පරමාර්ථ සහ උපායමාර්ග හදුනා ගැනීම
 

පවත්නා ඉලක්ක හා නිෂ්ඨාවට අනුකූලව පරමාර්ථ හා උපායමාර්ග හදුනා ගැනීම මෙහිදි සිදු කෙරේ. එසේම ප්‍රතිපත්ති. ක්‍රියාමාර්ග, නීතිරීති හා වැඩසටහන්ද මෙහිදි තීරණය කෙරේ. ආයතනයේ ප්‍රධාන පරමාර්ථ ඉටුනොවන්නේ නම් සමහර අවස්ථාවන්හිදී ඉලක්ක ස්ථාපන ක්‍රියාවලිය වෙනස් කල යුතුවේ. නිෂ්ඨාවද වෙනස්කම් කළයුතු වේ.


පරමාර්ථ Objectives


සංවිධානයක අපේක්ෂිත ප්‍රතිඵල නිෂ්චිත සහ පැහැදිලි ආකාරයට ප්‍රකාශ කිරිමක් පරමාර්ථ මගින් සිදුවේ. කාලය සමග සම්බන්ධ ව ප්‍රමාණාත්මක මිනුම් ලෙස පරමාර්ථ එළි දැක්වේ.


උදා:- කිසියම් වර්ෂයක් තුල යෙදු ප්‍රාග්ධනය 20% ලාභයක් ලැබීම, පරමාර්ථ ආයතන‍යේ සම්පත්වලට අනුකූලව සාක්ෂාත් කර ගැනීමට හැකිවන ආකාරයෙන් ස්ථාපිත කිරිම වැදගත්වේ.


පරමාර්ථවල පහත ලක්ෂණ තිබිය යුතුය. :-


නිෂ්චිත බව - මැනිය හැකිවීම - ලගාකර ගත හැකිවීම - තාර්කිකවීම හා කාල නියමයක් තීබිම. මෙය Smart යන පදයෙන් ප්‍රකාශවේ.


S = Specific
M = Measurable
B = Achievable
R = Rational
T = Time Bound


ප්‍රතිපත්ති Policies


ස්ථාපිත කරගත් ඉලක්ක සහ පරමාර්ථ ලගා කරගැනීමේදී කටයුතු කළයුතු ආකාරය සදහා මග පෙන්වන දර්ශනය ප්‍රතිපත්ති ලෙස හැදින්විය හැකිය. ප්‍රතිපත්ති කළමනාකරුවන්ට සහ සේවකයන්ට මාර්ගෝපදේශකත්වයක් ලබාදේ.


උපායමාර්ග Strategy


පරමාර්ථ ලගාකර ගැනීමට කළ යුත්තේ කුමක්ද ? යන්න උපාය මාර්ගවලින් පෙන්නුම් කරයි. නිදසුනක් ලෙස ආයතනයක පරමාර්ථය 20% ලාභයක් ලැබීම යැයි සිතමු. එය ලගා කර ගැනීමේ උපාය මාර්ගය නිෂ්පාදිතය සංවර්ධනය කිරිම විය හැකිය.


ක්‍රියාමාර්ග Procedures


කිසියම් නිෂ්චිත කාර්යභාරයක් ඉටුකර ගැනීම සදහා අනුගමනය කිරිමට ස්ථාපිත කර ඇති පියවර සමුහයක් ක්‍රියාමාර්ග ලෙස හැදින්විය හැකිය. යම් කාර්යයක් කිරිමේදී අනුගමනය කළ යුතු පිළිවෙත ක්‍රියාමාර්ග‍ වේ.


නීතිරීති Rules


කාර්යයක් ඉටුකිරිමේදී කළයුතු සහ නොකළ යුතු දෙය නිෂ්චිතව විස්තර කරනුයේ නීතිරීති මගිනි. නීතිරීති මගින් කළමනාකරුවන්ට සහ සේවකයන්ට මාර්ගෝපදේශයක් ලබාදේ.


වැඩසටහන් Programs


කාර්ය පැවරුම් සහ එය ඉටු කිරිමට අවශ්‍ය වන සම්පත්වල එකතුව වැඩ සටහනක් ලෙස සරලව හැදින්විය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017