බලතල යන පදය හෝ අධිකාරය යන පදය Authority සදහා යොදාගනි. නියම කරන ලද කාර්යයන් සම්පුර්ණ කිරිම සදහා සහකරුවන්ට විධිමත් අධිකාරය සහ වගකීම (Responsibility) පවරාදීමේ ක්‍රියාව බලතල පැවරීම ලෙස හැදින්විය හැකිය. මෙයින් පැහැදිලි වන්නේ ඉහල කළමනාකරු විසින් ඔහු යටතේ සිටින පහල මට්ටමේ කළමනාකරුවෙකුට නැතහොත් සහකරුවන්ට (Subordinate) පවරන ලද කටයුතු ඉටුකිරිමට අවශ්‍ය කෙරෙන බලය ලබා දීමයි. කාර්ය ඉටුකිරිමේ වගකීම සහකරුවන්ට පැවරීමත් සමග ඊට අදාල බලතලද පැවරිය යුතුයි. බලතල හා වගකීම් අතිනත යා යුතු සංකල්ප දෙකකි.
බලතල පැවරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් 3ක් දැකිය හැකිය.
1. සහකරුවන්ට කාර්ය පැවරිම / වගකිම් පැවරීම -(Assigning Duties to Subordinates)
2. සහකරුවන්ට අධිකාරය ප්‍රතිපාදනය -(Granting them Authority)
3. සහකරුවන්ට පවරන ලද කාර්යයන් සතුටුදායක ලෙස ඉටුකිරිමට බැදිමක් නිරිමාණය විම -(Create an Obligation for the Satisfactory Performance of the Job)
මේ අනුව බලතල (Authority)
පහල සහකරුවන්ට පවරන විට
$
බැදීමක් නිර්මාණය වේ
$
වගවීමක් ඇතිවේ
$
සහකර්වන්ගේ වගකිම කාර්ය කිරිමයි
$
ප්‍රධානියාගේ වගකීම කාර්ය නීරික්ෂණයයි
වගවීම යන සංකල්පය බැදියාව යන සංකල්පයට වඩා පුළුල්ය. සිය කාර්ය නිසි පරිදි ඉටු කිරිමට ඇති බැදියාවට අමතරව ආයතනය රැක ගැනීම පිළිබදවද සෑම සේවකයෙකු තුළ වගවීමක් තිබිය යුතුය.
WORK
ATHORITY
RESPONSIBILITY
කාර්යට අධිකාරය සමාන විය යුතුය.අධිකාරයට වගකීම සමාන විය යුතුය.
සහකරුවන්ට බලතල හා වගකීම් පැවරීම තුලින් ඉහල කළමනාකරුවන්ෙග් කාර්යයන් සරල ෙව්. එසේ නොවේ නම් ඔවුනට අධික්ෂණ හා මෙහෙයවීම් කටයුතු සදහා වැඩි කාලයක් හා පරිශ්‍රමයක් ගත යුතුය. එසේම බලතල පැවරීම නිසා තීරණ ගැනීම් කඩිනමින් හා පහසුවෙන් කළ හැකිය. පහල මට්ටම්වල කළමනාකරුවන්ට එමගින් පුහුණුව හා සංවර්ධනය ලබා දිය හැකිය. කෙසේ වෙතත් බලතල පැවරීම ඒ ඒ ව්‍යාපාර ආයතනයේ ස්වභාවය, ව්‍යාපාර හිමිකරුවන්ගේ දර්ශනය, ඉහල කළමනාකරුවන්ගේ කැමැත්ත යනාදී සාධක මත රැදේ.
බලතල පැවරීම යන සංකල්පය සමග සාකච්ඡා කෙරෙන සංකල්ප කිහිපයක්ද පහත දැක්වේ.
මධ්‍යගතකරණය හා විමධ්‍යගතකරණය(Centralization and Decentralization)
තීරණ ගැනීම පිළිබද සියළු බලතල ඉහල කළමනාකරුවන් සතු නම් එය මධ්‍යගතකරණය ලෙසත්, තීරණ ගැනීමේ බලතල ඉහල සිට පහල කළමනාකරණ මට්ටම්වලට ගලා යන්නේ නම් එය විමධ්‍යගතකරණය ලෙසත් හදුන්වයි.
