සැලසුම්කරණය හා සැලසුම
 

සැලසුම්කරණය අනාගතයේදී ව්‍යාපාර පරිසරයේ වෙනස්වීම් නිසා පැන නගින ගැටළු විසදිමේ ක්‍රියාවලියකි. අනගතය සම්බන්ධයෙන් ගනු ලබන වර්තමාන තීරණ ගැනීමක් ලෙසද සැලසුම්කරණය හැදින්විය හැකිය. සැලසුම්කරණය කළමනාකරණයේ මුලිකම කාර්යය වන අතර එහි ලා සියළුම මට්ටම්වල කළමනාකරුවන් දායකවේ.

සැලසුම්කරණයේ ප්‍රතිඵලය සැලසුමයි. එය ලිඛිතව සකස් කරනු ලබන ක්‍රියාකාරම් සමුහයකි. අනාගතයේදී ළගා කර ගැනිමට අපේක්ෂා කරන්නේ කුමක්ද ? ළගා කර ගන්නේ කෙසේද ? කවදාද ? කවුරුන් විසින්ද ? යන ප්‍රශ්නවලට විසදුම්වලට ඇතුලත් ක්‍රියාමාර්ග සැලසුමින් පෙන්නුම් කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017