ඉලක්ක ස්ථාපිත කිරිම Goal Formulation
 

සංවිධානය දැක්ම (Vision), නිෂ්ඨාව (Mission) අවබෝධ කර ගැනීමත් ඒවා යථාර්තයක් බවට පත්කරලීමට අවශ්‍ය වන ඉලක්ක ස්ථාපනය කිරිමත් මෙහිදි සිදුවේ.


දැක්ම (දෘෂ්ඨිය) Vision


මෙය දිගුකාලීන දැක්ම ලෙස හදුන්වයි. අනාගතය අනාගතයේදී කවර තත්ත්වයකට පත්වන්නේද යන්න පිළිබදව දිගුකාලීන දැක්මකින් කටයුතු කිරිම වැදගත් වන බව නුතනයේ පිළිගෙන තිබේ . James M.Higging ඔහුගේ “කළමනාකරණය” යන ග්‍රන්ථයේ (1994) සදහන් කර ඇති පරිදි දෘෂ්ඨිය යනු,” සමස්ථ ආයතනය සදහා මග පෙන්වන, ආයතනයේ සමස්ථ කාර්යභාරය සම්පින්ඩනය කර ප්‍රකාශ කෙරෙන අදහසකි.” බොහෝ විට මෙම දෘෂ්ඨිය පිළිබද දැක්වෙන ප්‍රකාශය ආයතනයේ ප්‍රධානියා නැතහොත් අයිතිකරු විසින් ස්ථාපිත කෙරේ. ප්‍රසිද්ධ පරිඝණක සමාගමක් වන ඇපල් පරිඝණක සමාගමේ ප්‍රධානියා වන Steven Jobs විසින් එම සමාගම සදහා ප්‍රකාශිත දෘෂ්ඨිය මීට නිදසුනක් වශයෙන් දැක්විය හැකිය.


“To make b contribution to the world by making tools for the mind that advance mankind”


“මානසික සංවර්ධනය සදහා අවශ්‍ය වන උපකරන නිපදවමින් මිනිස් සංහතියේ වර්ධනය සදහා දායකවීම”


නිෂ්ඨාව Mission


සංවිධානයක් පවතින්නේ කිසියම් දෙයක් මුදුන් පමුණුවා ගැනීමටයි. මෙහිදි ප්‍රශ්න කිහිපයකට සංවිධානය මුහුණ දිය හැකිය.



  1. ව්‍යාපාරය කුමක්ද ?
  2. එහි ගණුදෙනුකරුවන් කවුද ?
  3. ව්‍යාපාරය කුමක් විය යුතුද ?

මේවාට පිළිතුරු සුපයීමේදී සංවිධානය විසින් පැහැදිලි නිෂ්ඨාවක් ගොඩනගා ගත යුතුවේ. දිගු කාලයේදී සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත දෑ අඩංගු සංක්ෂිප්ත ප්‍රකාශයකි නිෂ්ඨාව. සංවිධානයේ පුද්ගලයන්ට මග පෙන්වන අදෘෂ්‍යමාන හස්තයකි නිෂ්ඨාව. ආයතනයේ දෘෂ්ඨිය තව දුරටත් පුළුල් ලෙස පැහැදිලි කිරිමක් නිෂ්ඨාව මගින් සිදුවේ. ලෝකයේ සුප්‍රසිද්ධ ඡායා පිටපත් යන්ත්‍ර ආයතනයක් වන Xerox සමාගමේ නිෂ්ඨා ප්‍රකාශනය මීට නිදසුනක් ලෙස දැක්විය හැකිය.


“සිරෝක්ස් සමාගම කරනුයේ හුදෙක් චායා පිටපත් යන්ත්‍ර නිපදවීමක් නොවේ.එහි නිෂ්ඨාව වනුයේ,උසස් තත්ත්වයේ ක්‍රමානුකූලව වු ලියකියවිලි කළමනාකරණයක් නිර්මාණය කිරිම තුලින් ව්‍යාපාරවල ඵලදායකත්වය ඉහළ නැංවීමට උදවු කිරිමයි.,


Xerox Company Mission
“Xerox does more than simply make copiers. Its Mission is to make business more productivity by helping to create better system wide document management”


ඉලක්ක Goals


නිෂ්ඨාව තවදුරටත් පැහැදිලි කිරිමක් ඉලක්ක මගින් සිදුවේ. ආයතනයේ දිගුකාලීන දෘෂිඨියත් ඒ අනුව ප්‍රකාශිත නිෂ්ටාවත් තවදුරටත් ඉලක්ක මගින් විස්තර කෙරේ. ඒ අනුව ආයතනයේ විවිධ අංශ සදහා ඉලක්ක ස්ථාපිත කරගත හැකිය. සම්පත්, ළුලදායිතාව, ලාභදායකත්වය, සමාජ වගකීම් යනාදි කේෂ්ත්‍ර සම්බන්ධව ඉලක්ක ස්ථාපිත කෙරේ. ඉලක්ක බොහෝ විට ප්‍රමාණාත්මකව (Quantitative) ප්‍රකාශ නොකරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017