11.නියෝගදීමේ දාමය / ධුරාවලිය (Chain of Command / Hierarchy
ඉහළ කළමනාකරණයේ සිට පහළම සේවකයා දක්වා අධිකාරය අකණ්ඩව ගලා යාම නියෝගදීමේ / අණකිරිමේ දාමය ලෙස හදුන්වයි. මෙම සංකල්පය අණකිරිමේ ඒකීයතාවය (UNITY OF COMMAND) ලෙසින්ද හැදින්වේ. ඉහල සිට පහල මට්ටම්වලට නියෝග ගලා යාමත්, ඒවාට අවනතව ක්‍රියාකිරිමත් මෙම සංකල්පයෙන් තහවුරු කෙරේ. රේඛිය සංවිධාන සටහනකින් මෙම අඛණ්ඩතාවය පැහැදිලි කළ හැකිය.
111.පාලන අවකාශය (Span of Control)
කළමනාකරණ අවකාශය (Span of Management) ලෙසින්ද හදුන්වයි.දෙන ලද කළමනාකරුවෙකුට සෘජුවම වාර්තා කරනු ලබන සහායකයින්ගේ සංඛ්‍යාව පාලන අවකාශය වේ. පාලන අවකාශය ආයතනයේ කාර්යයක්ෂමතාව කෙරේ බලපෑමක් ඇති කරන නිසා වඩා යෝග්‍ය පාලන අවකාශයක් තෝරා ගැනීම වැදගත්ය. ඕනෑවට වඩා පලල් පාලන අවකාශය (Wide Span of Control) මෙන්ම පටු පාලන අවකාශය (Narrow Span) අහිතකරය. එබැවින් ප්‍රශස්ත අවකාශයක් රදවා ගැනීම යෝග්‍යය. මෙය බොහෝ දුරට තීරණය වන්නේ සංවිධාන ව්‍යුහය අනුවයි.
සමතල (Flat) සංවිධාන ව්‍යුහයක් පවතින්නේ නම් පාලන අවකාහය පලල් වේ.
- සංවිධානයේ ස්වභාවය
- කාර්යයන්හි ස්වභාවය
- බලතල පැවරීමේ ප්‍රමාණය
යනාදි කරුණුද පළල් හෝ පටු අවකාශ තීරණයට බලපායි.
පළල් පාලන අවකාශයේ වාසි හා අවාසි
වාසි | අවාසි |
|
|
පටු පාලන අවකාශයේ වාසි හා අවාසි
වාසි | අවාසි |
|
|
Iv.බලය හා අධිකාරය (Power and Authority)
බලය අධිකාරයට වඩා පුළුල්ය.අධිකාරය සීමිතය. අධිකාරය ව්‍යවස්ථාවෙන් ලැබෙන විධිමත් බලයකි. බලය ලැබෙන එක් ක්‍රමයකි අධිකාරය. ඊට අමතරව බලය වෙනත් මාර්ගවලින් ලැබේ.
- පෞරුෂත්වය බලය (Personality Power)
- විශේෂඥ බලය (Expert Power)
- තොරතුරු බලය (Information Power)
- දඩුවම් දීමේ බලය (Coercive Power)
- ත්‍යාග දීමේ බලය (Reward Power)
- බලපෑම් කිරිමේ බලය (Referent Power)
- අනුහස් බලය (Charismatic Power)
V. සංවිධාන ව්‍යුහය (Organization Structure)
ආයතනයක කටයුතු බෙදී ඇති ආකාරය සංවිධානය වී ඇති ආකාරය හා සමායෝජනය වී ඇති ආකාරය පෙන්නුම් කරන සැකිල්ල සංවිධාන ව්‍යුහයයි.
සංවිධාන ව්‍යුහයක පහත දැක්වෙන මූලිකාංග ඇතුලත්ව ඇත.
දේපාර්තුමේන්තු
ධුරාවලිය
අණකිරීමේ ඒකීයතාවය / දාමය
පාලන අවකාශය
රැකියා විශේෂිකරණය
මධ්‍යගත හො විමධ්‍යගතවීම
නීතිරීති හා ක්‍රියා පටිපාටි
සමායෝජනය
සංවිධාන ව්‍යුහයක් පහසුවෙන් දැක්විය හැක්කේ සංවිධාන සටහනක් මගිනි. (ORGANIZATIONAL CHART) සංවිධානයේ ශ්‍රිතයන්, දේපාර්තුමේන්තු, තනතුරු බෙදි ඇති ආකාරය සම්බන්ධ වී ඇති ආකාරය, එවැනි රූප සටහනකින් පෙන්නුම් කරයි.
- සිරස් ආකාරයට = VERTICAL
- තිරස් ආකාරයට = HORIZONTAL
- චක්‍රිය ආකාරයට = CIRCULAR
ඉදිරිපත් කළ හැකිය.