එක් සේවකයෙකුට පහසුවෙන් ඉටුකළ හැකිවන ආකාරයට සමස්ත කාර්යයන් කුඩා හා සරල කොටස්වලට වෙන් කිරිම වැඩ බෙදිම ලෙස හැදින්වේ. එසේ බෙදීම තුලින් කාර්ය විශේෂිකරණයක් ඇති වේ. (WORK /JOB SPECIALIZATION) කාර්ය හෝ රැකියා විශේෂිකරණය නිසා එක් සේවකයෙකුට එකම ආකාරයේ කාර්යයක් නිරන්තරව දිගටම කිරිම සිදුවීම තුලින් විශේෂඥතාවක් ඇතිවේ. රැකියා විශේෂිකරණයේ වාසි මෙන්ම අවාසිද පැනනගි.
වාසි
- කාර්යය ඉගෙනිමට ගතවන කාලය අඩුවේ.
- පුහුණුව සදහා පිරිවැය අඩුවේ.
- සේවකයෙකු වෙනුවට වෙනත් සේවකයෙකු බදවා ගැනිම පහසුය.
- නිමැවුමේ ගුණාත්මකභාවය ඉහල යයි.
- නිමවුම වැඩිවේ.
- අපතේ යාම අවම වේ.
- යන්ත්‍ර උපකරණ ප්‍රවේශම්කාරීව භාවිතා කෙරේ.
- ඵලදායකත්වය වැඩිවේ.
අවාසි
- ඒකාකාරීබව නිසා රැකියාව නීරස වේ.(Job Boredom)
- මහන්සිය වැඩිවේ.(Fatigue)
- සේවකයන් අතර පවත්නා සම්බන්ධතා පහලය.(Interpersonal Relations)
- රැකියා අතෘප්තිය / කළකිරිම.(Frustration)