුගතිකව මුහුණ දේ. |