සැලසුම් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව එහි සාර්ථකත්වය වරින් වර පරික්ෂාවට භාජනය කලයුතුය. සැලසුමට අනුව කාර්යසාධනය සිදුවන්නේදැයි පරික්ෂා කළ යුතුය. අපේක්ෂිත ප්‍රතිඵල ලගා වන්නේදැයි මැන බැලිය යුතුය. එසේ නොවන්නේ නම් සැලසුම් ක්‍රියාවලියේ වෙනස්කම් කළයුතු වේ.
සමස්ථයක් වශයෙන්, සංවිධානයක ඉලක්ක නිගමනය සහ එම ඉලක්ක සපුරා ගැනීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග තීරණය හා ඒවා ක්‍රියාවට නැංවීම සැලසුම්කරණ ක්‍රියාවලියට ඇතුලත් වන බ ඉහත විස්තර කරන ලද සැලසුම්කරණයේ පියවර අනුව පැහැදිලි වේ. කුමක්, කෙසේ, කවදා කරන්නේද ? (What to do, How to do, When to do) කවර සම්පත් ඒ සදහා අවශ්‍ය වන්නේද ? යන ගැටළු නිරාකරණයට සැලසුම්කරණය අවශ්‍ය වේ. කළමනාකාරිත්වයේ සෙසු කාර්යයන්ගේ ආරම්භයද ඇති වන්නේ සැලසුම්කරණයෙනි. ඕනෑම සංවිධානයකට සැලසුම්කරණ වැදගත්ය. පහත දැක්වෙන හේතු මත එහි වැදගත්කම වඩාත් ඉස්මතුවේ.
- සංවිධාන ක්‍රියාත්මක වන්නේ නිරන්තර වෙනස්වන පරිසරයකයි. එබැවින් අනාගත අවිනිෂ්චිතතාවයක් දක්නට ඇත. මෙම වෙනස්කම් හා අවිනිෂ්චිතතා කල්තබා වටහාගෙන ඊට යෝග්‍ය වන ලෙස කටයුතු කිරිමට සැලසුම්කරණය වැදගත්වේ.
- තරගකාරිත්වය තුල හිග සම්පත් වඩාත් ඵලදායී ලෙස උපයෝගී කර ගැනීමට සැලසුම්කරණය වැදගත් වේ.
- සැලසුම්කරණය,පාලනයට (Control) පහසුකම් සලසයි.සංවිධානයේ ඉලක්ක සපුරා ගන්නේද ? නොඑසේ නම් එහිලා කුමක් කල යුතුද ? යන්න නිරාකරණයට සැලසුම්කරණය මහෝපකාරීවේ.
නිරන්තර වෙනස්වීම්වලට භාජනය වන පරිසරයක් තුල කටයුතු කරන කළමනාකරුවන්ට එම වෙනස්වීම්වලට ගැලපෙන ආකාරයට ක්‍රියා කිරිමට තිබෙන වැදගත්ම ශිල්ප ක්‍රමය සැලසුම්කරණයයි. සැලසුම්කරණයෙන් විසදුම් සෙවිමට බොහෝ විට උත්සාහ කරන්නේ වර්තමන ගැටළුවලට වඩා දිගුකාලීන අවශ්‍යතාවයන්ය. ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් සැලසුම්කරණය පහත සදහන් ආකාරයෙන් නිරිවචනය කළ හැකිය.
“කිසියම් ආයතනයක් විසින් අනාගතයේදී ළගා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කිරිමත්, අපේක්ෂිත ප්‍රතිඵල ලගාකර ගැනිමට උත්සාහ කිරිමත් සැලසුම්කරණයයි.”
සැලසුම්කරණයේ ප්‍රයෝජන :
1. සැලසුම්කරණය මගින් කළමනාකරුවන්ට අනාගතය ගැන සීතිමට අවස්ථාව සලසයි.
2. සැලසුම්කරණය මගින් ළගා කර ගැනීමට අපේක්ෂ කරන අරමුණු පැහැදිලි කරයි.
3. සැලසුම්කරණය මගින් සෙසු කළමනාකරණ කාර්යයන් සදහා මගපෙන්වීමක් සහ සම්බන්ධීකරණයක් කරයි.
4. සැලසුම්කරණය මගින් වෙනස්වන පරිසරය තුල ආයතනයේ වර්ථනය සහ පැවැත්ම අඛණ්ඩව ගෙන යාමට අවකාශ සලසයි.
5. සැලසුම්කරණය මගින් වඩා සාර්ථක කළමනාකාරීත්ව පාලනයක් සදහා අවශ්‍ය කාර්ය ඵල ප්‍රමිතියන් ස්ථාපිත කිරිමට අවස්ථාව සලසයි.
කෙසේ වුවද සැලසුම් අසාර්ථක වන අවස්ථාද නැත්තේ නොවේ. එසේ අසාර්ථක වන්නේ සැලසුම්කරණයේ අඩුලුහුඩුතා නිසාම නොවේ. පහත දැක්වෙන්නේ සැලසුම් අසාර්ථක විමට බලපාන හේතු කිහිපයකි.
- නිවැරදි හ ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම.
- පසුගිය උපනතීන් හා පවත්නා දත්ත මත සැලසුම් සකස්කිරිම
- එකවරකටදැරැය නොහැකි උත්සාහයන්ට අවතීරණවීම
- සමස්ථ කළමනාකරණ පද්ධතියට සැලසුම් සමෝධානික නොවීම
- උනන්දුව හා කැපවිම ප්‍රමාණවත් නොවීම
- ආයතනයේ සෑම මට්ටමකම සේවකයින්ගේ සම්බන්ධය හා සහයෝගය නොලැබීම
- සැලසුම් ක්‍රියාත්මක කළවිට, එය බලාපොරොත්තු වු ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි යන විහ්වාසය